උණුසුම් පුවත්

ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින්සෞඛ්‍ය හෙට (2021/11/17) ලෙඩ වෙන බව කැදවුම්කරු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලන.රවි කුමුදේශ් කියයි

Spread the love

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්තනෝමතික හැසිරීමට එරෙහිව සහ ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් හෙට (2021/11/17), සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දැවැන්ත විරෝධතාවයක්  පැවැත්වීමට තීරණය කොට ඇත.
අය වැය මගින් හෙද පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය උපාධිධාරීන් ගේ වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම, එම සේවාවන්ගේ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කල රණුක්ගේ කමිටු වාර්තාව ඉවත් නොකරමින්, තවදුරටත් නිවැරදි කල නොහැකි වැටුප් විෂමතා අර්බුදයකට එම සේවාවන් ඇද දැමීම යන කරුණු මූලික කර ගනිමින් හෙට දහවල් 12ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී දැවැන්ත විරෝධතාවයක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කොට ඇත.
සියළු සෞඛ්‍ය ආරක්ෂණ විධික්‍රම භාවිත කරමින් මෙම විරෝධතාවය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, විරෝධතා මර්ධනය සදහා අටවන ලද ඊනියා සෞඛ්‍ය නීති භාවිතා කොට එම විරෝධතාවය මර්ධනය කිරීමට කවුරුන් හෝ උත්සාහ දරණු.ලබන්නේ නම්, ඒ මොහොතේ සිට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ 50000ක් පමණ සේවයෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බවද දැණුම් දෙමු.

මෙම විරෝධතාවය සදහා සාධාරණ විසදුම් නොලැබෙන්නේ නම්, 2021.11. 24 දින සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විශමතාවය ඇතුළු පහත ප්‍රධාන ඉල්ලීම් සදහා විසදුම් ලබාදෙන තුරු මෙම වර්ජන ක්‍රියාමාර්ගය හා විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට අප සම්මේළණය තීරණය කොට ඇත.

1. වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය වහා නිවැරදි කිරීම
2. හෙද, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සදහා පිළගත් වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම
3. වෛද්‍ය පරිපාළණයකට සීමා වී අති “සෞඛ්‍ය කළ කළමනාකරණය” සෞඛ්‍ය පරිපාළණ සේවාවක් බවට පත් කිරීම.
4. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාල DAT දීමනාව වහා ලබා දීම
5. අමතර දීමනා සදහා සමාන ප්‍රතිපත්තියක් සැකසීම


Spread the love

Leave a Comment

You may also like