උණුසුම් පුවත්

සජබේ ආණ්ඩුව හොල්ලයි – පොලිස්පති මාර්ග බාධක යොදයි.

Spread the love

සමඟි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අද 16 කොළඹට ශ්‍රි ලංකාව පුරාම සිටින ජනතාව ගෙනවා උද්ගෝෂණයක් සංවිධානය කොට ඇත.

මේ වනවිට සජබේ හිටපු ඇමතිවරුන් සමඟ වර්තමාන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුටද දැඩිඋවමනාවක් ඇතිව තිබෙන්නේ ගෝඨාභය ආණ්ඩුව පලවා හැරීමටය. කෙසේ වෙතත් ආණ්ඩුව පෙරේදා නිකුත්කල නිරෝධායන ගැසට් පත්‍රයට පවා අභියෝග කරමින් රටේ ජනතාවට ජීවත් වීමට බැරි පොහොර ප්‍රශ්ණය, ජීවන වියදම, ඉන්දන ,බෙහෙත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල අධික මිල ඉහල යාම හා එම භාණ්ඩ තම හිතවත් ව්‍යාපාරිකයන් අතර පමණක් බෙදා හැරීම යන කරුණු වලට එරෙහිව මෙම ජනතා උද්ගෝෂණය සංවිධානය කොට ඇත.

මේ ලියන මොහොතේදි අපහට ඉතාමවැදගත් තොරතුරක් ලැබී ඇත. ඒ  ඊයේ ඉහල පොලිස් නිලධාරින් කැදවා සරත් වීරසේකර ඇමතිවරයා කියා ඇත්තේ

“පොලිස් වසමින් වසමට මාර්ගබාධක දාන්න බැරිනම් ලීඩස්ලව ඇතුලට දාන්න මම කොල්ලෝ ටිකක් දාල කචල් එක ලැස්තිකරනවා ඔයාලා උන්ව අල්ලලා දාන්න . …”යනුවෙන්

හරක් -වීරසේකර විසින් පොලිස්පති හා ඉහල පොලිස් නිලධාරින් ගේ සාකඡ්චාවේදි පවසා ඇත. ඒ අනුව සජබේ උද්ගෝෂ්ණයට සිවිල් ඇදගත් නාවික සෙබළුන් දඹුල්ල, හා අනිකුත් කදවුරුවලින් කැදවා ඇත, ඒ අනුව කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරෙන් මේ වනවිට වරාය පොලිසිය අසලට සිවිල් ඇදමින් සැරසුන සෙබළුන් ගෙනවිත් ඇති බව ද අප වෙතට වාර්තාවී ඇත.

එසේම පසු ගිය දා සහකාර පොලිස් අධිකාරි නිලයට උසස් කල පොලිස් නිලධාරින් සමග කොළඹ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට වාර්තා කිරීමට පොලිස් නිලධාරින් 800 කට ආසන්න ගනනක් විශේෂ රාජකාරි ලෙසට කැදවා ඇත. මෙයින් පෙනියන්නේ රාජපක්ෂලා රටේ ජනතාවට වංචා කොට බොරු කියා ලබාගත් ආණ්ඩුව දැන් අතේ රෝලක් වී ඇති නිසාම ආණ්ඩුව ගෙදර යැවීමේ වෙඩි මුරය අද පත්තුකල හැකි බවයි.

“කුමණ බාධක කරදර පැමිණියත් අපිව හිරේ විලංගුවේ දැම්මත් වෙඩිතබා මැරුවත් රටේ ජනතාව වෙනුවෙන් ඒ සියල්ලම විදීමට තමා සුදානම්…” බව හිටපු සෞඛ්‍ය ඇමති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අප හා පැවසීය.

ඒ ආකාරයටම මේ වනවිට රටේ සිවු කොනින් වැලනොකඩි ජනතාව පාරට බැස එන බවට අපිට තොරතුරු ලැබී ඇත. මෙම සජබේ උද්ගෝෂණය ආණ්ඩුව දෙදරීවීමට හැකි ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සංවිධායක මංඩලය සුදානම් කොට ඇති බවත් දැන ගැනීමට ඇත.

මේවන විට පොලිසිය විසින් උද්ගෝෂණය නතර කිරීමට කොළඹ ,ගල්කිස්ස යන අධිකරණ වලින් වාරණ නියෝග ඉල්ලා සිටියත් ඒවා ලබාදි නැත තවත් සමහරක් අධිකරණ එම ඉල්ලීම ලබාදී ඇත.


Spread the love

Leave a Comment

You may also like