පසුගියදා අත්අඩංගුවට පත් දෙමටගොඩ කුඩු රුවන් ගේ පිළිබඳ තොරතුරු අප විසින් පසුගියදා වාර්තා කෙරිණි.ඒ සමගම ඔහුගේ පැටිකිරිය ගැන බොහෝ තොරතුරු පොලීසිය වෙතින්ම අපට ලැබී තිබේ.ඒ තොරතුරු අතරින් වැදගත්ම දේ වන්නේ කුඩු රුවන්ගේ මචං මිතුරෙකු වූ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා ගැන අපට දැනගැන්මට ලැබුන තොරතුරුය.කුඩු රුවන් හා බඩ බැඳ ගත් යාළු මිත්තර කමක් පවත්වාගෙන ගිය මේ පොලිස් ලොක්කා පොලිස් සේවාවේ බොහෝ දෙනෙකු හඳුනන්නේ චුන්ද සූකර ලෙසය.ඌරු මස් වලට ඉතා කැමති මොහු පොලිස් සේවාව තුළ බරපතල දූෂණ චෝදනා රාශියක් ඇත්තෙකි.රජිත දමින්ද නම් මෙම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා අග්‍රාමාත්‍ය වරයා ගේ ආරක්ෂක කටයුතු බාරව සිට දැනට දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරියෙහි යෙදී සිටී.
කුඩු රුවන්ගේ හොරොයින් විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට ඇතැම් අවස්තාවලදී මෙම පොලිස් ලොක්කා ගේ නිල රථය යොදා ගෙන ඇති බවරහස් පොලීසිය මගින් සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ කුඩු රුවන්ගේ දුරකතන ඇමතුම් පරික්ෂාවේදී ඒ බව හෙළිවී ඇති අතරමේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කුඩු රුවන් සමග සමාජශාලා වල ගැවසෙන අයෙකු ලෙසටද ප්‍රසිද්ධය.ඉන්දියාවේ බලපෑම මත අත්අඩංගුවට ගත් කුඩු රුවන් ගේ හෙරොයින් ජාවාරම ගැන මෙරට පොලීසිය බොහෝ කරුණු අනාවරණය කර ගත්තද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන නෙවිල් වන්නිආරච්චි පොලිස්පති වරයාට දැනුම් දී ඇත්තේ කුඩු රුවන්ට මුදල් විශුද්ධිකරණ චෝදනා පමනක් ගොනු කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.අද මෙරට පොලිස්පති වරයා ලෙස කටයුතු කරන්නේ මෙම නෙවිල් වන්නිආරච්චි බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවැසේ.පසුගියදා මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිණිය ලෙස උසස් වීම් ලද තැනැත්තිය මේ නෙවිල් වන්නිආරච්චිගේ අනියම් සුරතලිය බව දන්නෝ දනිති.මෙරට සියළු ප්‍රදේශවල නීති විරෝධී පස් හා වැලි ජාවාරම් මෙහෙයවන්නේ මෙම නෙවිල් වන්නිආරච්චි වේ.මෙි වන විට ඔහු සතුව සය රෝද කැන්ටර් වර්ගයේ රථ පන්සියයක් පමන තිබෙන බව අනාවරණය වී ඇත.කෙසේවෙතත් කුඩු රුවන්ට පොලීසියේ උසස් නිළධාරීන් විශාල පිරිසකගෙන් රැකවරණය ලැබෙමින් පවතී.ඔහු බන්ධනාගාර ගත නොකෙරන ආකාරයට කටයුතු කරන ලෙසට මෙම පොලිස් නිළධාරීන්ගෙන් ඔහුගේ හෙරොයින් ජාවාරම ගැන පරිික්ෂණ කටයුතු කරන නිළධාරීන්ට දිගින් දිගටම බලපෑම් ඇති වෙමින් පවතින බවටද වාර්තා වේ.කෙසේවෙතත් ඉහළ පොලිස් නිළධාරියෙක් ලංකා දවසට ප්‍රකාශ කරන ලද්දේ කුඩු රුවන් සතුව පවතින සැබෑ වත්කම් අනාවරණය කර ගැනීමට පොලීසියට ක්‍රියා කොට ඔහුගේ හිමිකාරිත්වය යටතේ තිබෙන කෝටි ගනන් වටිනා ගොඩනැගිලි,ඉඩකඩම්, රත්තරන්, වාහන රාජසන්තක කිරීමට කටයුතු කළ හොත් මෙරට ආර්ථික අර්බුදයට පවා එය යම් විසඳුමක් වනු ඇති බවය.එහෙත් ඉහළ දේශපාලනික මැදිහත් වීම් නිසා ඉදිරියේදී එයට බාධා පැමිනෙනු ඇති බවද ඔහු පවසන ලදී.කුඩු රුවන් සතුව තිබී මේ වන විට ලක්ෂ හත්සීයක් වටිනා රේන්ජ් රෝවර් රථයක්,ලක්ෂ තුන්සීයක් වටිනා ලෑන්ඩ් කෘෂර් රථයක්,ලක්ෂ තුන්සිය තිහක්වටිනා බීඑම්ඩබ්ලිව් කාරයක් හා ලක්ෂ හාරසිය අසූවක් වටිනා බීඑම්ඩබ්ලිව් අයි 8රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.ඒ අතර රත්තරන් කිලෝ ග්‍රෑමි එකාමාරකට ආසන්න ප්‍රමාණයක්ද වේ.දැනට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති තොරතුරු අනුව පොලිස් ලොක්කන් බොහොමයකගේ දුක් ගන්නා රාළ වී ඇත්තේ මේ කුඩු රුවන්ය. ඒ අතරම ඔහු හා රාජපක්ෂ පවුල අතරද ඉතා කිට්ටු හා සමීපතම සම්බන්ධතාවක් පැවැති බවටද දැන ගැන්මට තිබේ.කුඩු රුවන් අත් අඩංගුවට පත් වූයේ ඉන්දියාවේ බලපෑම නිසාය.එහෙත් හෙට අනිද්දා වෙන විට කුඩු රුවන් ඉතා ගුණ යහපත් උපාසකයකු ලෙස අළුත්කඩේ තීන්දුවෙන් කියවෙන්නට ඉඩ ඇති බව නම් අපට විශ්වාසය.ඒ තරමටම මෙරට පොලීසියේ හා අධිකරණයේ කෙරුවාව පජාතය.අසික්කිතය.