2015 ට පෙර සේවක අර්ථ සාධක අරමුදල බේරා ගැනීමට අහිංසකයෙකුට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුයේ එදා මහින්ද අයියා ගේ කාලයේය . අද බැසිල් මල්ලී ගෝඨාභය අයියා ගේ ආණ්ඩුවේ මුදල් ඇමතිය. ඒ මල්ලී අයියා ගේ මුදල් ඇමති වී දැන් සුදානම් වෙන්නේ රටේ රාජ්‍ය සේවකයා ගේ බඩට කෙලීමටය.
ඒ වසර 55 න් හෝ 60 විශ්‍රාම ගන්න පුද්ගලයන්ට දැන් දීමට ආණ්ඩුවට සල්ලි නැති නිසා අමුතුම ආලවන්ත කමක් මැදමුලන බැසිල් මල්ලීට පහල වෙලාය. මේ ගිනි ගෙඩිය ඔළුවේ ගැසුවේ අජිත් නිවාඩ් කබ් රාල්ය. විශ්‍රාමික වයස 65 වීමට මොවුන් තවත් අපුරු වාර්තා දෙකක් කැදවලාය මහබැංකුවම කියන පරිදි පුද්ගල ආයු කාලය වසර 60 ක් දක්වා ලංකාවේ මිනිසුන් ගේ අඩුවෙලාය. ඒ එක වාර්තාවකි. අනික වයස 60 ට හෝ 55 න් තම කැමැත්තෙන් විශ්‍රාම ගියත් පාරිපෙෂිත සියල්ලම ගෙවන්නේ මින් ඉදිරියට වසර 65 දීය 60 හෝ 55 විශ්‍රාම ගොස් විශ්‍රාම වැටුප් නැතිව ඌට මැරෙනවා හැර වෙනත් කිසිවක් ඉතිරිව නැත.
රටේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම රටේ ජනතාවට ආදරේට නොකල බව අපි ඉතාම වගකීමෙන් සදහන් කරන්නෙමු. ආසියාතික රටවල් බොහෝසෙයින් සුභ සාධක රාජ්‍යක කාර්යය ඉසිලීම කිසි සේත් බැහැර කල නොහැකිය. එම රටවල් බොහෝ සෙයින් රාජ්‍ය මුල් කොට ගෙන සියල්ල සිදු විය යුතු යැයි රටේ ජනතාව තුල මුල් බැසගත් අදහස් ශණිකව උගුල්ලා දැමීමට නොහැකිය. ඊට ජනතාව හේතු ලෙසට දකින්නේ පුද්ගලික අංශය ලාභයම ඉලක්ක කොට සියල්ලම සිදු කලත් රාජ්‍ය අංශය ලාභය මත පදනම්ව ක්‍රියා නොකරන බවට ජනතාව තුල දැඩි විශ්වාසයක් ගොඩ් නැගී ඇත.
ඒත් අපේ රටේ රාජ්‍ය සේවකයා යනු අසාමාන්‍ය අන්ත අසරණ හිඟන්නන් ගේ තත්වයට වැටී ඇත. තම සොච්චම් පඩියෙන් ආදරණීය දරුවන් නඩත්තු කොට ජීවිතයේ අවසානයට ඉන්න පැලක් සාදා ගැනීමට නොහැකි රාජ්‍ය සේවකයන් අද සිය මහපාරේ මැරි යනු ඇත.
මේ බැසිල් සිදුකල විනාශයේ ඵල ලබන්නේ තවත් පරම්පරාවකි. මේ විශ්‍රාම ගැන්ම 65 මත තිබීමෙන් රටේ විරකියාව තවත් 20% වඩා වැඩි වෙන බව සහතිකය. ඒ වසරකට මෙරට ශ්‍රම බලකායට එකතුවෙන් පුද්ගලයන්ට ඇත්තේ උදේ සිට බකන් නිලාගෙන පාරවල් ගානේ නිකමුන් බිහිකිරීමටය. මැදමුලන මැලේ ජාතික රාජපක්ෂලා ගේ සනුහරේම දැන් සුපිරි ධනවතුන්ය. ඒ ධනවතුන්ට මේ කිසිවක් බල නොපානනේ එකදු පුද්ගලයෙක්වත් මේ ආකාරයේ පීඩිත පංතියේ දිවි ගෙවන් නැති නිසාය.
බැසිල් ගේ මේ ක්‍රියාව තුලින් ශ්‍රි ලංකා සන්නද්ධ හමුදාවට හා පොලිසියට ඉතාම අහිතකර තත්වයක් බලපානුයේ අරුම පුදුම ලෙසටය. පොලිස්පති නිලයට වසර 50 දි යමෙකු පත් වුවහොත් ඔහු තවත් වසර 15ක් පොලිස්පති නිලයේ හෝ ත්‍රිවිද හමුදාවේ හමුදාපති ලෙසට සිටිනු ඇත. මේය රටක නොවිය යුතුම දෙයකි. ඉන් සිදුවන්නේ සමස්ථ පොලිස්සේවාව හා ත්‍රිවිද හමුදාවම කඩා වැටීමකි.
කෙසේ වුවත් රටේ ජනතාව මීට විරුද්ධව පෙල ගැසිය යුතුමය මින් අනාගත තරුණ පරම්පරාවක් නන්නත්තාර වී රාජපක්ෂලාගේ වහළුන්ම බවට පත්වෙනු නිසක්කය.