ත්‍රීමලය දිස්ත්‍රික්කයේ කින්නියා කුරුඥ්ඥංකේනා ප්‍රදේශයේ (23)උදෑසන පාරුවක් පෙරලීමෙන් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තිබේ.මියගිය පිරිස අතර වයස අවුරුදු හැත්තෑවක පිරිමි පුද්ගලයෙකුද එකම පවුලේ වයස අවුරුදු තිහක මවක අවුරුදු පහක පුතෙකු සහ අවුරුදුතුනහමාරක දියණියකද වේ.එමෙන්ම තවත් එකම පවුලක වැඩිමහල් සහෝදරිය සහ බාල සහෝදරිය මිය ගොස් තිබේ.මෙම අනතුරින් තුවාල ලද විසි දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.රෝහල් ගත කරන ලද අයවළුන් අතර ගැහැණු ළමුන් පස් දෙනෙකු හා පිරිමි ළමුන් පස් දෙනෙකුද වැඩිහිටි පිරිමි පුද්ගලයන් හතරදෙනෙකුද කාන්තාවන් හතරදෙනෙකුද සිටී.මෙම අනතුර සිදුවූ කලපුව හරහා පාලමක් තිබූ බවත් එය මීට අවුරුදු හයකට පෙර කැඩී ඇති බවත් අපට දැන ගැන්මට ලැබී තිබේ.එතැන් සිට ප්‍රදේශවාසීන් කලපුවෙන් එගොඩ වීමටපාලම් පාරුව භාවිතා කර ඇති බව පැවැසේ. මෙම අනතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් කින්නියාහි පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් තවුෆික්ගේ නිවසට පහර දී ඇත.එම ප්‍රදේශයේ පදිංචිකරුවකු අප සමග මෙි ඛේදවාචකය ගැන මෙසේ පැවසීය.“..තවුෆික් පුංචිනිළමේ මහරුෆ් වගේ මේ පැත්තෙ ඉන්න දේශපාලඥයන්ට තිබුණ කුලප්පුව තමා ඇවිදින මංතීරු හදන එක.ඒ කුලප්පුව මේ අහිංසක පොඩි ඈයොන්ට කලපුවෙන් ආරක්ෂිතව එගොඩ වන විදියක් ගැනත් තිබුන නම් මේ අනතුර සිද්ධ නොවෙන්න තිබුණා..මේ විදියට මිනිසුන් අන්තරාය කාරී විදියට ගමන් කරන එකම තැන කින්නියා විතරක් නොවෙයි.රටේ බොහෝ ප්‍රදේශවල මෙවැනි අන්තරාය කාරී ස්ථාන තියෙනව.ඒත් බලයේ ඉන්න දේශපාලඥයො ඒ ගැන හොයල බලන්නෑ .ඔවුන් සංදර්ශන වැඩ වලට තමා මහජන මුදල් යොදවන්නෙ .මේ වගේ අනතුරක් වුනාම වගකීමක් ගන්න කිසි කෙනෙක් නෑ.එකිනෙකා එක එකාට ඇඟිල්ල දික් කරල චෝදනා කරගන්න එක විතරයි කරන්නෙ.ඔහු ප්‍රකාශ කරන්නේ සත්‍යයයි.මෙරට ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්ණ වලට විසදුම් දෙනවාට වඩා බලයේ සිටින දේශපාලඥයන් ගේ කැමැත්ත ඇත්තේ මහා පරිමානයෙන් දියත් කරන ව්‍යාපෘති වලටය.විශේෂයෙන් රාජපක්ෂ පවුල විසින් මෙරට නිම කළ යෝද ව්‍යාපෘති ප්‍රචාරාත්මකව මෙරට ජනතාව වශී කරන ලද්දේ වුවද තඹ දොයිතුවක වටිනාකමක් නැති සුදු අලියන් බව දැන් තහවුරු වී තිබේ.මෙහිදී බේරේ වැව අසල රුපියල් බිලියන දහසයක් වැය කරමින් ඉඳි කරන ලද නෙළුම් කුළුණ මෙරට ආර්ථිකයට විශාල ණය බරක් වී ඇත.මහජන චීන සමූහ ආණ්ඩුවේ එක්සිට් බැංකුවෙන් රුපියල් බිලියන දෙළහක ණය මුදලක් රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබා ගෙන ඇති අතර ඉතිරි රුපියල් බිලියන දොළහ යොදවා ඇත්තේ විදුලි සංදේශ කොමිෂම මගිනි.චීන බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ වාරිකය වසරකට කෝටි 240කි.මෙම නෙළුම් කුළුණ ඉඳි කරන විට රාජපක්ෂවාදීන් විසින් ගායනා කරන ලද ගී සින්දු හුදු හිස් ප්‍රලාප බව තේරුම් ගත හැක්කේ මෙම නෙළුම් කුළුන වැඩකට ඇති දෙයක් නොවන නිසාය.නමුත් මෙම ව්‍යාපෘතියෙන් රාජපක්ෂ වරුන්ගේ හා ඔවුනගේ කූට්ටාලි ජාවාරම් කරුවන් ගේ බැංකු ගිනුම් පොහොසත් වූ බව නම් නිසැකය.මේ කුළුණේ රහ වැටුන රාජපක්ෂ වරු රත්නපුරයේද රුපියල් ලක්ෂ අටදහසක් වියදම් කොට මැනික් කුළුණක් හදන්නට සැළසුමි කර තිබෙි.එහෙත් අවිස්සාවේල්ලෙන් නැවතී ඇති දුම්රිය මාර්ගය රත්නපුරයට දීර්ඝ කොට තැනීමේ අදහසක් රාජපක්ෂ වරුන්ට නැත.එවැනි ජනතා අවශ්‍යතාවක් ගැන ඔවුන් කවදාවත් සිතන්නේවත් නැත.සෝබනකාර ව්‍යාපෘතියක් අරඹා ජනතාවගේ ඇස් වසා කුට්ටියක් ගසා කෑම තක්කඩි රාජපක්ෂ වරුන්ගේ ජානගත පුරුද්දය.හමිබන්තොට වරාය මත්තල ගුවන් තොටුපොල ආදිය මේ කාලකණ්නියන් රට උකසට තබා ගාන කපා ගත් කිසි වැඩකට නැති ඉඳිකිරීම්ය.රට ඇවිදින මං තීරු හදන්නේද ජනතාවට ඇති ආදරය නිසා නොවේ.ඒ තමන් වටා රොද බැඳ සිටින ජාවාරම්කාර කටු සූප්පුවන්ට කීයක් හෝ හොයා ගැනීමට ඉඩ දීම සඳහාය. ඒ කටු සූප්පුවන් රාජපක්ෂ වරුන්ගේ දේශපාලන බලය ආරක්ෂා කිරීමට කැප වන්නේ තමන් අතට ලැබෙන මේ තුට්ටු දෙක නිසාය.පෙබරවාරි මාසය වන විට මෙරට ණය වාරික බර ඩොලර් බිලියන හතකට ආසන්නය.මෙය ගෙවා දමන්නට නොහැකි වුව හොත් මෙරට ආර්ථිකය සුනේ සුන්ය.ඒ අතරම පොහොර නැතිකමින් මහ කන්නය වඳ පීදී මෙරට ආහාර හිඟයක් පැතිරෙන බව නිසැකය.රාජපක්ෂ කාලකණ්නියන් මෙරට ජනතාවගේ දුක් වේදනාවන් ගැන කිසිදු තැකීමක් නොකරයි.ඔවුන් ක්‍රිකට් ගසති.පාපන්දු උත්සව තියති.කාර් රේස් පදිති.ඔවුන් කොල්ල කා ගත් මහජන මුදල් උගන්ඩාව වැනි විදේශ රටවල ආයෝජන ලෙස යොදවා තිබේ.මේ නොසන්ඩාල කාලකණ්නියන් මෙරටින් පන්නා දමන තුරු කින්නියා ඛෙිදවාචකය වැනි මහා කණගාටුදායක සිදුවීම් අපට අසන්නට ලැබෙනු ඇත.