උණුසුම් පුවත්

රාජ්‍ය සේවකයෙකු වු   ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට රාජ්‍ය සේවයේ සිටියදීම තවත් රැකියාවක් කිරීමට නොහැකි බව වත් නොදන්න ගොබ්බයෙක් ද …? ( ජංගි ඇමති දේශබන්දුවෙනුවට පෙරට )

Spread the love

මේවනවිටබස්නාහිර දකුණ දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් 16/08/2021 දින සිට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක ලෙසට පත් කර ඇති බව ලිඛිතවම අපවෙතට වාර්තාවී ඇත.

එම තනතුර වෙනුවෙන් දේශ බන්දුට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් 1,50,000.00 වැටුපක් ද ගෙවමින් ඇත.  රජයේ සේවකයෙකු වන දේශ බන්දුට රටේ ජනතාව ගේ බදු මුදලින් රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න වැටුපක් හා අනිකුත් දීමනා ගෙවමින් ඇත. එසේම රාජකාරි නිලවාහනයක් අසීමිත ඉන්දන ,නිල නිවසක් හා පොලිස් පොලිස් ආරක්ෂාවක් ඊට අමතරව රියදුරන් දෙදෙනෙකු ද අංග සම්පුර්ණ කාර්යාලයක්ද,  ලබාදී ඇත.

එසේ තිබියදි තමා රජයේ සේවකයෙකු බව දැන ,දැනම නිතියානුකූලව රැකියාවෙන් ඉවත් නොවි තවත් පුද්ගලික ආයතනයක් වු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක තනතුරක රැකියාවක් කිරීම, හා ඒවනි රැකියාවක් කිරීම ආයතන සංග්‍රහයට අනුව බරපතල විෂමාචාර ක්‍රියාවකි. තම දරුවාට අමතර පංතියේ මුදල් ගෙවීමට ත්‍රිවිල් රථයක් එලවු අහිංසක පොලිස් නිලධාරින් කිදෙනෙකුට රැකියාව අහිමිකර තිබේද ……….?

එම පොලිස් කොස්තාපල් වරුන්ට ඒ ආකාරයේ රැකියා දෙකක් කිරීමට නොහැකි බව ආයතන සංග්‍රහයේ ඇත්නම් දේශ බන්දු තෙන්නකෝන්ලාට රාජපක්ෂලා වෙනත් ආයතන සංග්‍රහයක් සකස් කොට දී තිබෙනවාදැයි අපි නොදනිමු.

ඒත් රටේ පවතින නිතියට අනුව කිසිසේත් එසේ කල නොහැකි බව අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු. මේ පිලිබදව රටේ ගොබ්බ පොලිස්පතිවරයා රටේ ජනතාවට පැහැදිලි කිරීමක් කලයුතුය, එසේ නොමත නම්දේශබන්දුතෙන්නකෝන්ලා සේවයෙන් පහකල යුතුය. එසේ නැති නම් තමා සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත් විය යුතුය, රටේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වැනි නිලයක් හොබවන්නෙකු මෙවනි වංචනික ක්‍රියාවක් සිදු කරන්නේ නම්,  ඒරටේ නිතිය හා සදාචාරය, සාමය පවතින්නේ සරත් වීරසේකරගේ ජංගි අමාත්‍යංශය තුලම පමණි.මේ පිලිබදව හරීන් ප්‍රනාන්දු මංත්‍රිවරයා අද පාර්ලිමේන්තුවේදීද පැවසීය.


Spread the love

Leave a Comment

You may also like