නසී තත්වයකය.පොදු ජන පෙරමුණු ආණ්ඩුව ගැලවී වැටෙන්නට හෙලවෙන දතක් වාගේය.මිල්ටෙරි නන්දසේන බලයට පත්වීමත් සමග පඩ ෂෝ දැමූ පැන්ෂන් මේජර් ජනරාල්ලා කුජීත වී හමාරය.මේ ජනරාල්ලා දැන් ඉන්නවාද නැද්ද යන්න හොයාගන්න බැරි තරමට නිහඬය.පැන්ෂන් ජනරාල්ලා ගේ ගොන් හයිරන් පාට් වලින් මෙරට සමාජය බියවද්දන්ට නොහැකි බව මිල්ටෙරි නන්දසේන තේරුම් ගෙන ඇතැයි අපි සිතමු.මිල්ටෙරි නන්දසේන දැන් අළුත් තුරුම්පුවක් පිටියට දමා තිබේ.ඒ පොදු ජන පෙරමුණු රජය පිහිටුවීමට පෙරමුණ ගත් නොසන්ඩාල චීවරධාරීන් යොදවා ගනිමින් සමාජය තුල සිංහල ජාතිකත්වය ඇවිස්සීමය.
එහෙත් මේ වතාවේ දේශප්‍රේමිත්වය කිති කවා මෙරට සමාජය හසුරුවන්නට සිතා සිටී නම් ඒ බූරුවා ගැහිල්ලට මේ වතාවේ ඉඩක් නැති බව නම් ලියා තැබිය යුතුමය.හෙට අනිද්දා වන විට රටේ ජනතාව ඔය නොසන්ඩාල චීවරධාරීන් ගේ චීවරය ගලවා පස්සා පැත්තේ තාර ගාන්නට බැරි නැත.ජනතාව සිටින්නේ රාජපක්ෂ පවුල පිළිබඳව ඒ තරමට කේන්තියෙනි.
පොදු ජන පෙරමුණු රජය පිහිටුවීමට විශාල දායකත්වයක් සැපයුන පාස්කු බෝම්බ ප්‍රහාරය මිල්ටෙරි නන්දසේන හා ඔහුගේ ඔඩොක්කු කුක්කන් වූ මිල්ටෙරි කාරයන් රංචුවකගේ සැලසුමක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ.මේ මෙලේච්ඡ ප්‍රහාරය මිල්ටෙරි නන්දසේන ගේ නින්දිත අමානුෂික සාහසික බව සනාථ කරවන්නකි.
පළමු සැලැස්ම…….
පාස්කු ප්‍රහාරයේ සැලසුමට පදනම සකසා ගැනීම සඳහා මිලිටෙරි නන්දසේන මිනීමරු කල්ලිය ප්‍රථමයෙන් සිදු කරන ලද්දේ යහපාලන රජයේ අගමැති රනිල් හා ජනපති මෛත්‍රීපාල අතර පැවැති සහ සම්බන්ධය පළුදු කිරීමය.ඒ සඳහා ජනපති මෛත්‍රීපාල හා මිල්ටෙරිි නන්දසේන ඝාතන කුමන්ත්‍රණයක් නිර්මාණය කරන ලදී.
මෙම ඝාතන කුමන්ත්‍රණය සත්‍ය බවට සමාජය තුළ ප්‍රබල මතයක් ගොඩ නැගීමට රාජපක්ෂවාදී ජනමාධ්‍ය දැඩි උත්සාහයක යෙදුනි.
මේ ප්‍රචාරාත්මක බිය වැද්දීම හරහා අගමැති රනිල් වික්‍රමසිංහ සමග තවදුරටත් ආණ්ඩු කරණයේ යෙදුනහොත් ජනපතිවරයාට ඝාතනයේ ගොදුරක් විය හැකි බවට ඔහුගේ සිත තුළ භීතිය ඇති කරවමිනි.මේ සැලසුම ක්‍රියාත්මක කරන ලද්දේ බුද්ධි අංශයෙන් වැටුප් ලැබූ නාමල් කුමාර යොදා ගනිමිනි.සැබවින්ම මොහු සමාජ වේදිකාවට ගොඩ වන්නේ දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ වරයා ලෙස හදුන්වාගැනීමෙනි.දූෂණයට එරෙහි බලකායක් පිහිටුවා එහි අධ්‍යක්ෂ වූ නාමල් කුමාර යුද හමුදාවට බැඳී එහි සේවය කරන අතරතුර පලා ගොස් ගුවන් හමුදා සේවයට එක්ව ඉන් ද පලා ගිය තක්කඩියෙකි.
ආරක්ෂක හමුදා සේවයට එක්වීම සඳහා ඔහු යොදා ගෙන තිබූ අධ්‍යාපන සහතික පවා ව්‍යාජ සහතික බව රහස් පොලීසිය සොයා ගත් අතර ඔහු මෙහෙයවන ලද්දේ ජාත්‍යන්තර අවි ජාවාරම්කාරයකු වූ ඇවන්ගාඩි සේනාධිපති බවද වැඩිදුරටත් මෙම පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබුණි.කෙසේ වෙතත් මෙම නාමල් කුමාර නාඩගමේ අවසන් ප්‍රතිඵිලය වූයේ අගමැති හා ජනපති අතර බරපතල විරසකයක් ඇති වීමය.රාජපක්ෂවරුන්ගේ පළමු සැලැස්ම එසේ සාර්ථක වීමෙන් පසු දෙවන සැළසුම සඳහා සියල්ල සූදානම් කෙරිණි.
දෙවන සැළසුම වූයේ පාස්කු ප්‍රහාරයයි…….
දෙවන සැළසුම වූයේ පාස්කු ප්‍රහාරයයි. පාස්කු ප්‍රහාරය සඳහා තිරයෙන් පිටුපස
විශාල කාර්ය භාරයක් ඉටු කරන ලද්දේ ඇවන්ගාඩ් නිස්සංක සේනාධිපති බව අපි වගකීමෙන් සඳහන් කරමු.ඔහු යුද සමයේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සේවය කළ මේජර් වරයෙක් වන අතර උතුරු නැගෙනහිර යුද කළාපයේ සේවයේ නිරත වීමට ඇති බිය නිසා හමුදා සේවයෙන් ඉවත් වූ අයෙකි.
කමාන්ඩෝ රෙජිමෙන්තුවේ මේජර් වරයකු වශයෙන් බෝම්බ සැකසීම සම්බන්ධයෙන් ඔහු විශේෂ පුහුණුවක් ලබා තිබිණි.පාස්කු බෝම්බ ප්‍රහාරයට යොදා ගෙන තිබුණ පුපුරණ ද්‍රව්‍ය වූයේ ටීඒටීපී වේ.මෙය ඇසිටෝන් පැරසයිට් හා හයිඩ්‍රජන් පැරසයිට් එකතුව නිශ්පාදනය කරන දියර හා කුඩු ලෙසද භාවිතා කළ හැකිය.බොහෝ දුරටඑල්ටීටී ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝමබ ප්‍රහාර සඳහා යොදා ගත්තේ සී4 පුපූරණ ද්‍රව්‍යයයි.සහරාන් කල්ලියට බෝම්බ නිශ්පාදනය සඳහා ඇවන්ගාඩ් සේනාධිපති ගේ උපදෙස් ලැබුන බව නිසැකය.මේ ප්‍රහාර වලට යොදා ගත් බෝම්බ බෑගයක කිලෝ විස්සක විසි පහක පුපුරණ ද්‍රව්‍ය තිබූ බව පොලීසිය විශ්වාස කෙරේ.මේ බෝම්බ බහා තිබූ ගමන් මලු මිලයට ගෙන ඇත්තේ බත්තමුල්ලේ සුපිරි වෙළඳ සැළකිනි.
කෙසේවෙතත් මෙම බෝමිබ නිශ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වෙඩි ද්‍රව්‍ය පානදුර කෙසෙල්වත්ත පරත්ත පාරේ ෂෙරීප් මාවතේ පිහිටි නිවස වෙත ගෙන එන ලද්දේ ලොරි රථ දෙකකින් බව දැන් හෙළිවී ඇත.ගැලනිගම අධිවේගී පිවිසුමෙන් මෙම ලොරි රථ පිටව යාමට ප්‍රථම එහි සිටි පොලිස් නිළධාරියකු මේවා පරීක්ෂා කිරීමට සූදානම් වී තිබේ.ලොරි රථ සමග සුඛෝපභෝගී වාහනයකින් පැමිණි මේජර්වරයකු යැයි කියා ගන්නා තැනැත්තකු එයට ඉඩ දී නැත.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගෙන් ගැලනිගම පිවිසුමේ සිටි පොලිස් නිළධාරියාට දුරකතන ඇමතුමක් ලැබෙන්නේ ඉන් පසුවය.එය මෙම ලොරි රථ මුදා හරින ලෙසට කළ නියෝගයකි.
කිසිදු පරීක්ෂාවකින් තොරව එම ලොරි මුදා හැරෙන්නේ ඉන් පසුවය.බාධාවකින්
තොරව එම ලොරි රථ මුදා හැරීමට දේශබන්දු කළ උපකාරයට ඇවන්ගාඩි සේනාධිපතිගේ මුල්‍ය ප්‍රතිපාදනයන් ගෙන් ඔහුට මඩකලපුව මාළු මාළු හෝටලයේ සැප පහසුකම් සහිත කාමරයක දින ගණනාවක් සැප විඳින්නට අවස්ථාවක් සැලසුනි.අද මේ තොරතුරු ටික ටික මාධ්‍ය වෙත අනාවරණය වෙමින් තිබේ.මිල්ටෙරි නන්දසේන හා තක්කඩි රාජපක්ෂ පවුලේ වුන් හා උන් වටා සිටින ඇවන්ගාඩ් සේනාධිපති වැනි ජාවාරම්කාර රොත්ත මෙම තොරතුරු සමාජයට ඒම වලක්වාලීමට විවිධ උපාය උපක්‍රම යොදමින් සිටී.
බලය ලබා ගැනීමට පාස්කු ප්‍රහාරය වැනි අමුම අමු තිරිසන් ප්‍රහාරයක් සැළසුම් කළ මේ තිරිසනුන් සිතක් පපුවක් ඇත්තන් නොවේ.ඒ සිදුවීම යටපත් කිරීමට මෙි මිනීමරුවන් ඕනෑම මිලක් ගෙවන්නට සූදානමින් සිටින අතරම හා තව බිලි ගනනාවක් ගන්නට වුවද පුළුවන් කාරයෝ වේ.
එහෙත් ලේ සාගරයක ගිල්වා හෝ සත්‍යය යටපත් කරන්නට නොහැකි බව අපි මේ මෙලේච්ඡයන් වෙත කියමු………
කළුතර ප්‍රහාරය නතර කලේ “බොස් ද” …? අපේ මීළඟ හෙලි දරව්ව