ඉල්ලීම් 6ක් සදහා දීර්ග කාලයක් තිස්සේ විසදුම් ලබා නොදීම සහ සෞඛ්ය ලේකම් වරයා විසින් වෛද්ය නොවන සෞඛ්ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට එරෙහිව 2021. 11. 09 උදේ 7 සිට 2021. 11. 10 දින උදේ 7 දක්වා සංකේත වර්ජනයක් ක්රියත්මක කරන බව කණගාටුවෙන් දැනුම් දෙමු.
මෙම වර්ජනය සදහා පරිපූරක වෛද්ය සේවා ඇතුළු සෞඛ්ය සේවාවන් 15ක් සහභාගී වන අතර 50 000ක පමණ වෘත්තීයවේදීන් පිරිසක් ඊට සහභාගී වීමට නියමිතය. වෛද්ය රසායනාගාර විද්යාඥයින් , ඖෂධවේදීන්, විකිරණ විද්යා තාකෂණවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්ය වෘත්තිකයින්, මහජන සෞඛ්ය පරීක්ෂක, ඖෂධ සංයෝජක, පවුල් සෞඛ්ය නිළධාරීන් ඇතුළු සියළු අතුරු වෛද්ය සේවා නිළධාරීන් සහ හෙද වෘත්තිකයින් සහභාගී වෙන මෙම වර්ජනය සදහා වෘත්තීය සමිති 15ක් ඒකාබද්ද්ව කටයුතු කරයි.
මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ළමා රොහල් සහ කොවිඩ් රෝහල්හි මෙම වර්ජනය ක්රියාතමක නොවන අතර, හදිසි, අත්යාවශ්ය හා ජීවිත ආරක්ෂණ සේවා සැපයීමට විධිවිධාන සපයා ඇත.
අමාත්යමණ්ඩලය අනුමත කල මාණ්ඩලික සේවා චක්රලේඛය, 5/7 උසස්වීම් චක්රලේඛය මාස හතරක් තිස්සේ තවම නැහැ.
ඖෂධ මිල අහස උසට. අනවශ්ය වියදම් කරමි, අවශ්ය සේවාවන් කප්පාදුවක. සෞඛ්ය ලේකම්ගේ කළමනාකරණය අතිශය දුර්වලයි.
1. සෞඛ්ය පරිපාළණ සේවාව ස්ථාපිත කරණු
2. වෘත්තීමය උපාධිධාරීන්ගේ වැටුප් විෂමතාවය සහ සමාන්තර සේවා විෂමතාවය ඉවත් කරණු
3. මාණ්ඩලික සේවා චක්රලේඛය වහා නිකුත් කරණු
4. 5/7 උසස්වීම් චක්රලේඛය වහා නිකුත් කරණු
5. ඖෂධ මිල අඩු කරණු, කොමිස් සදහා අනවශ්ය
උපකරණ මිල දී ගැනීම, අනවශ්ය පරීක්ෂණ වියදම් පාළණය කරණු. සෞඛ්ය ණය වහා ගෙවා දමණු.
6. අඩු ආදායම්ලාභී පාසැල් දරුවන්ගේ සෞඛ්ය අවශ්යතා තහවුරු කරණු.