මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව දැන් හොඳටම චොර වෙලාය.පොදුජන පෙරමුණ රටේ ජනතාවට වහ කදුරුය.හරි විපක්ෂයක් තිබුණානමි මේ ආණ්ඩුව පන්නා දමා හමාරය. තවමත් මේ ආණ්ඩුව පිටියේ තනි අතේ
ගේමක් ගහමින් සිටින්නේ විපක්යේ දුබලතාව නිසාය.විපක්ෂය තැන තැනසිදු කරන හුදකලා විරෝධතාවලින් හා වොයිස් කට් වලින් ආණ්ඩුව පෙරළීමට සිහින දකින්නේනම් එය මොනිටසෝරි ළදරුවකු ලොකු මහත් වී දොස්තර ඉංජිනේරුවකු වෙනවා යැයි සිතන ආකාරයේ චූටි සිහිනයකි.මිල්ටෙරි නන්ද සේනගේ කෙරුවාව දැන් මුළු රටම තේරුම් ගෙන හමාරය.මේ උන්දෑ කරන කියන ඒවා මානසික ආබාධිතයකු කරන විකාර කෙරුවාන්ය.රටේ නීතිය තමන්ගේ කට වචනයැයි රාජ්‍ය නිළධාරින්ට තර්ජනය කළ මේ ගොබ්බ උන්දෑ මෑතක දිනක තමන්ට ඕනෑ නම් හමුදාව යොදාගෙන ආණ්ඩුව කර ගෙන යන්නට පුළුවන් යැයි තර්ජනාත්මකවප්රකාශ කරන ලදී.මිල්ටෙරි නන්දසේන ගේ මේ ප්‍රකාශ හයක් හතරක් නොතේරෙන කිරිිසප්පයෙකු ගේ හුරතල් තර්ජනයක් ලෙසද ,අප ඉහතින් සඳහන් කළ ආකාරයට මානසික ආබාධිතයෙක් ගේ කියුම් කෙරුම් ලෙසටද රටේ ජනතාව සළකන බව සයිබරයේ පියාඹන ලියවිලි හා ප්රකාශනයන්ගෙන්තහවුරු කර ගත හැක.පසු ගිය කාලයේ හැම අධෝවාතයකම ගඳ සුවඳ හොයන්නට පැන්ෂන් ගිය හමුදා ජනරාල්ලා යෙදවූ මිල්ටෙරි නන්දසේන අද වන විට හැම මගුලකටම සඟරාල්ලා යොදා ගනිමින් සිටී.බුද්ධ චීවරය පොරවා ගත් අමු තක්කඩියන් රොත්තක් මිල්ටෙරි නන්දසේනගේ ආරක්ෂාවට පාරට බැස තිබේ.උතුම් වූ බෞද්ධ දර්ශනය හා කිසිදු සහ සම්බන්ධයක් නැති පාදඩ අවිනීත කෙරුවාවන් පාහර මදාවිකාර හැසිරීම් ඇති මේ වාහෙලා බෞද්ධ භික්ෂූන් ලෙස හැඳින්විය හැක්කේ චීවරය ඇඟ පොරවාගෙන සිටීම නිසා විතරමය මේ නොසන්ඩාලයන් ගේ තරම දැන් දැන් සමාජය තේරුම් ගෙන තිබීම ඉතා සුබදායක කාරණයකි.මේ මදාවිකාර නාමික සඟ කල්ලිය අද කාබනික පොහොර ප්‍රවර්ධනය සඳහා එළියට බැස තිබේ.එය මෙි ගොබ්බ මිල්ටෙරි නන්දසේන ගේ කොන්ත්‍රාතුවක් බව පැහැදිලිය.මේ නාමික සඟ තක්කඩි රැළට විශේෂ කාර්ය බලකායේ දහ පොලොස් දෙනෙක්ද ඇමති ආරක්ෂක අංශයේ තවත් කණ්ඩායමක් විසින්ද ආරක්ෂාව සලසා දෙමින් සිටී.ගොවි ප්‍රජාව ගැවසෙන්නේ නැති කුඹුරකට ගොස් මිල්ටෙරි නන්දසේන ගැන ප්‍රශස්ති ගයා කාබනික පොහොර වල ගුනාත්මක භාවය ගැන වොයිස් කට් දීම මේ පාහරයන්ගේ දෛනික රාජකාරිය වී තිබේ.බෞද්ධ දර්ශනයේ පන්සිල් පද පහ නොදන්නා මේ තක්කඩියන් රැළ කාබනික පොහොර ගැන දන්නා කෙං ගෙඩියක්ද නැත.කෙසේ වෙතත් මහ කන්නයේ වගා අස්වැන්න ලැබෙන කාලයට මේ තක්කඩි වහන්සේලා ගමට ගියහොත් ගොවියන් විසින් ඇඳ සිටින චීවරය ගලවා තට්ටම් වල හංවඩු තියන බව නම් අපට කැට තිය ලියා තියන්නට පුළුවන.එතෙක් මේ තක්කඩි වහන්සේලාට වොයිස් කට් සංදර්ශනපැවැත්විය හැක.මැඩිල්ලේ ඉත්තෑකන්දේ හා මාගල්කන්දේ යන පාහර තක්කඩි වහන්සේලාට තම තමන්ගේ කේන්දර වල ලියවුන ඉදිරි කල දසාව බලාගෙන සිටියා නම් හොඳ බව අපි කියමු.මේ වන විට මිල්ටෙරි ජනරාල්ලාගේ කෙරුවාව පීචං වී හමාරය.මිල්ටෙරි නන්දසේන ගේ කෝකටත් බේත වූ මිල්ටෙරි ජනරාල් නාඩගම විහිළු සාගරයක් බවට පත් වී අවසන් වී ඇති බව පැහැදිලිය.දැන් මිල්ටෙරි නන්දසේන ඊළඟ තුරුම්බුව ගහන්නට හදන්නේ බෞද්ධ චීවරය යොදා ගෙනය.මේ කරන්න හදන්නේ සිංහල බෞද්ධ කම අවුස්සා යලි ජාතිවාදී ගේමකට සෙට් වීමය.ඕනෑම තක්කඩියෙකුගේ අවසන් නවාතැන ආගම බව කියන කාරණය මිල්ටෙරි නන්දසේන තහවුරු කරමින් සිටී.මේ වන විට රට මුහුණ පා සිටින්නේ මහා දුර්භීක්ෂයකටය.තක්කඩි රාජපක්ෂ පවුලට හා එවුන් සමග ජාවාරම් කරන්නටද වහල් කමේ නිරත වූවන්ටද ජනතාව මුහුණ පා සිටින මෙම අඳුරු දසාව පිළිබඳව හැඟීමක් දැනීමක් නැත.මේ පාහර රැළ රුපියල් ශත ලාභයට රට උකසට තබමින් මහජනතාව බිල්ලට දෙමින් සිටින බව ආණ්ඩුවේ කරන කියන කෙරුවා වන්ගෙන් තහවුරු වේ.මේ අතර වාරයේ පොහොට්ටුවේ පාතාල ජාවාරම්කාරයෙක් පොලීසියට අත් අඩංගුවට ගැන්නට සිද්ධ වෙන්නේ නොකර බැරි කමටය.ඉකුත් මාර්තු මාසයේදී ඉන්දියානු ආරක්ෂක අංශ මගින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමග ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී.මෙම ජාවාරම් කරුවන් විසින් වමාරනු ලැබූ තොරතුරු වලින් ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවන්ද හෙළි කෙරිණි.එම තොරතුරු ඉන්දියාවේ ආරක්ෂක අංශ වෙතින් ශ්‍රි ලංකා පොලීසියටද සැපයිනි.ඒ තොරතුරු මත ශ්‍රී ලංකා පොලීසිය මගින් මෙරටින් දෙදෙනෙකු අත් අඩංගුවට ගන්නා ලදී.ඉන් එක් අයෙකු වූයේ දෙමටගොඩ රුවන් නැමති හෙරොයින් ජාවරම් කරුය.මොහු දෙමටගොඩ චමින්ද ගේ සෙහොයුරාය.දෙමටගොඩ චම්න්ද දුමින්ද සිල්වාගේ ඔඩොක්කු කුක්කෙකි.දුමින්ද සිල්වා සිදු කළ හෙරොයින් ජාවාරම හා සම්බන්ධ බෙදා හැරීම් කරුවකු වූ දෙමටගොඩ චමින්ද වර්තමානයේදී බන්ධනාගාරගත දඬුවමකි විඳිමින් සිටී.ඒ පාම භාරතලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙනි.
මෙතෙක් කල් ආණ්ඩුවේ දේශපාලන කෙරුම්කාරයන්ගේ හා පොලිස් ලොක්කන්ගේ උපකාරය හා සහයෝගය මත මහ පරිමාන හෙරොයින් ජාවාරමේ නිරත වූ දෙමටගොඩ රුවන් 2015 වසරේදී රවි කරුණානායකගේ පෙලපාලියකට වෙඩි තැබූ තැනැත්තාද වේ.ඊට පෙර 2010වර්ෂයේදී පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය මගින් දෙමට ගොඩ චමින්දගේ හා රුවන්ගේ හෙරොයින් තොගයක් අල්ලා ගනු ලබන්නේ හලාවත සිට කොළඹ දක්වා ගෙන එමින් තිබියදීය.එවකට පොලිස්පති වූයේ මහින්ද බාලසූරියයි.රාජපක්ෂ පවුලේ දීන වහලෙකු විය.අත් අඩංගුවට ගත් දෙමටගොඩ චමින්ද හා රුවන් කොළඹ මත්ද්‍රව්‍ය කාර්යංශයට ගෙන ආ විට එහි පැමිණි පොලිස්පති මහින්ද බාලසූරිය සටහන් යොදා තුබුණුවිමර්ශන සටහන් පොතේ පිටු ඉරා දමා ඉවත් කොට එම අත්අඩංගුවට ගැනීම ගැන අළුතෙන් ලියන්නේ හෙරොයින් ගංජා බවට පරිවර්තනය කරමිනි.පොලිස්පති පති වරයා සෘජුවම මෙතරම් නෝන්ඩි රාජකාරියකට මැදිහත් වූයේ නාමල් රාජපක්ෂගේ උපදෙස් මතය.එය අනාවරණය නොවූ එහෙත් පොලීසියේ කවුරුත් දන්නා රහසකි. දෙමටගොඩ රුවන්ලා එතරමි දේශපාලන කෙරුම්කාරයන් වූ නිසාම හෙරොයින් ජාවරමද නිදහසේ කර ගෙන යන්නට හැකි වී තිබුණි.මෙම හෙරොයින් ජාවාරමට එරෙහිව කටයුතු කළ ඇතැම් නිළධාරීන්ට බලු වන්නට සිදු වූ සිදුවීම්ද බොහෝ ඇත.දෙමටගොඩ පොලීසිය ආසන්නයේ රුවන්ට ඇති තුන් මහල් ගොඩනැගිල්ල මැතිවරණ කාල වලදී පොහොට්ටු දේශපාලනයේ කාර්යාල බවට පත් විය.
ඉන්දියාවේදී අත් අඩංගුවට ගත් හොරොයින් ජාවරම් කරුවන් අතර ශ්‍රී ලංකිකයන් පස් දෙනෙකුද සිටී.ඔවුන් හෙළිදරවු කළ තොරතුරු ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනය වන හෙයින් ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය මෙරටට දැනුම් දෙන්නේ තමන් විසින් අල්ලා ගත් පුද්ගලයන් විසින් හෙළි කරන තොරතුරු හා සම්බන්ධ ජාවරම්කරුවන් වහාම අත් අඩංගුවට ගන්නා ලෙසය.ඒ අනුව පොලිස් පති වරයාගේ ගේ උපදෙස් පරිදි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය නුවර අසංක නැමැති හෙරොයින් ජාවාරම් කරුවකු අත් අඩංගුවට ගනී.දෙමටගොඩ රුවන් අත්අඩංගුවට ගැනෙන්නේ ඔහුගෙන් ලද තොරතුරු අනුවය.2018 වසරේ සිට සිට මේ දක්වා මෙම ජාවරම් කරුවන් විසින් මෙරටට ගෙන්වන ලද හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1500 වඩා වැඩි බව කියවේ.දෙමටගොඩ රුවන් රාජපක්ෂ පවුලේ සමීපතමයෙකි.බොහෝ දේශපාලන ප්‍රබලයන්ගේ ආදරණීය හිතවතෙකි.පොලීසියේ ලොක්කන්ගේ නිබඳ දුක සැප විමසූ ලෙන්ගතු මිතුරෙකි.පොලීසියට කිසිවක් කර කියා ගන්නට නොහැකි වුයේ මේ ජාවාරම පිළිබඳ පැමිණිලිකරු ඉන්දියාව නිසාය.එහෙත් මෙරට පොලීසිය එතැනැදිත් වෙට්ටුවක් දැමූ බව පෙනෙන්ට තිබේ.ඒ කුඩු රුවන්ට එරෙහිව පරීක්ෂණ කටයුතු පොලිස්පති විසින් පොලීසියේ නීති විරෝධී දේපොල වත්කම් පිළිබඳ විමර්ශන කොට්ඨාශයට පවරන ලදී.දෙමටගොඩ පිහිටි රුවන්ගේ සුපිරි නිවාස වටලන්නේ ඒ අනුවය.එහි තිබී කෝටි පහට වඩා වැඩි මිල සුපිරි වාහන ගණනාවක් හා රත්තරන් තොගයක් අත් අඩංගුවට ගැනිනි.මේ වන විට කුඩු රුවන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී ඔහු ඇසුරු කළ දේශපාලඥයන් ගනනාවක් භික්ෂූන් වහන්සේලා හා පොලීසියේ සෑම තරාතිරකම නිළධාරීන් ගැන හෙළිවී තිබේ.කොළඹ දිස්ත්‍රික්කයට ආසන්නම කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති වරයා පත් කර ගෙන ඇත්තේද කුඩු රුවන් ගේ දේශපාලන සම්බන්ධතා මතය.මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ කොට්ඨාශයට පත් කර ගැනීමසඳහා රුවන් දැඩි උත්සාහයක් ගත්තද ඒ තනතුරට රාජපක්ෂ පවුලේ ඔඩොක්කු කුක්කකු පත් කර ගැනීම හේතුවෙන් එම උත්සාහය සාර්ථක නොවීය.( එම නියෝජය්‍ය් පොලිස්පතිවරුන් හා දැනට කොට්ඨාශ භාරව සිටින ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ගේ නාමලේඛණය අප සතුව ඇත. )කුඩු රුවන් මචං ලෙවල් එකෙන් ඇසුරු කරන පොලීසියේ ජ්‍යෙෂ්ඨයන්ද සිටින බව පරීක්ෂණ වලදී තහවුරු වෙමින් තිබේ. මෙම පොලිස් නිළධාරීන්ටඅත දිග හැර වියදම් කර ඇති කුඩු රුවන් ඔවුන්ට නිවාස තනවා දී සුඛෝපභෝගී වාහන පවා තෑගි කර තිබේ.මෙම පරීක්ෂණ වලදී හෙළිවුන අපූරුම තොරතුර වන්නේ නාරාහේන්පිට අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ ආනන්දට රුපියල් ලක්ෂ සීයයක් වටිනාවෙසල් රථයක් ලබා දී ඇති බවට වූ අනාවරණයයි.එම විහාරස්ථානයේමතවත් චීවරධාරියෙකුට කඩුවෙලින් සුඛෝපභෝගී නිවසක් කුඩු රුවන් විසින් ලබා දී ඇති බව වැඩිදුරටත් හෙළි වී තිබෙි.මේ වන විටත් කුඩු රුවන් අත් අඩංගුවට ගැනීම පිළිබඳව ඔහුගේ හිතවත් පොදුජන පෙරමුණ හා සම්බන්ධ ප්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙකු අප්‍රසාදය පල කර ඇති බව දැනගැන්මට ඇත.කෙසේ වෙතත් කුඩු රුවන් සම්බන්ධයෙන් දැනට විමර්ශන කටයුතු සිද්ධවන්නේ මුදල් විශිද්ධි කරණ චෝදනා යටතේ මිස ඔහු සිදුකළ හෙරොයින් ජාවාරම් ගැන නොවේ.ඒ පොලීසියේ හා දේශපාලන ගනුදෙනු හරහා කුඩු රුවන්ට හිමි වූ වාසනාවයි.රාජපක්ෂ පවුලේ වුන් කුඩු රුවන්ට උපදෙස් සපයා ඇත්තේ වාහන හා රත්තරන් සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගෙන දඩයකට යටත් වී නිදහස ලබා ගන්නා ලෙසටය.ඇතැම් විට කුඩු රුවන් කිසිදු චෝදනාවක් නොමැතිව නිදහස් වීමට ඉඩ කඩ පවතී.ඒ පොලීසියේ කෙරුවාව අප හොඳින් දන්නා නිසාය.ඒ සම්බන්ධයෙන් අපට දැන ගැන්මට ලැබුන තොරතුරක් තිබේ.ඒ මුදල් විශුද්ධකරණ පනත යටතේ පසුගියදා බලපිටියේදී අත් අඩංගුවට ගන්නා ලද ඩුබායි සිට මහා පරිමානයේ හෙරොයින් ජාවාරමේ නිරත කොස්ගොඩ සුජීවගේ බිරිඳගේ මාමා කෙනෙකු සම්බන්ධ යෙනි.අත්අඩංගුවට ගත් මෙම තැනැත්තා අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල් පති වරයා වේ.මොහු සන්තකයේ බැංකු ගිනුම් වල කෝටි හතලිහක මුදලක් තිබෙන බවට පොලිස් ආරංචි මත ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි.කොස්ගොඩ සුජීව ගේ මුදලින් ගත් කෝටි දහයක පමන වටිනාකමැති ව්‍යාපාරික ස්ථාන දෙකක් අම්බලන්ගොඩ නගරයේ ඇත.බලපිටියේ මාදු ගගට අසබඩ කාමර අටකින් යුතු සුඛෝපභෝගී සංචාරක නිකේතනයක්ද වේ.ඒ අසලම විශාල කන්ටේනර් අංගනයක්ද වේ.මෙම කන්ටේනර් අංගනයට ගෙන එන කන්ටේනර් තුල හෙරොයින් ඇති බවට බුද්ධි තොරතුරු තිබේ.එහෙත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත් අඩංගුවට ගත් තැනැත්තා සතියක් ඇතුලත බලපිටිය අධිකරණයෙන් මුදා හරින ලද්දේ කිසිදු චෝදනාවක් නොමැති බව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වූ හෙයිනි.මෙම තැනැත්තා චෝදනා නොලබා නිදහස් කරවා ගැනීම සඳහා මාතලේ මහ දිසාපතිවරයා හා දකුණු පලාතේ දේශපාලඥයකුද පොලිස් ඡ්‍යෙෂ්ඨ නිළධාරියකද මැදිහත් වූ බව අපට තොරතුරු ලැබී ඇත. මේ නිදහස් කර ගැනීම වෙනුවෙන් කොස්ගොඩ සුජීව පාර්ශවයෙන් වැය කර ඇති මුදල කෝටි අටක් බව කියවේ.දෙමටගොඩ රුවන්ද උපාසකයකු ලෙස අළුත්කඩේ අධිකරණයෙන් එළියට බසින බව අපට සිතෙන්නේ අද මෙරට නීති රකින ආයතන වල සිද්ධවෙන මෙවැනි කුපාඩි තක්කඩි කෙරුවාවන් නිසාය.