චන්න ජයසුමන ඇමති, ෆයිසර්, මොඩර්නා සහා ජොන්සන් අන්ඩ් ජොන්සන් එන්නත් පිළිබද පර්යේෂණයක ප්‍රතිඵල පෙන්නලා, චීන එන්නත හොදයි කියා ගන්න හදනවා.
මොන එන්නත ගැහුවත් ආරක්ෂාව දිනපතා අඩු වෙනවා, ඒ නිසා එන්නත් ආරක්ෂාව සදාකාලිකයි කියලා හිතාගෙන වැඩකරන අයට ඒක හොද පණිවිඩයක්.
මරණ 20යි. ආසාධිතයින් 500යි කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙවේ. ආන්ඩුවට නොම්මරයක් වුණාට, මැරෙන අයට තියෙන්නේ එක ජීවිතයයි.
මේ යන විදිහට නව රැල්ලක් අනිවාර්යයි. වැරදි තීරණ ගන්න අයයි, තීරණ නොගෙන ඉන්න අයයි අනාගතයේ මැරෙන හැම ජීවිතයකටම වග කියන්න ඕනේ.
පසුගිය වසරේ ඖෂධ හා අනෙකුත් සෞඛ්‍ය සැපයුම් මිල දී ගැනීමේදී වංචාව දූෂණය හා වැරදි තීන්දු නිසා විශාල මුදලක් හානි වී ඇති බව 2020 විගණාධිපති වර්ථාවේ සදහන් වෙලා තිබෙනවා. ලොව පුරා වැඩිපුරම පිළිගත් එන්නත් අඩු මුදලට තිබියදී, චීන එන්නත ඉතා වැඩි මුදලකට ගෙන්වීම නිසා රටට අහිමිවී ඇති මුදල මෙතෙක් කිසිවෙකු විසින් ගණන් බලා නොමැති බැවින් ඒ පිළිබදව වහා විඝණන පරීක්ෂණයක් ආරම්භ කිරීමට උපදෙස් දෙන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු.