වර්තමාන ලෝකයේ කිසිදු රටක ජීවත්වෙන ජනතාවක් මිනිමරු අපරාධකරුවෙකුව තම රටේ රාජ්‍ය නායකයා කර ගැනීමට තරන් මොලේ අමාරුවක් නැති බව ඉතා පැහැදිලිය . ඒ ලෝකයේ වෙනත් රටවලය. ඒත් ශ්‍රි ලංකාවේ මන්ද බුද්ධික ජනතාව විසින් මිනිමරුවෙකු ,මංකොල්ලකාරයෙකු හා රාජ්‍ය මුදල් වංචනිකයෙකු වු ගෝඨාභය රාජපක්ෂව රටේ ජනාධිපති කලෝය.
ඒ ආරක්ෂක ලේකම්ව සිටියදි එලිපිටම මිනිමරා ජනතාව පැහැර ගෙන ගොස් අමානුෂික වද දුන් අයෙකු බව දැන දැනත්, එසේ රටේ ජනතාව ඡන්දය දි විධායක ජනාධිපති කලේම මෙරට වැඩි වශයෙන් සිටින්නේ මන්ද බුද්ධික, මොලේ අමාරු කාරයන් හා ආත්මාර්ථකාමි බඩගෝස්තර වාදින් දීවත්වෙන නිසාය. අද ගෝඨාභය රාජපක්ෂ සමස්ථ ජාතියටම එක් පණිවුඩයක් දුන්නාය. ඒ ඉදිරි කාලයේදි රට පාලනය වන්නේ හමුදා බයිනේත්තු බලයෙන් බවයි.
ඊට හොදම කතාව ඔහු අද කරමින් කිවේ තමාට හමුදාව දමා කාබනික පොහොර ප්‍රශ්ණය විසදිය හැකි බවයි. මිල්ටරි මිනිමරු නන්දසේන රටේ ජනතාවට තඟ දැමීමට එල්ල කල වාග් ප්‍රහාරයට එකක් මතක් කරන්නෙමු. ඒ ඔයිට වඩා බලසම්පන්න ගඩාෆි මියගියේ කුණු කානුවකදි ජනතාව ගේ යකඩ පොලුපහරිකිනි. මේ ගෙවන්නේ රාජපක්ෂ සනුහරේම අවසානම කාලයයි.
2024 නොව තවත් කල්පයකටවත් මෙරට ජනතාව ගෙන් රාජපක්ෂලාට නොව උන්ගේ සනුහරේයම දේශපාලනය බොරුය . මිළඟට එන සැම මැතිවරණයකදීම ඉතාම වැදඟත් සාධකය නම් හොරා කෑ සියල්ල යලි ගැනීම, හා නිතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමය.
අප වෙතට ලැබී ඇති ඉතාම විශ්වාසවන්ත තොරතුරු අනුව ජනවාරි අවසාන භාගයේ පලාත් සභා මැතිවරණය කැදවා එම සමස්ථ බලයම නිතිවිරෝධි ආකාරයෙන් ඩැහැගෙන ඊට පසුව සුළු පක්ෂ සියල්ලම අහෝසි වෙන ආකාරයට මැතිවරණ ක්‍රමයක් සකස් කොට බලහත් කාරයෙන් අඛණ්ඩව 2030 දක්වා රජය ගෙනයාමට ගෝඨාභය බැසිල් හා ත්‍රිවිද හමුදා පොලිස් නිලධාරින් කොටසක් සමඟ සාකඡ්චා කොට ඇත. ඊට මහින්ද පාර්ෂවයෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇතත් දැන් මහින්ද අවලංගු කාසියක් වී හමාරය.
කුමණ පක්ෂයකටවත් ජනතාව නැවත පුර්ණ බලයක් නොදෙන බව සහතිකය, ඒ ඩීල් දේශපාලනයට තිත් තැබිය යුතු නිසාය. එසේ නොවන තාක් ගෝඨලා හොරා කකා මිනිමර මරා යහතින් වැජබෙනු ඇත. ගෝඨාභය දන්න හා නොදන්න එකම දේ හමුදාව දමා සියල්ල කිරීමය, ඒත් ඒ හමුදාවේ 3/4 කම සිටින්නේ ගොවියන් ගේ ,ගුරුවරුන්ගේ දු පුතුන්ය. ඒ ගොවියෝ නැමති තම දුප්පත් අම්ම, තාත්තාටපහර දීමට වෙඩි තැබීමට ශවින්ද්‍රලා, ගෝඨලා දෙන අණ ඒ තුවක්කුම ආපස්සට පතුවෙන බව නම් සහතිකය.එන්න එදාට මියන්මාරය නොව හන්දිය ළඟ කිරිබත් කමු.