උණුසුම් පුවත්

ඇමති බන්දුලට ගහන්නේ සුදුළුණු හොරා ඇල්ලුව නිසා ද ….? මෙන්න හොරු දෙන්නා සමින්ද රාජපක්ෂ හා ශෂින්ද්‍ර රාජපක්ෂ. 

Spread the love

 සමින්ද හා ශෂින්ද්‍ර රාජපක්ෂ ඇමති බන්දුලට දිගින් දිගටම පහර දීමට කුලියට යොදවා සිටින ලියන අප්පුලා පිලිබදව අපි විස්තරාත්මකව සොයා බැලීමේදි     ඒ හොරු ඩබලක් බවත් බන්දුල ගුණවර්ධන නොවන බව සහතික විය. ඒ බන්දුල ගුණවර්ධන හොරකු නොවන නිසාත් රාජපක්ෂලාට හැර මේ ආණ්ඩුවේ වෙනත් කිසිවෙකුටත් වතුර වීදුරුවක් බීමට නොහැකි නිසාය.

පාරිභෝගික හෝ වෙළද ඇමතිකම ශෂින්ද්‍රට අයත් නැතත් වෙළද අමාත්‍යංශයට අරක්ගත් මීයෙකු සේ මේ අයිය මලෝ සතොස කාබාසිනියා කරමින් සිටීම ඉතාම කණ්ගාටුවකි. එදා ටෝක් විත් චමුදිත සමඟ කයිවාරු ගැසුවේ රාජප්ක්ෂලා ගේ කුණු අසුජි රෙදි සේදීමට බව දැන් හෙලිව ඇත.ශෂින්ද්‍ර රාජපක්ෂ ගැසු ගැහිල්ල දන්නේ කතරගම දෙවියන් වහන්සේය. රත්තරන් මාල ඉමිටේෂන් වු බව අපි ලීවේශෂින්ද්‍ර කතරගම බස්නායක නිලමේට අදින විටය.

දැන් එකට දාහක් හොරා කන රාජපක්ෂලා ඊට බිල්ලට දෙන්නේ බන්දුල ගුණවර්ධන වැනි ඇමතිලාය. සුදු ළුණු සතොසෙන් ගෙන රාත්‍රියේම සතොසේ පොත් සියල්ලම හදා සුදුළුණුවල ලාභයත් ගන්න විට රටම හිතුවේ ඇමති බන්දුල බවය.   

ඒත් රාජපක්ෂලාට ලංකාවේ කුමණ අමාත්‍යංශයක් වුවත් දවල් රෑ දොරවල් ඇරියයුතුය. මහ මොළකරුවන් දෙදෙනාම සමින්ද රාජපක්ෂ හා ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂය . ඒ බවට ඕනෑ තරන් සාක්ෂි හෙලිවෙන්න ,වෙන්න, ඇමති බන්දුලට රාජපක්ෂලා ගේ උදහසට ලක්වීමට සිදුවේ.

මේ ගෙවෙන්නේ රාජපක්ෂලා ගේ අවසානම කාලය බව අපි සටහන් කරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like