උණුසුම් පුවත්

රුසියාවේ ගිය ශවින්ද්‍ර අපරාධකරුවන් මෙල්ල කරන ටේසර් විදුලි පිස්තෝල ලක්ෂ 05 ක් ඇණ්වුම් කරලා.

Spread the love

රාජපක්ෂලාට එරෙහිව ජනතා නැගිටීම දිනෙන් දිනම උග්‍ර අතට පත්වීම රාජපක්ෂලා ගේ අවසානයතෙක් ගමන් කරන බව ලංකවේ අස්සක් මුල්ලක් නෑරම අපිට වාර්තා වේ. ඒත් සම- හරක් තවමත් රාජපක්ෂලා වෙනුවෙන් ම තම කෙසඟ ජීවිත කැපකර ඇත්තේ පෙර කල කරුමයකට යැයි වරෙක සිතේ.

ඒ නිසාම ජනාධිපති මිල්ටරි නන්ද සේනට සිටින විශ්වාසම කෙනා වු කෝකටත් තෛලය හමුදාපති ශවින්ද්‍ර සිල්වා පසු ගිය දා වහාම හදිසි හමුවීමකට රුසියාවේ මොස්කව් බලා පියාසර කලේය. මෙම ගමනට ශ්‍රි ලංකා යුධ හමුදාවේ තවත් මේජර් ජෙනරාල්ලා 02 දෙදනෙකු සහභාගි විය. ඒ අතර යුධ හමුදා බුද්ධු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සිට ඇති බව අප ගේ තොරතුරු කරුවන් පවසයි.

ශවින්ද්‍ර සිල්වා රාජපක්ෂලාට රැකීමට දිවි හිමියෙන් කැපවී ඇත්තේ තම බිරිද ද රාජපක්ෂ පවුල හා ඉතාම සමීප නිසාය. ශවින්ද්‍ර සිල්වා රුසියාවේ නිෂ්පාදිත විදුලි පිස්තෝල ලක්ෂ 05 ක ඇණ වුමක් කර ඇති බව අප වෙතට දැන ගැනීමට ඇත. එම විදුලි පිස්තෝල ලෝකයේ බොහෝ රටවලඅපරාධකරුවන් මර්ධනයට යොදවා ඇති නමුත් කිසිදු අවස්ථාවකදි මහජන කැරලි කෝලහල මර්ධනයට යොදවා නැත. . පොලිස් නිලධාරිනට නිල අවියක් ලෙසට ලබාදි ඇති රටවල් අතර එංගලන්තය,ප්‍රංශය ජර්මනිය රුසියාව වැනි ලෝකයේ දිවුණු රටවල් එය ප්‍රභල අපරාධකරුවන් මෙල්ල කිරීමට උපයෝගි කරගනි. ඒය ඉතාම සාර්ථක් අවියකි.

මෙය තමා වෙතට පැමිණි අපරාධකරුවෙකු එකවරම ශණිකව මෙල්ලකලහැකි ප්‍රභල අවියක් වන්නේ අපරාධකරු ගේ  ජීවිතය ද ආරක්ෂා වෙන නමුත් ඔහුව තම ග්‍රහණයට ගත හැකි නිසාය. නිකුත්වෙන විදුලි වෝල්ටේජක්   හා බැදුණු ඉතාම සියුම් ඉදිකට්ටක් සේ පිටව ගොස් අපරාධකරු ගේ ශරීරයට වදි , ඒත් සමඟම අවියෙන් විදුලි දහරාව මුදා හැරීම නිසාම  පුද්ගලයා සිහි නැතිව ඇද වැටේ. මෙය ලෝකයේ අපරාධකරුවන් මෙල්ල කිරීමට යොදා ගැනීම ඉතාම යෝග්‍ය නමුත් මෙම ටේසර් අවිය වෘතීය සමිති වලින් එන උද්ගෝෂණ මැඩලීමට ලෝකයේ කිසිදු රටක් යොදවා නොමැත.

ඒත් මිනිමරු  ගෝඨාභය ආණ්ඩුව ටේසර් ලක්ෂ  (05) පහක් කඩි මුඩියේම ගෙන ඒමට සැලසුම් කර ඇත්තේ රාජපක්ෂලාට එරෙහිව නැගී එන්ම උද්ගෝෂණ රැල්ල බව ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත. 


Spread the love

Leave a Comment

You may also like