උණුසුම් පුවත්

ආප්පයක් රටකට කල හදියක්…….

Spread the love

දැන් රනිල් කලයුත්තේ මහතමා දේශපාලනය විදහා දක්වමින් තම අගමැති තනතුරින් ඉල්ලා අස්වී මේ අට මගල් යහපාලනය ට තිතතබා සිරිසේනට උන්ගේ වරිගේ ඇත්තොත් එක්ක රට කරගෙන යාමට ඉඩදී බලාසිටීමට. ජනතාව දැන් සිරිසේනගේ පල්බොරු බේගල් අහන්න සුදානම් නැත. වගේම රනිල්ගේ ගජමිතුරු සේවනේ යෙදෙනවා දකින්නත් හිරිකිත බව රටේම සමසථ ප්‍රතිපල වලින් පෙන්නා දී තිබේ.

මිට වසර 3 කට පෙරදී මෙලෙසම ජනතාව රාජපක්ෂ රෙජමය පලවා හැරීමට පසු බට නොවීය.

ඒ එදා අප්පයක් ගිල දමා හොර රහසේම පැන්නේ රනිල්ගේ දෙපා මුලටය. එතනින් යහමින් කිරිබත් දෙසාබාපු සිරිසේන යන්තන් පනගැට ගහගන්න චන්ද්‍රිකාගේ සාරිපොටේ එල්ලුනි. ඒ රටේ ජනතාවට ආදරේට රටට ආදරේට නොව අඩි 06 ක් වලපල්ලට යාමට තිබු පරාණ බයටය එතනින් නොවනැතුන සිරිසේනව දක්කන් ගියේ සෝභිත නාහිමි ලවා පිරිත් නුල් බැන්දවීමටය එතනදීනම් වැඩේ වැරදුනි …

“නෝනා කොහොමද මේ මනුෂයා අපි විශ්වාස කරන්නේ….නෑ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මාගැන විශ්වාසකරනවානේ මම සියලු වගකීම භාර ගන්නම් අපේ හාමුදුරුවනේ……..”

එදා තමන්ගේ වල පල්ලට යාමට තිබු ගමන නතර කල 62 ලක්ෂයක් ජනතාව පාවලා දුන්න සිරිසේනට ශ්‍රි ලංකීය ජනතාව අත දිග හැර හොද කම්මුල් පහරක් ගැසීම රටේ සමස්ථ දේශපාලකයන්ටම හොද පාඩමක් මොනවට කියා දේවි.

දැන් රනිල් කලයුත්තේ මහතමා දේශපාලනය විදහා දක්වමින් තම අගමැති තනතුරින් ඉල්ලා අස්වී මේ අට මගල් යහපාලනය ට තිතතබා සිරිසේනට උන්ගේ වරිගේ ඇත්තොත් එක්ක රට කරගෙන යාමට ඉඩදී බලාසිටීමට. ජනතාව දැන් සිරිසේනගේ පල්බොරු බේගල් අහන්න සුදානම් නැත. වගේම රනිල්ගේ ගජමිතුරු සේවනේ යෙදෙනවා දකින්නත් හිරිකිත බව රටේම සමසථ ප්‍රතිපල වලින් පෙන්නා දී තිබේ.

දැන් සිරිසේනට අප්පය උඩින් පොහොට්ටුව තියන් එලොව හෝ මෙලොව යාහැකිය.අපි දැන් බලන් ඉන්නේ සිරිසේනගේ මීළඟ විලාපය දිහාය.ඒ විලාපය අහන්න දැන් රනිලා , චන්ද්‍රිකාලා හෝ ළගම ඉන්න පට්ට හොරුවත් නොසිටින් බව නම් හොදාකාරවම කිව හැකීය.

මෙම ඡායාරූපය මා මිත්‍ර දිශාන් රත්නායක ගේ මුහුණු පොතෙන්….

Spread the love

Leave a Comment

You may also like