මිනිමරා එම නඩුවට වසර 02 කට වඩා බන්ධනාගාර ගතව සිට පැමිණි කේ.ජී. ජයතිලක නැමති මාවනැල්ල ප්‍රාදේශිය සභා උප සභාපති අද මෙඩේරිගම විදුහලේ විදුහල් පතිට හා දෙමාපියන්ට පහර දීමට පැමිණි පුද්ගලයාය. මෙහිදි එක ගුරුවරයෙකුට ” තෝව මරණව මට උඩින් යන්න ආවොත් ” යනුවෙන් තර්ජනය කොට පහර දීමට තැත්කර ඇත.
ඒ අවස්ථාවේ මාවනැල්ල පොලිස් ස්ථානාධිපති සමඟ පිරිසක් සිට ඇති නමුත් මාවනැල්ල පොලිස් ස්ථානාධිපතිට එම ස්ථානයට ඒම අනුමතිය ලිපිය දී ඇත්තේ මෙම “කසිප්පු ව්‍යාපාරික ,මිනිමරු දේශමාන්‍ය කේ .ජී. ජයතිලක “ නැමති පොහොට්ටුවේ ප්‍රාදේශිය උප සභාපතිය. මොහු පාසැල අසලම සිට කලක පටන් කසිප්පු ජාවාරම නිරත නිසාම විටින් විට දෙමාපියන් පොලිසියට දැනුම් දුන් නමුත් පොලිසිය ජයතිලකව වැටලීමට එන්නේ ඉතාම කලාතුරකින් බව දෙමාපියන් අපහා පැවසීය.
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඡායාරූප සදහා විශේෂ ස්තුතිය සිරස මාධ්‍යට
මෙම මිනිමරු මැරයා වහාම අත්වඩංගුවට ගතයුතු බවට ලංකාවේ සියළුම ගුරු සංගම් ඒකමතිකව පොලිස්පතිට දැනුම් දී ඇත. මෙම මිනිමරු කසිප්පු ජාවාරම් කාර කේ .ජී. ජයතිලක ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවේ, මාවනැල්ල ප්‍රාදේශිය සභාව සභාපති එක්සත් ජාතික පක්ෂයේද, උප සභාපති පොහොට්ටුවේද හවුලේ පවත්වා ගෙන යන ප්‍රාදේශිය සභාවකි.
ගුරුවරුන් ගෙන් නිසි අධ්‍යාපනයක් නොලත් මොවුන් වෘතිමය දේශපාලකයන් බවට පත්වන්නේ කිසිදු අධ්‍යපන සුදුසුකමක් නොමතිව යාමට ඇති එකම රැකියාව ලංකාවේ දේශපාලනය පමණි වහාම මේ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පොලිස්පති ක්‍රියාකලයුතුය.