“……….තමුන් ඉක්මනින්ම ෆාද සිරිල් ගාමිණී කියන මෑන් අල්ලල හිරේ නොදැම්මොත් මං නරක මිනිහ කියන්න එපා.තමුන්ට අයි .ජීත් කියන්න ඇති නේද ? මම මිනිස්ට සරත් වීරසේකරටත් කීවා තමුන් මේකට අකමැති නම් ඔතෙන්ට පුළුවන් කෙනෙක්ව දාන්න කියලා ආපහු සැරයක් මට කතා කරන්න ඉඩ තියන්න එපා.…….…”
මිල්ටෙරි නන්දසේනගේ දඩයම් බල්ලා වන ජනරාල් සලේ සිරිල් ගාමිණී පියතුමා ඉක්මනින් අත් අඩංගුවට ගන්නා ලෙසට පොලිසි CID අධ්‍යක්ෂකවරයාට පසුගිය දිනක දුරකතනයෙන් තර්ජනය කොට ඇත්තේ එහෙමය.CID අධ්‍යක්ෂක වරයා ඔහුගේ හිතවතෙකුට මේ තර්ජනය ගැන අනාවරණය කරමින් කියා ඇත්තේ ඔහු මේ වන විට ජීවිත අවදානමකට ලක්ව සිටින බවය.ජනරාල් සලේ මිනීමරුවෙක් බව ඔහු විසින් කිව යුතු දෙයක් නොවේ.ඒ බව අප හොඳින් දනිමු.
මිල්ටෙරි නන්දසේනගේ උපදෙස් පරිදි මෙරට සිදූවූ දේශපාලන ඝාතන බොහොමයක සාහසික මෙහෙයුම්කරු මේ ජනරාල් සලේය.පාස්කු බෝමබ ප්‍රහාරය සැළසුම් කිරීමේ සිට පිපිරවීම දක්වා වූ ක්‍රියාවලියේ පිටුපස සිටි “බොස් ” ඔහුය.S/DIG නිලන්ත ජයවර්ධන හා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවා ඒ බව දනී.මෙරට කතෝලික ආගමිකයන් වෙතින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැගී එන විරෝධතාව මිල්ටෙරි නන්දසේන හා ජනරාල් සලේ ඇතුළු ඝාතකයන්ට ඉහිළුම් නොදෙන්නක් බවට පත් වී තිබේ.මේ අමානුෂික ඝාතකයන් මේ විරෝධතාවන් සම්බන්ධයෙන් බියට පත් වී ඇත්තේ මෙරට සමාජය පුරා පැවැති රණවිරු මාන්දම මේ වනවිට සීඝ්‍රයෙන් හොඳ වෙමින් පවතින නිසාය.
දැන් මේ ඝාතකයන් කල්පනා කරමින් සිටින්නේ මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ පවුලේ බලය හදිසියේම ජනතා නැගිටීමකින් අවසන් වුවවොත් තමන්ට සිද්ධ වෙන දේ ගැනය.එබැවින් හොඳින් හෝ නරකින් රාජපක්ෂ වරු තවදුරටත් බලයේ තබා ගැනීමට මේ සාහසික කල්ලිය සැළසුම් කරනු ඇති බවද අපට විශ්වාසය.ඒ සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට මේ මිනීමරුවන් සූදානම් බවද අපි දනිමු.
දැන් දැන් මෙරට සමාජය රාජපක්ෂ වරු යනු තක්කඩි කපටි සාහසික පල් හොරු රංචුවක් බව හඳුුුනා ගනිමින් සිටී සැබවින්ම එය ඉතා හොඳ සමාජමය ප්‍රවනතාවකි.එහෙත් මෙරට විපක්ෂයේ කයිවාරු කෙළින සමහර දේශපාලන ප්‍රබලයන් පවා ජනරාල් සලේ වැනි මිනීමරු ඝාතකයන් හා ගජමිතුරු සම්බන්ධතා පවතින බවට අපට අනාවරණය වි තිබේ.අපට ඔවුන් හට කියන්නට ඇත්තේ රාජපක්ෂ වරුන් එළවා පිහිටුවන ආණ්ඩුවද යහපාලන ආණ්ඩුව විදියටම තක්කඩි ජාවාරම්කරුවන් හා මිනීමරුවන් සමග අත යට ගනුදෙනු කරන්නට සූදානම් වුවවොත් ජනතාව මේ වතාවේ නම් නිකං බලා නොසිටින බවය.
කෙසේ වෙතත් මේ වන විට ජනරාල් සලේ ඇවිස්සී ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වසන් වී ඇති කරුණු තවදුරටත් මදාවි කමෙන් ආරක්ෂා කර ගැනීම පිනිසය.සිරිල් ගාමිණී පියතුමන් හා තවත් පිරිසක් අන්තර්ජාලයේ සිදු කළ සාකච්ඡාවකින්
තමන්ට හා මෙරට බුද්ධි අංශයට අපකීර්තියක් වූයේ යැයි ජනරාල් සලේ
විසින් පසුගියදා පැමිණිලි කෙරිණි.ජනරාල් සලේ ගේ පැමිණිල්ලේ ඇත්තේ අපහාසයක් වීම සම්බන්ධවය.මෙරට පවතාන නීතිය තුළ අපහාස කිරීම නඩු නිමිත්තක් වන්නේ සිවිල් නඩුකරයක් විදියටය.එහෙත් මිල්ටෙරි නන්දසේනගේ හා ජනරාල් සලේගේ අපේක්ෂාව වී ඇත්තේ එය නොවේ.ඔහුන්ට අවශ්‍යව ඇත්තේ පාස්කු ඛේදවාචකය හා සබැඳිව කතෝලික ආගමික පූජක පාර්ශවයෙන් එන විරෝධතාව වහා නවතාලීමය.ඒ අවශ්‍යතාව ඉටු කර ගැනීම පිණිස පාස්කු ප්‍රහාරයට විරෝදතාව දක්වන කණ්ඩායම් බිය වැද්දීම මේ සාහසිකයන්ගේ අරමුන වී ඇති බවද පැහැදිලිය.
ජනරාල් සලේ රහස් පොලීසිය වෙත සිදු කළ පැමිණිල්ල හරහා සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගැනීමට නොහැකිය.රහස් පොලීසියේ අධ්‍යක්ෂ වරයා ඒ බව ජනරාල් සලේට දැන්වූ විට ඔහු දැක්වූ වෛරී සහගත කෝපය මේ ලියවිල්ලේ ආරම්භයේ ඇත.
රහස් පොලීසිය ජනරාල් සලේ ගේ තර්ජනයත් සමගම සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගැනීමට අළුත් තුරුම්බුවක් අතට ගන්නා ලදී. ඒ දෙදහස් (2007අංක56)
හත අංක පනස් හය දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතයි. අයි.සී.සී.පී.ආර්. (ICCPR )පනත ලෙස හැඳින්වෙන්
නේද එයයි.
රහස් පොලීසිය මේ වන විට සිරිල් ගාමිණී පියතුමාට අදාල පනතේ
2(1) යටතේ චෝදනා කොට ඇතැයි දැන ගැනීමට ලැබී තිබෙි.
එම වගන්ති මෙහෙමය.
3(1) කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැළකීමට
එදිරිවාදිකම් කම්වලට ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය.
2(1) වන උප වගන්තියේ සඳහන් වරදක්
(අ) සිදු කිරීමට තැත් කරන
(ආ) සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙන
(ඇ) සිදු කරන බවට තර්ජනය කරන
යනුවෙනි
මෙම පනතේ 04 වගන්තියේ දැක්වෙන ආකාරයට මෙම වරදක් සංඥය හා ඇපදිය නොහැකි වරදකි.
සිරිල් ගාමිණී පියතුමා මෙම පනත හරහා දඩයම් කරන්නට වෑයම් කරන්නේ දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කිරීම සඳහා බව අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවේ.මිල්ටෙරි නන්දසේන හා ජනරාල් සලේ ගේ දඩයම් බල්ලන් මේ කරන්නට හදන්නේ මුළු රටටම කෙලවා ගැනීමක් බව ලියා තැබිය යුතුමය.
සිරිල් ගාමිණී පියතුමා යම් හෙයකින් අත් අඩංගුවට ගෙන සිර ගත කළහොත් එය ජාත්‍යන්තර කතෝලික රටවල්හී මහා කතිකාවතක් ගොඩ නැඟෙන සිදුවීමක් විය හැකිය.ඉන් පසුව මතුවන ජාත්‍යන්තර අප්‍රසාදය තුළ අපේ රටට බොහෝ අහිමිවීම් හා පල විපාක විඳින්නට ලැබෙනු ඇත.
මිල්ටෙරි නන්දසේන ආණ්ඩුව දැන් සිටින්නේ මරු කියවමිනි.ආණ්ඩුවේ සොහොන් ලකුණු එළිපිටම දකින්නට තිබේ.ජනරාල් සලේ වැන්නන් සිටින්නේද පිස්සු වැටිලාය.මිල්ටෙරිි නන්දසේන බලයට ගෙන ඒමට දර දිය ඇදි පිණ්ඩපාතේ ගිය කැළණි නයා මැජික්පෙන්වූ චීවරධාරී තක්කඩියන් රොත්තද
දැන් සිටින්නේ බිමට පත බෑවී චොර වෙලාය.රටෙන් බාගයක් විතර දැන් සිහින දකින්නේ රාජපක්ෂ තක්කඩියන්ට ජම්පරය අන්දා වැලිකඩට
ගාල් කරන දවස ගැනය.
කෙසේ වෙතත් සිරිල් ගාමිණී පියතුමා දඩයම් කරන්නට යාම මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවෙි අවසන් පරිච්ඡේදය බව අපි වගකීමෙන්
ලියා සඳහන් කරමු.