උණුසුම් පුවත්

රාජපක්ෂලා ගේ දේශපාලන බුරුවා ගැසිල්ල .

Spread the love

තක්කඩි රාජපක්ෂවරුන් දේශපාලන බූරුවා ගැහිල්ල නතර කොට බූරුවා
කූටිටමෙන් මැජික් පෙන්වන්නට පටන් ගෙන තිබේ.⁣මේ බූරුවා කූටිටම් මැජික් සංදර්ශනයන් ගෙන් මිල්ටෙරි  නන්දසේන ගේ ආණ්ඩුව පිළිබඳව මෙරට  සමාජය තුළ පවතින කළකිරීම මග හරවා ගැනීම අපේක්ෂා කරන බව අපගේ අදහසයි.
මේ වන විට මෙරට විවිධ ප්‍රදේශවලින් බෝම්බ අත් අඩංගුවට ගනිමින් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.ISS  කල්ලියට සම්බන්ධ 705 දෙනෙකු මෙරට සිටිතැයි පොලීසිය අධිකරණය වෙත ගිය සතියේදී කරුණු වාර්තා කරන ලදී.
ඒ අතර වාරයේදී මෙරට පවතින නීති සංශෝදනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට මිල්ටෙරි නන්දසේන විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කොට එහි සභාපති වරයා වශයෙන් ගලබොඩ අත්තේ ඥානසාර පත් කරන ලදී.කොළඹ විශ්ව විද්‍යලයේ උප කුලපතිවරයා වශයෙන් මුරුත්තට්ටුවේ ආනන්දට පත්වීම ලැබුනේද මේ අතර වාරයේය ජනපති මාධ්‍ය අංශය මගින් සංවිධානකෙරුණු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ ගලබොඩ අත්තේ ඥානසාර මෙරට ජීවත්වන සෑම  ජාතියකටම  නීතිය සමානව ක්‍රියාත්මක වීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම තම  අපේක්ෂාව බව පැවසීය.කොළඹ ආනන්ද විද්‍යාලය අසල පදිංචි මුසල්මානු දරුවෙකුට එම විද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාවක් නොලැබේ නම් මෙරට නීතියේ හිඩැසක් පවතින බව එහිදී වැඩිදුරටත් ඥානසාර පවසන ලදී.ඥානසාර මෙම මාධ්‍ය සාකච්ඡා වේදී දැක්වූ අදහස් මොහු පසුගිය කාලයේදී දැක්වූ ජාතිවාදී අදහස් වලට සම්පූර්ණයෙන්ම පටහැනි
වීම  විශේෂ කරුණකි.
පොදු ජන පෙරමුණු ආණ්ඩුව තුළ සිටින අනෙක් පක්ෂවල නායකයන් ජනහිතකාමී හෙට දවසක් සඳහා මහජන සම්මන්ත්‍රණ සභාව යන මැයෙන්  රැස්වීමක්  පවත්වන්නේද මෙවැනි සමාජ වටපිටාවකය.එම රැස්වීමට  විමල් වීරවංශ ,වාසුදේව නානායක්කාර,  ගම්මන්පිල, අතුරැලියේ රතන හිමි, ගෙවිදු කුමාරතුංඟ, ටිරාන් අලස් ජයන්ත සමරවීර, ඩියු ගුණසේකර ,තිස්ස විතාරණ ,ඒ එල් එම් ආතවුල්ලා ,වෛද්‍ය ජී.වීරසිංහ, දයාසිරි ජයසේකර, ඇතුළු පොදු ජන පෙරමුණට සම්බන්ධ දේශපාලන නායකයන්ද පූජ්‍ය පක්ෂය නියෝජනය කරමින් ඕමාරේ කස්සප, මැදගොඩ අභයතිස්ස, ඉඳුරගාරේ ධම්මරතන , යන රාජපක්ෂ ඔඩොක්කු චීවරධාරීන්ද සහභාගි වී සි⁣ටි අතර ඒ සිටියවුන් අතර කැපී පෙනීමට ලක් වූ විශේෂ චරිතය වූයේ මහින්ද රාජපක්ෂගේ හුරතලෙකු  වූ නීතිඥ ප්‍රේමනාත් දොලවත්තය.
 කෙරවලපිටිය යුගදනව් බලාගාරය ඇමරිකාවට පැවරීමට එරෙහිව විරෝධය දක්වමින් මෙම රැස්වීම පැවැත්වුන අතර එම රැස්වීමේ කථිකයන් නම නොකියා විරෝධය දැක්වූයේ ඇමරිකානු මුදල් ඇමති  පුරවැසි බැසිල් හාමුගේ ක්‍රියා කළාපයයි බොහෝ මාධ්‍ය වලින් මෙම රැස්වීම ආණ්ඩුවට එරෙහි රැස්වීමක් ලෙස අරුත් ගන්වා තිබුණි.මේ වන විට මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව කෙරෙහි පවතින මහජන විරෝධය හා පිළිකුළ  ගම් නියම් ගම් කරා  පැතිරී යමින් පවතී.විමල් වීරවංශ උදය ගම්මන්පිලලා එලියට බහින්නේ  මෙන්න මේ පවතින ආණ්ඩු විරෝධය සමනය කරන්නට ගේමක් ගහන්නට බව අපට තොරතුරු අනාවරණය වී තිබේ.මෙම රැස්වීම සංවිධානය සඳහා වැයවෙන මුදල් තොගය බැසිල් හාමු විසින් අතුරැලියේ රතන වෙත ලබා දී ඇත.එල්ලෙන්නට වැලේ වැල් නැතුව සිටින විමල් වීරවංශ ගම්මන්පිලලාට හා පොදුජන පෙරමුණේ සට්ටැඹි අනෙකුත් දේශපාලන නායකයන්ට මේ  විරෝධතාව අපූරු ලොතරැයියකි.දැන් ඔවුන් මේ ⁣පෙන්වන්නට හදන්නේ ආණ්ඩුව තුල සිටිමින් ආණ්ඩුවේ වැරදි නිවැරිදි කරන්නට කැප වෙන බවය.බිම ඇද වැටී චොර වී සිටින මිල්ටෙරි නන්දසේන නැවත සමාජය තුළ උස්සා තැබීම මේ සට්ටැඹියන් ගේ මූලික අපේක්ෂාවයි.ඇමරිකානු පුරවැසි බැසිල් හාමු අතින් වියදම් කර මේ ඔඩොක්කු කුක්කන් වයින් කර ඇත්තේ මේ කාරිය ඉටු කර ගන්නටය.  
විමල් වීරවංශගේ දේශපාලන පැටිකිරිය තුලම ඇත්තේ මෙවැනි අසික්කිත පාදඩ හැසිරීම්ය.⁣ඉහත රැස්වීමට සහභාගී වුන කිසිවෙකුත් කිසි දිනක රාජපක්ෂ හාමුලාගේ නායකත්වය ප්‍රතික්ශේප කරන්නන් නොවෙන බව අපි දනිමු.
රාජපක්ෂ බංගලාවෙන් එළියට බැස ගත් විට ⁣තමන් කිසිවෙකුට  දේශපාලන පැවැත්මක් නොමැති බවද ඔවුන් දනිති.එය හොඳින්ම තහවුරු කර ගත හැකි සිදුවීමක් ලෙස දැක්විය හැක්කේ ⁣මීට ඉහත දිනයකදී පැවැත්වූ පොදුජන පෙරමුණේ සාංවත්සරික උත්සවයයි.මෙම උත්සවය පොදුජන පෙරමුණේ සංවත්සරික සැමරුමට වඩා රාජපක්ෂ හාමුලා ගේ උපන්දින උත්සවයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.එම සැමරුමේදී ඔසවා තැබුනේ මහින්ද බැසිල් හා මිල්ටෙරි නන්දසේන ත්‍රිත්වයයි. මෙරට සමාජය තුල කුජීත වෙමින් තිබෙන තක්කඩි රාජපක්ෂලා නැවත  ඔසවා තබා ආරක්ෂා කර ගැනීමට  රාජපක්ෂ පවුල විසින්ම සංවිධානය කරනු ලබන මෙවැනි මැජික් සංදර්ශන හෙට අනිද්දා වෙන විට විවිධ ආකාරයෙන් රඟ දැක්වෙනු ඇත.
විමල් වීරවංශ ඇතුළු අනෙකුත් දේශපාලන සට්ටැඹියන් මෙම සංදර්ශන තුළ මහසෝන් සමයට ඇඳ  පිනුම් කරනම් ගසන්නේ මහජනතාව ගොනාට අන්දා ගෙන රාජපක්ෂ හාමුලාගේ සමීපයේම රඳවා ගැනීම සඳහාම බව අපි මතක් කර සිටිමු. 



Spread the love

Leave a Comment

You may also like