උණුසුම් පුවත්

ජනතාවගේ මුදල් හොරා කෑ බැසිල් හා පුෂ්පා අද වටවන්දනාවේ යයි

Spread the love

බැසිල් රාජපක්ෂ සහ පුෂ්පා රාජපක්ෂ අද දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැමිණ සිට ඇත. ඔවුන් උඩ මළුවට පිවිස පිටව ගිය අයුරු අප වෙත වාර්තාවී ඇත.

බැසිල් රාජපක්ෂ යනු මෙරට ජනතාවගේ මුදල්  සාපරාධී සාවද්‍ය පරිහරණය කරන ලද බවට මහාධිකරණය නඩු පවරා පසුගියදා එම නඩු සියල්ලම නීතිපතිවරයා විසින් ඉල්ලා අස් කරගත් දූෂිතයෙකි .  පසුගියදා එම නඩු විභාගයට ගත් අවස්ථාවේදී එම නඩුවේ සාක්ෂිකරුවෙකු වු මුදිත උපාලි ජයකොඩි අධිකරණයේදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවකු යොදා මල්වානේ නිවසක් ඉදි කළ බවයි.

  දොම්පේ මල්වාන ප්‍රදේශයේදී කර ඇති අක්කර  16 කින් සමන්විත සුඛෝපභෝගී නිවසේ  එම ඉදිකිරීම වලදි බොහෝ අවස්ථාවල පුෂ්පා රාජපක්ෂ ඊට සහභාගි වු බවද, මුදිත උපාලි ජයකොඩි ප්‍රකාශ කොට ඇත. බැසිල් රාජපක්ෂ රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් ජනතාව ගොනාට අන්දමින් නැවත වතාවක් ඇමරිකාවේ සිට මෙරටට පැමිණ දැන් රටේ මුදල් ඇමතිකම භාරව ක්‍රියා කිරීම තුලින් පෙනි යන්නේම මෙරට ජනතාවට තම ඡන්ද අයිතිය පිලිබදව කිසිදු අවබෝධයක් නැති බව මනාව පෙනි යයි.

 


Spread the love

Leave a Comment

You may also like