මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාම ශ්‍රී ලංකාවේ ඓතිහාසික ක්‍රීඩා වල යෙදුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජපක්ෂලා සමග ක්‍රීඩා කිරීමට නොහැකි තැන පරාජයට පත් තාජුදීන් ලා ගිනි තබාගෙන සියදිවි නසා ගත්තේ ඒ නිසාය.
චිච් නොහොත් රෝහිත රාජපක්ෂ යනු ඓතිහාසික පුද්ගලයෙකි. ඔහු ලෝකෙ කිසිවෙකුට යැවීමට නොහැකි වූ රොකට්ටුවක් යවා ලෝක වාර්තාවක් තැබූ අතරම ඔහු යවන ලද රොකට්ටුව අද වෙනතුරු චීනයට පවා සොයා ගැනීමට නොහැකිවී ඇත. කිසිවෙකුටත් නොදෙවෙනි ලෙස මේ වන විට පන්දුවට පහරදීමට ක්‍රිකට් ක්‍රීඩාවට ද පැමිණ සිටී, එයින් නොනැවතුනු ඔහු මෝටර් රථ ධාවන තරග වලට ද අවතීරණය වීමට තීරණය කොට ඇත.
මේ පිළිබඳව තම සහෝදරයා වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ගුවන් හමුදාපතිවරයා අමතා තමාගේ සොහොයුරා ඉදිරියේ දී පැවැත්වෙන මෝටරථ ධාවන තරගයට ප්‍රථම වරට සහභාගි වන බැවින් වහාම දෙසැම්බර් මස 04 වන දින 05, දින 06 වන දින ඒ සඳහා වෙන් කරන ලෙසත් ,ඒ අවශ්‍ය තරග ධාවන පථය (Race track )සකස් කිරීමට කටයුතු කරන ලෙසද, ඔහු දැනුම් දී ඇත.
මෙහිදී ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ ඉතාමත්ම සාවධානව අසා සිට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට දැනුම් දී ඇත්තේ රටේ පවතින කෝවිඩ් වසංගත තත්වය සහ රටේ ආර්ථික අස්ථාවරත්වය, නිසා මෙවැනි තරගයක් පැවැත්වීම කිසිසේත් මේ අවස්ථා දී සුදුසු නොවන බවයි.
රටේ ආර්ථිකය හේතුකොටගෙන ජනතාව නොසන්සුන්තාවකට පත්ව ඇති හෙයින් රජය හා ගුවන් හමුදාව දැඩි අප්‍රසාදයට පත් වන කටයුත්තක් බැවින් කටුකුරුන්ද මෝටරථ ධාවන තරඟය පැවැත්වීම පිළිබදව නැවත වතාවක් කල්පනා කරන ලෙස නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ දැනුම් දී ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
“මට ඒවා වැඩක් නෑ…….” ගුවන් හමුදාපතිතුමා දෙසැම්බර් 3 වැනිදා 04 සහ 05 දා 06 දින වහාම කටුනායක මෝටර් රථ ධාවන තරගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කළ යුතු බවත්, මෙහිදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා ඇත්තේ මේ පිළිබඳව සජීවී විකාශනයක් ලබාදීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට තමා පුද්ගලිකවම දැනුම්දී ඇති බව මෙහිදී පවසා ඇත .
ඒ අනුව චිචී නොහොත් රෝහිත රාජපක්ෂ ප්‍රථමවතාවට මෝටරථ ධාවන තරගයට අවතීර්ණ වනු ඇත .මේ වන විට ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ හිනිපෙත්තට මෝටරථ ධාවන තරග වලටත් එසේම අභ්‍යවකාශ ගඟනගාමියෙකු වශයෙනුත් නම් දරා ඇති.