උණුසුම් පුවත්

අබ්බ ගොබ්බ පොලිස්පති ගේ “අම්බලන්ගොඩ පොලිසියේ ” සුපිරි පැටිකිරිය.

Spread the love

මිල්ටෙරි නන්දසේනගේ රාජ්‍ය පාලනය යටතේ රටේ විනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.මෙරට අධිකරණය හා පොලීසියේ ක්‍රියාකාරිත්වය තුළ පවතින්නේ ඉතා බරපතල ලෙස පොදු ජනතාවට හානිකර වටපිටාවකි.එම ආයතන හැසිරවෙන්නේ දේශපාලනිකව සමාජ බලයක් ගොඩ නගා ගෙන ඇති ජාවාරම්කරුවන් ගේ හා අවශ්‍යතාව අනුව බව දකින්නට ඇසෙන්නට ලැබෙන හා වාර්තා වෙන තොරතුරු වලින් අපට තහවුරු කර ගත හැකිය.

මේ වන විට මෙරට බොහෝ දේශපාලඥයන්ට එරෙහිව වංචා දූෂණ 
සමිබන්ධයෙන් අධිකරණ තුළ ගොනු කර තිබූ නඩු  නීතිපති විසින් ඉල්ලා අස් කර ගනිමින් සිටී.ඉල්ලා අස් කරගන්නා එම නඩු අතර තක්කඩි ජාවාරම් කාරයන්ට එරෙහිව පැවැති නඩුද වේ.මේ හේතුවෙන් නීතිපති ක්‍රියාවලියේ
ස්වාධීනත්වය පිළිබඳව සමාජය තුළ පැවැති විශ්වාසය බිඳ වැටී ඇති බව පෙනී යයි.වර්තමානයේදී නීතිපති  විසින්  ඉල්ලා අස් කරගන්නා නඩුකර සියල්ල පවරා ඇත්තේ පසුගිය යහපාලන අවදියේ නීතිපති වරයා වශයෙන් කටයුතු කළ දැනට අගවිනිසුරුවරයා වේ.දැන් මේ නීතිපති විසින්  සිදුකරමින් පවතින නොසන්ඩාල 
කෙරුවාව හේතුවෙන් වත්මන් අගවිනිසුරු පවා හාස්‍යයට ලක් වෙන වටපිටාවක් අධිකරණ ක්ෂේත්‍රය තුළ නිර්මාණය වී තිබේ.
මෙරට අධිකරණ ක්‍රියාවලිය හාස්‍ය ජනක චිත්‍රපටයක් වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ කොදු නාරටියද මිල්ටෙරි නන්දසේනගේ පාලනය යටතේ කඩා බිඳ දමා තිබේ.සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අද පාලනය වන්නේ
පොදුජන පෙරමුණේ දේශපාලඥයන් හාඔවුන් ගේ හෙංචයියන් විසිනි.ලංකාව පුරාම පොලිස් ස්ථාන වල  ස්ථානාධිපති වරු ලෙස පත් කර ඇත්තේ ගෞරවණීය පොලිස් නිළ ඇඳුම පාවා දෙන පොලිස් උප සේවාවේ නපුංසකයන්ය.මොවුන් සිය පොලිස් බල  ප්‍රදේශයේ පොදු ජන පෙරමුණු දේශපාලන බලවතාගේ නිවසේ තුත්තිරි ගලවන්නට  පවා සැදී පැහැදී සිටින පිංගුත්තරයන්ය.
පොලීසියේ රාජකාරිමය කටයුතු හා ⁣පොලිස් නිළධාරීන්ගේ විනය කෙතරම් පහල තත්වයකට පහතට වැටී තිබේද යන්න තහවුරු කෙරෙන ප්‍රවෘත්තියක් 
අම්බලන්ගොඩ පොලීසියෙන් අප හට වාර්තා වී තිබේ.ඒ අම්බලන්ගොඩ පොලීසියේ  කොස්තාපල්වරයකු සිදු කරන ලද හෙරොයින් ජවාරමක් පිළිබඳවය.සඳරුවන් නම් ⁣මෙම පොලිස් කොස්තාපල් වරයා බලපිටිය මහාධිකරණයේ රාජකාරියේ නිරත උසාවි සැරයන් වරයා වෙි.
පසුගියදා රත්නපුර පොලීසියෙන් හෙරොයින් ජාවාරම් කිරීම  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  සැකකරුවකු පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට හෙරොයින් ලබා දෙනු ලබන්නේ අම්බලන්ගොඩ පොලීසියේ සේවයේ නිරත සඳරුවන් ගෙන් බවය.මෙම සැකකරුගේ ප්‍රකාශය පිළිබඳව කොස්තාපල් සඳරුවන්ගේ කට උත්තරයක් ලබා ගැනීමෙන් එහි විමර්ශන අවසන් කර තිබේ.
කොස්තාපල් සඳරුවන් මේ වන විටත් බලපිටිය මහාධිකරණයේ රාජකාරියේ
නිරතව සිටී.අධිකරණයට ඉදිරිපත් කෙරෙන හෙරොයින් නැවත ජාවාරම්කරුවන් අතට පත් කෙරෙන බවට සමාජය තුළ කතා බහක් පවතී.
මෙම සිදුවීම එම කතාබහ සත්‍ය බවට තහවුරු කරන සිදුවීමක් ලෙස සැළකිය හැකිය.බලපිටිය මහාධිකරණ විනිසුරුවරිය මෙම සිදුවීම දන්නවාදැයි අපි නොදනිමු.එහෙත් මහාධිකරණයේ උසාවි සැරයන් හෙරොයින් ජාවාරමකට 
සම්බන්ධ වීමේ චෝදනාව නිසා අධිකරණයේ ගෞරවයට බරපතල ලෙස හානියක් වන අපේ අදහසයි. මෙම ප්‍රවෘත්තියත් සමගම අම්බලන්ගොඩ පොලීසියේ  කෙරුවාව
ගැන අපේ තොරතුරු කරුවන් යොදවා  විමසීමක් කරන ලදී.එහිදී අනාවරණය
වූයේ අම්බලන්ගොඩ පොලීසිය “පෞද්ගලික සමාගමක්”  ලෙස හැඳින්වීම සුදුසුු බවය.එම පොලීසියේ රාජකාරිය ඒ තරමට පිරිහිලාය.
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා  ලෙස  කටයුතු කරන උප සේවා පොලිස් පරීක්ෂක වරයා  ගේ බිරිඳ රක්ෂණ සමාගමක නියෝජිත වරියකි.යම් අපරාධයකට සම්බන්ධව අම්බන්ගොඩ අපරාධ අංශයෙන් අත් අඩංගුවට ගන්නා ඕනෑම සැක කාරයෙකුට පැය ගනනාවකදී අඩුම වශයෙන් ඇප මත හෝ එළියට බසින්නට චාන්ස් එකක් තිබේ.ඒ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ ගේ සහයෝගයෙන් රක්ෂණයක් දමා ගැනීමෙන් අනතුරුවය.අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ සිඳු වූ බරපතල  අපරාධ වලට සම්බන්ධ විත්තිකාර පාර්ශවයන් පවා මෙම රක්ෂණ අනුග්‍රහය භුක්ති විඳින බව අපට දැනගන්න⁣ට ලැබුණි.
හෙරොයින් ජාවාරම් කරුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී  එම සැකකරු සමග අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්  වෙනුවට හඳුන්කූරු කුඩු මදුරු කොයිල් කුඩු හෝ බිත්තියේ හුණු ඉදිරිපත් කොට රස පරිික්ෂක වාර්තාව මත නිදහස ලබා ගැනීමෙි අවස්ථාවක්ද අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයෙන් ලබා ගත හැකිය.ඒ  අපරාධ අංශ ස්ථානාධිපති ගේ බිරිඳගේ රක්ෂණයක් දමා ගැනීම හෝ වෙනත් මුල්‍යමය ආධාරයක් කිරීම 
අත්‍යවශ්‍යය වේ.
මෑතකදී තරුණයකුගේ ගෙල මන්නා පිහියකින් කපා එම ලේ තැවරුණ පිහිය සමග දිව ගිය අපරාධකරුවකු අම්බලන්ගොඩ පොලීසියේ රථවාහන අංශයේ යතුරුපැදි රාජකාරියේ නිරත පොලිස් ⁣නිළධාරීන් දෙදෙනෙකුට මුණ ගැසී තිබේ.හරි විදියට සිද්ධ විය යුතුව තිබුණේ එම අපරාධ කරු අත් අඩංගුවට ගැනීමය එහෙත් රථවාහන අංශයේ පොලිස් නිළධාරීන් දෙදෙනා විසින්  රුපියල් පන්දාහක් ලබා ගැනීමෙන් අනතුරුව එම අපරාධකරුවා මුදා හැර තිබේ.ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබුනද රුපියල් පන්දාහ ගත් පොලිස්  නිළධාරීන් දෙදෙනා යහතින් රාජකාරියේ නිරත ව සිටී.
පසුගියදා මෙම පොලිස් බල ප්‍රදේශය තුල වෙඩි තැබීමකින් ඝාතනය වූ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්  වරයාගේ  මරණය සම්බන්ධයෙන් මෙහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සිදු කළ පරීක්ෂණය මගින් අත් අඩංගුවට ගැනීීීීමෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අදාල ඝාතනයට කිසි සේත්ම සම්බන්ධ වූවන් නොවේ. මෙහිදී ප්‍රධාන ජේලර්වරයාට වෙඩි තබන ලදැයි
අධිකරණයට ඉදිරිපත් කළ ටී පනස්හය අවිය එම අපරාධට යොදා ගත් අවිය නොවේ.මෙම අපරාධසම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන විට අහම්බෙන් හමු වූ  ටී පනස් අවියක් අදාල අපරාධය සිදු කළ අවිය ලෙස අධිකරණයට ඉදිරිපත් කොට කුමන්ත්‍රණකාරී සැලසුමකින් ඇඟ ⁣බේරාගන්නට අපරාධ අංශයේ ස්ථානාධිපතිට හැකි වී තිබේ.මේ ක්‍රියාව නිසා ප්‍රධාන ජේලර්ගේ ඝාතනයේ සැබෑ
අපරාධකරුවන් තවමත් නිදැල්ලේය.
අප තොරතුරු හෙළිකර ගත් ආකාරයට එම ප්‍රධාන ජේලර් වරයා මරා දැමෙන්නේ ගාල්ල හිටපු බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහගේ අවශ්‍යතාව මත දැනට පොලිසියේ සීඅයීඩී ඒකකයේ රඳවා ගෙන සිටින ලැසී නම් පාතාලයාගේ උපදෙස් මත ඒ සඳහා යෙදවුන අපරාද කරුවන් දෙදෙනෙක් බව අප වගකීමෙන් සඳහන් කරමු.මෙි 
අපරාදකරුවන් දෙදෙනා තවම නිදහසේය.
අම්බලන්ගොඩ  පොලීසියේ පාලන අංශයේ කටයුතු කරන චන්දන නම් පොලිස් සැරයන් වරයකු දිගින් දිගටම අනෙක් පොලිස් නිළධාරීන්ගේ ත්‍යාග වවුචර වංචා කරමින් සිටින බව වාර්තා වේ.⁣⁣යම් පුරවැසියකු නිශ්කාෂණ වාර්තාවක් ලබා ගැනීමට මෙම සැරයන් වරයාට මිලක් ගෙවිය යුතු බවට අපට දැන ගැන්මට ඇත.දීර්ඝ කාලයක් එම අංශයේ රාජකාරියේ නිරත මෙම නිළධාරියා විසින් බොහෝ දූෂණ සිඳු කරමින් පවතින බවට පොලිස්පතිවරයාට පවා පැමිණිලි කොට ඇති බවද දැන 
ගැන්මට තිබේ.
අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස මෑතකදී පොදු ජන පෙරමුණු සංවිධායක නිර්දේශය මත පත් කර ඇත්තේ පොලිස් ගරාජයේ
සේවයේ නිරතව සිටි උප සේවාවෙන් පොලිස් ස්ථිර සේවාවට අනුයුක්ත කරන ලද  ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකි.මහජනතාවට ඉතා අසභ්‍ය හා පරුෂ වචනයෙන් අමතන මෙම නොසන්ඩාල නිළධාරියා පොලිස් ආඥා පනත ,දණ්ඩ නීති සංග්‍රහය, හා අපරාධ නඩු විධාන සංග්‍රහය  ගැන මෙලෝ හසරක් නොදන්නා අබ්බ ගොබ්බයෙකි. පොලිස් ගරාජයේ මලකඩ කඩමින් සිටි  මෝඩයකුට මෙවැනි තනතුරක වගකීමක් දරාගත නොහැකි බව මොහු විසින්  පෙන්වා දෙමින් තිබේ.
පොලීසියේ කුණු කාණු පිරිසිදුව තබා ගැනීමත් පොදුජන පෙරමුණ දේශපාලන හෙංචයියන් විසින් සිදු කරන අපරාධමය වැරදි ආවරණය කිරීමත් මෙම පොලිස් ගෝතයාගේ එකම රාජකාරිය වී තිබේ. 
පොදුජන පෙරමුණු  දේශපාලනය නිසා පොලීසියට කෙල වුන හැටි පෙන්වා දෙන්නට හොඳම ආදර්ශයක්  අම්බලන්ගොඩ පොලීසිය වෙතින් අනාවරණය වේ.මෙරට අනෙක් පොලීසි වල කෙරුවාවද මේ හා සමාන බවද කිව යුතුමය.

Spread the love

Leave a Comment

You may also like