උණුසුම් පුවත්

අපරාදේ………. ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ගෝඨා ගේ වසර 02 ට DIG ලා 06ක් SSP ලා 5 ක් පත් කරලා , වරද කොතනද ….?

Spread the love

වසර 1866 දී පිහිටවූ ශ්‍රී ලංකා පොලිසියේ එදා මෙදා තුර කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කර ඇති ආයතනය, 1870 දී පිහිටුවා ඇති (CID ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ය.

එහෙත් අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මළගම සිදු කරමින් තිබීම ඉතාමත් ඛේදනීයි. මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළට ගෝඨාභය ආණ්ඩුව  තුළ වසර දෙකක් තුළ දී නියෝජ්‍ය පොලිස්පතිවරුන්  06 දෙනෙකු සහ අධ්‍යක්ෂකවරුන්  05  දෙනෙකු ස්ථානමාරුවීම් ලබා ඇත .මෙය මේ වනවිට පොලිස් දාරින් හඳුන්වනු ලබන්නේ  CID  ඒ සංගීත පුටු තරඟය බවයි.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඕනෑම රටකට මහත් ආභරණයකි. ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එල්ටීටීඊ ත්‍රස්තවාදය යුද සමයේදී ඉතාමත්ම සුවිශේෂිත කාර්යභාරයක් ඉටුකළ ආයතනයකි. විශේෂයෙන්ම මෙම ආයතනය තුළින්  කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කර ගැනීමට නම් එම පොලිස් නිලධාරීන්ට නිසි පුහුණුවක් තිබිය යුතුමය. එහෙත් මෙම ස්ථානයට පැමිණෙන නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා අධ්‍යක්ෂකවරුන් ඒම සහ යාම පිළිබඳව කිසිවක් සිදු නොවන බව ඉතාමත්ම කණගාටුදායක තත්වයකි.

මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ අනගිභවනීය කාර්යයක් ඉටු කරන ලද ආයතනයකි. එහෙත්අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වලපල්ලට යාම ඉතාමත් කනගාටුවට කරුණකි. මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දිනය වන විට තවත් අධ්‍යක්ෂවරයකු වූ පත්වීමට නියමිතය මේ වන විට අධ්‍යක්ෂක වශයෙන් පත්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රේමරත්න අද දින හෝ හෙට වන විට අධ්‍යක්ෂක  ධූරයෙන් ඉවත් කොට තවත් පුද්ගලයෙකු පත් කිරීමට නියමිතය.

 මෙවන විටත් පත් කිරීමට සියල්ල සූදානම් බව අප හට  ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත. එසේම අද වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළින් සිදු වන්නේ ගෝඨාභය ආණ්ඩුවට එරෙහිව හඬ නගන සියල්ලම මර්දනය කිරීම සඳහා  කටයුතු කිරීමය. එසේ නොමැතිව ශ්‍රී ලංකාවේ අපරාධ මැඩලීමට මේ වන විට ඔවුන් සිදුකරන කාර්යභාරයට වඩා තම විරුද්ධවාදීන් මැඩපැවැත්වීමට සහ ඔවුන්ගේ කටවල් වැසීමට සහ කතා කිරීමේ ,සිතීමේ භාෂණයේ අයිතිය දේශපාලණ වුවමනාව මත ඇහිරීම සිදු කිරීමට පෙලබී ඇත.

එසේම අපරාධයන් පිළිබඳව මේ වනවිට යොදවා ඇති ක්‍රමවේදය සහ උපක්‍රමයන් කිසිවක් නොදන්නා එම ස්ථානයේ රාජකාරි නිරත බොහෝ නිලධාරීන් අද පත්ව ඇත්තේ දේශපාලනික පදනමක් මතය. ඔවුන් දේශපාලනික මුහුණුවරකින් සහ දේශපාලනික කතාබහෙන් යුක්ත පුද්ගලයින් වීම සමාජයේ වැඩි කතාබහට සහ ලක්ව ඇති ඉතාමත් කණගාටුදායක තත්වයකි.

අද වන විට ශ්‍රී ලංකාවේ විපක්ෂය මර්දනය කිරීමට ගෝඨාභය ආණ්ඩුවට අද වැරදුණ තැන නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාගේ විරුද්ධවාදී මැඩපැවැත්වීමට කටයුතු සඳහා යෙදවීම නිසා අද සිදුව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් දේශපාලනික කෝණයෙන් සමාජය දෙස බැලීමයි එහෙත් මෙය ඉවත් නොකළහොත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මහත්වූ ආභරණයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විනාශයෙන් විනාශයට ලක්වන බව ඉතාම වගකීමෙන් අපි සඳහන් කරන්නේ මු.

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත් කරන ලද නියෝජ්‍ය පොලිස්පති  ප්‍රසාද් රණසිංහ සහ අද හෝ හෙට ඉවත් කිරීමට නියමිත ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රේමරතන  නැමැති නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විනාශයට රැගෙන ගිය බව ඉතාමත්ම වගකීමෙන් සඳහන් කළ යුතුය.

 


Spread the love

Leave a Comment

You may also like