උණුසුම් පුවත්

මුන් ඇමතිවරුද……….? කොල්ලකරුවන් ද …….?…….. සීතාඑලිය රජයේ ගොවිපළේ අක්කර 30 ක ට වඩා වගා කටයුතු සිදු කරන්නේ මහින්දානන්ද……..!!

Spread the love

කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බීජ  ගොවිපළක්  වශයෙන් පවත්වාගෙන ගිය නුවරඑළිය සීතාඑළිය බීජ ගොවිපලේ ඉඩම් අක්කර 30 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට මහින්දානන්ද අලුත්ගමගේ ආයතනයේ සියලුම වරප්‍රසාද සහ අත්ට්‍රැක්ටර් සහ කම්කරුවන් යොදවා ගෙන තම පුද්ගලික වගාවක් වශයෙන් පවත්වා ගෙන යනු ලබන බව අප වෙත වාර්තාවී ඇත .

මේ සියල්ලම එම ස්ථානයේ සිටින නුවර එලිය මිනිසුන් හදුන්වන සන්තියාස් නොහොත් සෙල්දියස් යන නමින් හඳුන්වන පුද්ගලයා විසින් සිදුකරන බව අප ඉතා වගකීමෙන් සටන් කරන්නේ මු.     මෙම ඉඩම මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් වගා කටයුතු සන්තියාස්  සිදු කරන බවත්, මේ වන විට බීජ වපුරා ඇති අතරම එම සියලුම බීජ සහ අවශ්‍ය පොහොර සපයනු  ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බවයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යත් ටැක්ටර් හා අනෙකුත් ආම්පන්න සියල්ල ම පාවිච්චි කරමින් කම්කරුවන් සියල්ලම යොදවා ගෙන ඔවුන්ට කම්කරු වැටුප වෙනමම ලබාගැනීමටද අවස්ථාව ලබා දීම නිසා සේවකයින් ඉතාමත් සතුටින් තම සේවා කටයුතු කරන බව වාර්තා වේ. එහෙත් මේ රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කරමින්, තමා රජයේ ඉඩම් අක්කර 30 ක ට වැඩි ප්‍රමානයක්  මෙසේ වගා කරමින් රජයට ලැබිය යුතු මුදල් මුළුමනින්ම අහුරා දමා තමා එම ස්ථානයේ සිටින කම්කරුවන් සහ ආයතනයේ සියලුම උපකරණ යොදා ගනිමින් තමා සමහර අවස්ථාවන්වල දී මෙම සීතාඑලිය ගොවිපළ පිහිටා ඇති අමාත්‍යවරයාට අයත් නිල නිවසේ ද නැවතී සිටින අතරම ඒ සඳහා ද තවත් පුද්ගලයින් කණ්ඩායමක් සහ පවුලේ උදවිය පැමිණ සිටින බවද වාර්තා වේ. 


Spread the love

Leave a Comment

You may also like