උණුසුම් පුවත්

කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැව්මා ඝාතනයට සියල්ල සුදානම් .

Spread the love

මේ ආකාරයටම ලංකාදවස පුවත්පත පැය 72 කට පෙර දී මාකදුරේ මදුෂ්ඝාතනයට සුදානම් බව කීවත් රටේ නිති අංශ හෝ කිසිවෙක් ඊට කිසිදු පියවරක් නොගත් නිසාම ඔහු ඝාතනය කිරිකිමට දේශ බන්දුට හැකිවිය .

අදත් මේ පිලිබදව අප හෙලිකරන්නේ කුමණ අයෙකු වුවත් ඔහු ගේ මනුෂ්‍ය ජීවිතය නැති කිරීමට අපි විරුද්ධ නිසාය.
මේ වනවිට පොලිස් බුද්ධි නිලධාරින් කණ්ඩායමක් මොරටුව අධිකරණයට ආයුධ සන්නද්ධව යවා එය පාතාලේ ගැටුමක් ආකාරයට සැකකරු මරාදැමීමට සුදානම් බවට අපි වෙතට ඉතාම විශ්වාසවන්ත තොරතුරක් ලැබී ඇත.

බී. 870/2019 දරණ නඩුව වෙනුවෙන් මහාධිකරණයෙන් වසර 03 කට පසුව ලද ඇප මත අද 29/10/2021 දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැදවීමට නියමිතව ඇත. එම අවසථාවේදි අධිකරණයේ සැකකරුවන් වෙනුවෙන් නිතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නිතිඥ   සාලිය පීරිස් මහතා ද සමඟ නිතිඥ සේනක පෙරේරා හා තවත් නිතිඥ කණ්ඩායමක් පෙනිසිට ඇත. එහිදි සැකකරුවන් විඩියෝ ගතකල පුද්ගලයන් පිලිබදව විමසීමේදි අධිකරණ භූමිය තුලදි පොලිස් කොස්තාපල් හැදැල්ල ආරච්චි ගේ සංජය ප්‍රියදර්ශණ කොස්තාපල් නිල අංකය (PC 21436  ) නැමති නිලධාරියා සමඟ පැලියගොඩ සිට ක්‍රියාත්මකවෙන පොලිස් බුද්ධි අංශයේ නිලධාරින් 06 දෙනෙකු සිටින බවට හදුනාගෙන ඇත. මෙම මිනිමරු නිලධාරින් මෙහෙයවනු ලබන්නේ  “උප පොලිස් පරික්ෂක ඉන්දික සිල්වා  “නැමති අයෙකු බවට හෙලිවී ඇත.

පසු ගිය කාලයේ සිදු කල ඝාතනයන්මෙම පුද්ගලයන් විසින් සිදුකල බවට අනුමාන කල හැකිය. මෙම නිලධාරින් මිනිමැරීමට යොදවා ක්‍රියාතමක කරවන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන විසින් බවට අප දිගින් දිගටම ලියු සියල්ලම අද තහවුරු විය.

ශ්‍රි ලංකාවේ මිනිමරා අපරාධ අඩු කිරීමට දේශ බන්දු තෙන්නකෝන්ට පෙර සිටි අනුර සේනානායක ,වාකිස්ටලා ,වාස් ගුණවර්ධනලා ක්‍රියා  කල මුත් අවසානයේ ඔවුන් නතර වුයේ සමාජයෙන් තුරන්ව හිරේ විලංගුවේ වැටීය. පාතාලේ හෝ කුමණ අන්දමේවත් පුද්ගල ඝාතනයන්ට අපි තරයේ කොන්දේසි විරහිතව විරුද්ධය.

අද ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයට පැමිණීමට තිබියදී මෙවනි ඝාතනයන් සිදු කිරීමට සැලසුම් කරන්නේ දේශබන්දුල්ලා රටේ ජනාධිපතිව ලෝකයතුල අප්‍රසාදට පත් කිරීමට දැයි අපි නොදනිමු.

කෙසේ නමුත් කැළුම් ඉන්දික සම්පත්ට මරණ වරෙන්තුව දේශබන්දු තෙන්නකෝන් ලියා අවසන් බව නම් අපි එවගකීමෙන් ලෝකයාට දැනුම්දෙමු.  මේ ඝාතන සංස්කෘතිය නතර කිරීම සියළු දේශපාලන පක්ෂවල වගකීමය.


Spread the love

Leave a Comment

You may also like