අහක ඉන්න නයි ජොකා අස්සේ දාගන්නා මිල්ටෙරි නන්දසේන යන මැයෙන් මීට ඉහතදී අප විසින් පල කරන ලද පුවතට ක්ෂණික ප්‍රතිචාර ලැබුණි.
මෙම පුවත කියවූ පොදු ජන පෙරමුණු පාර්ශවයේ රාජපක්ෂ පවුලේ කියුම් කෙරුම් ගැන කළකිරී සිටින දේශපාලඥයකු පාතාල ජාවාරම්කාර සේනාධිපති විසින් මාධ්‍ය වෙත අනාවරණය කර ඇති සැළසුම පිළිබඳව අපට වැඩිමනත් තොරතුරු ලබා දෙන ලදී.සැබැවින්ම ජාවාරම්කාර සේනාධිපති ගේ අනාවරණය බළලා මල්ලෙන් එළියට පැනීමක් ලෙස අරුත් ගැන්විය හැකිය.අප එසේ සඳහන් කරන්නේ පොදු ජන පෙරමුණු දේශපාලඥයා පැවසූ තොරතුරු හා සසඳා ගනිමිනි.
අද මෙරට පවතින අර්බුදකාරී සමාජ වටපිටාව තුළ නන්දසේන හා ජවාරම්කාර තක්කඩියන්ගේ මූලික අවශ්‍යතාව වී ඇත්තේ විරුද්ධ පක්ෂය තුළ ප්‍රබල හඬක් ඇති දේශපාලන ක්‍රියා ධරයන් හොඳින් හෝ නරකින් නිහඬ කිරීමය.මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවට එරෙහිව සමාජ පෙල ගැස්මක් සංවිධානය කළ හැකි දේශපාලන නායකයන් කිහිප දෙනෙකු වහාම අත් අඩංගුවට ගෙන අනීතික ක්‍රියා මාර්ගයක කටයුතු කොට සිර ගත කිරීම මොවුන් ගේ ඉදිරි සැළසුම වේ.මේ සම්බන්ධයෙන් මිල්ටෙරි නන්දසේන ගේ උපදෙස් මත පොදු ජන පෙරමුණේ ප්‍රබල දේශපාලඥයකු ගේ නිවසේ රහස් සාකච්ඡාවක් සිදුුකෙරුන බව අපට තොරතුරු ලබා දුන් දේශපාලඥයා විසින් පවසන ලදී.එහිදී කයිවාරු සේනාධිපති සඳහන් කළ ආකාරයටම පාඨලී චම්පක රණවක අනුර කුමාර දිසානායක හා රාජිත සේනාරත්න අත් අඩංගුවට ගෙන පිස්සු පූසා කොමිෂමේ නිර්දේශ පරිදි සිර දඬුවමකට යටත් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම රහස් සාකච්ඡාවට පොලීසියේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ වර්තමානයේ සීඅයිඩී DIG ප්‍රසාද් රණසිංහ හා සීඅයිඩී අධ්‍යක්ෂ SSP. ප්‍රේමරත්න සහ මිල්ටෙරි නන්දසේන ගේ හෙංචයියන් කිහිප දෙනෙකු සහභාගි වූ බව වැඩිදුරටත් අනාවරණය කෙරිණි. සාකච්ඡාව අවසන් වීමෙන් පසු එහි ගත් තීන්දු තීරණ පිළිබඳව මතුවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් දුරකථනය මගින් මිලටරි නන්දසේන සීඅයිඩී DIG ප්‍රසාද් රණසිංහට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කර ඇති බවත්, ඔහු මේ වන විට හදිසි හෘදයාබාධයක් ඇතිවීම නිසා රෝහල් ගත වී ඇතැයිද දැන ගන්නට අප හට දැනගැන්මට ලැබී ඇත.
පාතාල ජාවාරම්කාර සේනාධිපති විසින් කයිවාරු ප්‍රකාශයක් කර ඇත්තේ ඉහත රහස් සාකච්ඡාව පදනම් කරගනිමින් බව අපට සිතා ගත හැකිය.බළලා මල්ලෙන් පැන තිබේ යැයි අප මුලින්ම ලිව්වේ ඒ නිසාය.කෙසේ වෙතත් මිල්ටෙරි නන්දසේන විපක්ෂ ක්‍රියාකාරිකයන් මර්දනය සඳහා දඩයම් බල්ලන් මුදා හැර ඇති බව ස්ථිරය. මිල්ටෙරි නන්දසේන විසින් කුමන්ත්‍රණකාරීව සැලසුම් කරමින් පවතින මේ මදාවි කෙරුවාව ගැන අපට කියන්නට ඇත්තේ කොට්ටෝරුව ගහින් ගහට කොට කොට යනවා කෙසෙල් ගසට කොටපු දාට හොට පැටලෙනවා කියන එක විතරමය.ඒ එක්කම නයාට පොල්ලෙන් ගහලා වරද්දා ගන්න එපාය කියාත් ම්ල්ටෙරි නන්දසේනට ගොට්ට අල්ලන පොලීසියේ උන්නැහේලාටත් අනතුරු අඟවන්නට අප කැමතිය.