මෙරට තිස් වසරක පැවැති යුද්ධය හමාර වීමෙන් පසු රාජපක්ෂවරු මවුබිමෙහි සිනක්කර අයිතිය තමන් සතු බවට සිතන උද්දච්ච මනෝ භාවයකින් පසුවූහ.සතරවරම් දෙවියන් හැරුණ විට ජාතිය හා ආගම ආරක්ෂා කර ගැනීමට වරම් ලද්දෝ ඔවුන් බවටද බඩ ජාරී සංඝ සමූහය විසින් සමාජයට තහවුරු කරන ලද්දේය.ඒ තහවුරු කිරීම් තවදුරටත් පාතාල සංනිවේදන මාධ්‍ය වෙතින් සමාජය පුරා මුදා හරිමින් මෙරට සමාජයේ සියළු තරාතිරකම හිස් සෝදා හැරි මනෝ සංග්‍රාමික වැඩපිළිවෙළ තුළ මහින්ද රාජපක්ෂ නම් තක්කඩියාට රජකු ලෙස සිය දේශපාලන බලය අනීතිකව හැසිරවීමට මග පෑදුනි.මෙරට පැවැති ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සියළු බල අධිකාරියන් ඉතා බරපතල ආකාරයෙන් ජරාජීර්න වෙන්නට පටන්ගත්තේ මේ තක්කඩි රාජපක්ෂ පවුල හා ඔවුන් හා සම්බන්ධව සිටි නොසන්ඩාල රාජ්‍ය නිළධාරීන් හා ජාවාරම්කාරයන් නිසාය. සැබවින්ම ඒ ජරාජීර්ණ වටපිටාව බලයෙන් උද්දාමයට පත්ව සිටි තක්කඩි රාජපක්ෂ වරුන් විසින් ඕනෑකමින් ඇති කරන ලද්දක් බව සඳහන් කළ යුතුමය.රට රකින විරුවා ලෙස මෙරට ජනපති පදවියට ජනතාව මහත් ආඩම්බරයෙන්ඔසවා තැබූ මිල්ටෙරි නන්දසේන මෙරට නීතිය යනු තමන් යැයි ප්‍රකාශ කරන ලද්දේ තක්කඩි රාජපක්ෂ වරු න්ගේ මනෝභාවයන්හි දිග පලල අනාවරණය කරමිනි.මේ තක්කඩියන්ගේ සියළු කෙරුවාවන් අත්පොළසන් නගා මහපාරේ කැවුම් කිරි බත් කා රබන් ගසා අනුමත කරන ජනතා පෙළගැස්මක්ද මෙරට සිටීම අද සමාජය වැටී තිබෙන දුක්ඛදායී වටපිටාවට හේතු වූ බව පැහැදිලිය.
යහපාලනය මගින් මෙරට ස්ථාපිත කළ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී නෛතික ආයතන වල කාර්ය භාරය තේරුම් ගන්නට තරමේ දැනුමක් අවබෝධයක්සමාජයට නොතිබුනි.මෙම ආයතන තුළින් ආවරණය වන්නේ සිය පුද්ගල නිදහස හා අයිතිය බව සමාජයට දැනුම් තේරුම් නැතිවිය.යහපාලනය කාලය තුළ මෙම ආයතන වල භාවිතය හා ක්‍රියාකාරිත්වය පසුගාමී හා දුබලතාවන් ගෙන් යුතු වූ බව අප පිළිගත යුතුය.ඒ නිසා සිදුවිය යුතුව තිබුණේ එම ආයතන වල වපසරිය තුළ පැවැති දුර්වලතා හඳුනා ගනිමින් ඒවා නිවැරිදි කොට වැඩිදුරටත් පුරවැසි බලය තහවුරු වන ආකාරයෙන් ඒ නෛතික ආයතනයන් බලගැන්වීමය.එහෙත් තක්කඩි රාජපක්ෂ වරු අද සිදු කර ඇත්තේ එම නෛතික ආයතන විනාශ කොට සෑම පුරවැසියකුම පාලනය කිරීම හා හැසිරවීම සිය පුද්ගලික අයිතිය යටතට පවරා ගැනීමය. සොරකම හා දූෂණය සිය පැවැත්ම කර ගත් තක්කඩි රාජපක්ෂ වරුන්ගේ කෙරුවාව යහපාලනය නිසා දෙදරීමකට ලක්වුනද ඉතා කෙටි කාලයක් තුළ නැවත සිය අභිලාෂයන් කුමන්ත්‍රණකාරී ලෙස තහවුරු කරගන්නට මග පාදා ගන්නා ලදී.යහපාලන ආණ්ඩුව පැවති කාලසීමාවේ සිටම තක්කඩි රාජපක්ෂවරු කුමන්ත්‍රණකාරී ජඩ න්‍යාය පත්‍රයකට අනුව නැවත මෙරට දේශපාලන බලය උදුරා ගැනීමට සැළසුම් කරන ලදී.
එහිදී යහපාලනයේ අගමැති රනිල් මෙහෙයවූ කාලකණ්නි අමාත්‍යවරු වූ තිලක් මාරපන වජිර අබේවර්ධන සාගල රත්නායක වැන්නන් ගෙන් හා ජනපති මෛත්‍රීපාල පාර්ශවය නියෝජනය කළ පාදඩ නොසන්ඩාල මෛත්‍රි ගුණරත්න, ශිරාල්ලක්තිලක, හා කීර්ති තෙන්නකෝන් ගෙන් ලැබුන යටිකූට්ටු සහාය තක්කඩි රාජපක්ෂ වරුන්ට ශක්තිමත් පිටුවහලක් විය.අද වන විට ශිරාල් ලක්තිලක හා මෛත්‍රි ගුණරත්න කීර්ති වැනිි පාදඩයන් සමගි ජන බලවේගයේ පාඨලී චම්පික රණවකගේ ඔඩොක්කුවේ හුරතල් වන ආකාරය දකින්නට ලැබීම හිරිකිතයකි. සමගි ජන බලවේගය තුළ ඉදිරියේදී බෙදීමක් ඉරා තලා යාමක් සිදු විය හැකි නම් එය සිද්ධ වීමේ අඩිතාලම මෙම පාහරයන් දෙදෙනා විය හැකි බව අපි කැට තියා පවසමු. මේ පාහරයන් දෙදෙනාට ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නියෝජනයකින් පාර්ලිමේන්තුවට රිංගා අමාත්‍ය තනතුරු ලබා ගැනීමේ උන්මාදයයි.මොවුන් දෙදෙනා අගමැති රනිල් වික්‍රමසිංහ හා වෛර බැඳ ගන්නා ලද්දේ මේ කාරණය පදනම් කර ගනිමින් බවද අපි වගකීමෙන් සඳහන් කරමු. රාජපක්ෂ වරු යහපාලනය බිඳ දැමීමට ගැසූ අන්තිම තුරුම්පුව වූයේ පාස්කු බෝම්බ ප්‍රහාරයයි.
මෙම බෝම්බ ප්‍රහාරය සැළසුම් කරන ලද්දේ මිල්ටෙරි නන්දසේන ඇති දැඩි කළ මිනීමරු දඩ බල්ලන් බව දිගින් දිගටම සාක්ෂි සහිතව ලියා තිබේ.මිල්ටෙරි නන්දසේන බලයට පත් කරවීම සඳහා කාදිනල් උන්වහන්සේ ක්‍රියාත්මක වූයේ හීතල සයිමන් පාට් එකකි.තක්කඩි රාජපක්ෂවරුන්ගේ මිනීමරු කෙරුවාව උන්වහන්සේද ඒ දවස්වල අමතක කළ බව සිහිපත් කරනු වටී.
තිරිසන් රාජපක්ෂලාගේ සිත් පිත් නැති බල අධිකාරායේ මෙහෙයවීම නිසා මීගමුවේ ගලා ගිය රොෂාන් චානකගේ රුධිරයත් රතුපස්වල පල්ලිය තුළ වැගිරුණ රුධිරයත් ගැන උන්වහන්සේ කල්පනා කෙරුවා නම් ජනපතිවරණයේදී මිල්ටෙරි නන්දසේනට සහයෝගය දක්වා හීන් සීරුවේ කිතුණු බැතිමතින් පොළඹවන්නේ නැත. එතුමානන්වහන්සේට සියල්ල අවධාරණය වෙන්නට පටන් ගත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙනි.එහෙත් මේ වන විටත් කාදිනල් උන්වහන්සේ ගේ හැසිරීම පිළිබඳව අපට ඇත්තේ සැකයක් බව නම් සඳහන් කළ යුතුමය චීවරධාරී ඇල්ලේ ගුණවංශ නම් රාජපක්ෂ ඔඩොක්කු කුක්කා සමග කාදිනල් උන් වහන්සේ කෙරවලපිටිය ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් අළුත්කඩේ මහ උසාවියට ගොස් තිබේ.මෙි දෙදෙනා ඒ වැඩේට අත ගැසුවේ හරි හදිසියෙනි.බැසිල් හාමු ඇමරිකාව සමග හොර රහසේ අත්සන් කළ ගිවිසුමේ තීන්ත වේලෙන්ටත් ඉස්සර මේ ඩබලේ ක්‍රියාත්මක වීම ඇතැම් විට රාජපක්ෂලාගේ දේශප්‍රේමය නෛතිකව ආරක්ෂා කර ගැනීමේ පියවරක් බවට සිතන්නට පුළුවන.එහෙත් ඒ කෙරුවාවේ සැබෑ අර්ථ නිරූපනය දැන ගත හැකි වන්නේ බැසිල් හාමු ගේ මේ ගිවිසුම ගැන අළුත්කඩේ මහ උසාවියෙන් ලැබෙන තීන්දුවට පසුවය.ඒ කාරණය එතෙක් පසෙකින් තියමු.
පසුගියදා කාදිනල් උන්වහන්සේ මාධ්‍ය සාකච්ඡාවක් තබා වදාරන ලද්දේ වැඩ වර්ජනය කොට ඇති ගුරුවරුන්ට සේවයට වාර්තා කරන ලෙසටය. සැබැවින්ම කාදිනල් උන්වහන්සේ මෙහිදී කළ යුත්තේ ගුරු වර්ජනයට හේතු වැටුප් විෂමතාව වහා ඉවත් කරන ලෙසට මිල්ටෙරි නන්දසේනට බලකිරීමය.දැන් උන්වහන්සේ සිදු කරන ලද්දේ ගුරු වර්ජනය ගැන ගොබ්බ තිස්ස කුට්ටිආරච්චි සිදු කළ ආවේගශීලී ප්‍රකාශයම දෙවියන්ගේ මිහිරි සැහැල්ලු භාෂාවට පරිවර්තනය කොට කීමය.
කොහොම වෙතත් පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් වහා අධිකරණයට ගෙන එන ලෙසට කාදිනල් උන්වහන්සේ දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටීඒ සම්බන්ධයෙන් එතුමානන් වහන්සේ ගේ ස්ථාවරය අපි අගය කරමු.මෙි වන විටත් ජාත්‍යන්තරය තුළ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව විරෝධතාවන් මතු වෙමින් පවතී.අවාසනාවකට ඒ විරෝධතාවන් පිළිබඳව කාදිනල් උන්නාන්සේගේ අවධානය යොමු වී නැති බවද සඳහන් කළ යුතුමය.මෙම විරෝධතාවන් සංවිධානය කරමින් සිටින දොස්තර නිලංග සමරසිංහට අපගේ ආචාරය පිරිනමන්නට කැමතිය.
මිල්ටෙරි නන්දසේන ඇතුළු පොදු ජන පෙරමුනු රජයේ ව්‍යාජ දේශප්‍රේමයේ නිරුවත දැන් එළියේය.එදා බලයට එන්නට ඇවිස්සුවේ ඒ ව්‍යාජ දේශප්‍රේමයයි.රටේ ජනතාව කාටවත් බය නැති වීරයා ජනාධිපති කර වූයේ ඒ හන්දාය.දැන් මේ වීරයා හිස් බොල් පිළිමයක් බව රට හඳුනාගෙන තිබේ.පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට හා හිංසනයට ලක්වූවන්ට සාධාරණය ඉටු කර ගැනීම උදෙසා පසුගියදා පැවැති මාධ්‍ය සාකචාවකදී රාජකීය පණ්ඩිත පූජ්‍ය කැකිරාවේ සුදර්ශන හිමියන් දැක්වූ අදහස් ඉතා විශිෂ්ට වන්නේ තක්කඩි රාජපක්ෂ වරුන්ගේ මේ ව්‍යාජ දේශප්‍රේමී හැසිරීම තහවුරු කළ නිසාය.එය වඩාත් වැදගත් වන්නේ මෙරට සංඝ ශාසනය තුළ පළමු වරට නායක යතිවරයකු නිර්භවයම රාජපක්ෂ තක්කඩියන් ගැන ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමක් බැවිනි.අප උන්වහන්සේට සවන් දෙමු.
“…..බුදු රජානන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආගම් වාදය ප්‍රතික්ශේප කරපු බුදුරජානන්වවහ්නසේගේ ඒ මහා කරුණාව දරන්නන් හැටියට භික්ෂුවක ගේ වගකීම විය යුත්තේ සියළු ජනතාවගේ හිත සුව පිනිස කටයුතු කිරීමයි.ඉතින් මේ ජාති වාදී ගිනිදැල් ලංකාව වෙලා ගනිමින් ඉන්න මෙහොතක ඇත්තටම ඒ ජාතිවාදී ගිණිදැල් ඇවිස්සීම සඳහා බුද්ධ චිවරය භාවිතා කරන කාලයක භික්ෂූන් වශයෙන් අපේ වගකීමක් වෙනව අපේ මේ ජාතිවාදී ගිනිදැල් නතර කරල අපේ රට යහපත් ක්‍රියා පරිපාටියකට යහපත් මාවතකට ගැනීම සඳහා පුරවැසියන් දැනුවත් කිරීම.අපගේ දූත මෙහෙවරක් හැටියට බහුජන හිතාය බහුජන සුඛාය කියල බුදු හාමුදුරුවො තමන්ගෙ ප්‍රථම හැට නමට ප්‍රකාශ කරපු ඒ නිර්වානය පෙරදැරි කරගත්තු පුරවැසි අයිතිවාසිකම් සුරක්ෂිත කොට ආරක්ෂා කර ගැනීම සඳහා පෙරදැරි කර ගත් ඒ දූත ගමන නැවත ආරම්භ කරන්න කාලය ඇවිල්ල.ඉතින් මම අද මේ මාධ්‍ය සකෙච්ඡාවෙ කියන්නෙ මා නිරීක්ෂණය කරපු දේවල් එක දහස් නවසිය හතලිස් අටේ ඉඳල මේ දක්වා වසර හැත්තෑ දෙකක දේශපාලන ඉතිහාසයක් තුළ දේශපාලන කණ්ඩායම් මේ රටේ මල මිණී විකිනීම
සඳහා දායක වෙච්ච ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නයි මා සූදානම් වූයේ විශේෂයෙන්ම අප දන්නව මේ හැත්තෑ දෙවසරක කාලය පිළිබඳව ආපස්සට හැරිල බලද්දි හැමතැනම සිංහල පාලකයන් විසින් සිද්ධ කෙරුවෙ භික්ෂූන් වහන්සේලා එකතු කරගෙන එක් එක් ජන කණ්ඩායම් වලට ප්‍රහාර එල්ල කරල ඒ ප්‍රහාර මතින් වර්ග වාදය විකිණීම.මේකෙ ආරම්භය තමයි එක දහස් නවසිය විසිහයේ නිදහස ලබන්න කලින් ජුලි දහ හත්වෙනිද සිලෝන් මෝනින් ලීඩර් පත්තරයට එස්.ඩබ්.ආර්.ඩී .බණ්ඩාරනායක මහත්තය රචනා කරන ලිපියක්.ඒ ලිපියේ ඔහු ඉල්ලනව ස්වයංපාලන අයිතිය පෙඬරල් ඒ ඒ ජාතීන්ට ලබා දිය යුතුය කියල.මේ අවස්ථාවෙදි මෙිකට විරුද්ධ වෙනව දෙමළ නායකයො.ඒ අය කිව්වෙ බලය බෙදන්නෙ නැතුව එක්සත් ලංකාවක් ඇතුළෙ තමුන්ගෙ පුරවැසි අයිතිවාසිකම් සුරක්ෂිත කරගමු කියල ඉන්පස්සෙ ඔය ගොල්ලො හැමෝම දන්නව ඔහුගේ දේශපාලන ගමන් මගේදි පංච මහා බලවේගයක් නිර්මානය කරනව.ඒකෙ ඇතුළෙ මොන තරම් ජාතිවාදී කෝලාහළ ඇවිස්සුනාද කියන කාරණාවත් ඉතිහාසය දන්නා අය හැටියට ඔබ දන්නවත් ඇති.අවසානයේදී ඔහු ගොඩනගපු කුලකයෙන්ම ජාතිවාදී කුලකයෙන්මඝාතනය වුනා.ඇයි ජාතිවාදයේ මූලිකමලක්ෂණය තමා ලේ ඉල්ලීම.එහි ප්‍රතිවිපාක බණ්ඩාරනායක මහත්තයට ලැබුණ.ඒ වගේම තමයි රාජ්‍ය භාෂාව පිළිබඳ ජේ.ආර්.යෝජනා.එකදහස් නව සිය හතලිස් හතරෙ මැයි විසි හතර (1944/05/24 ) වෙනිද මං මේ කියන්නෙ මෙි වර්ගවාදී ජාතිවාදී ලේ ගැලීම් වලට මූලාශ්‍ර වෙච්ච කරුණු පිළබඳව මුලින්ම සියළු පාසැල් වල ඉගැන්වීම් මාධ්‍ය සිංහල කළ යුතුයි කියල ඔහු යෝජනා කරනව.ඒ වගේම ප්‍රසිද්ධ විභාග සඳහා සිංහල අනිවාර්ය කළ යුතුයැයි කියල ඔහු යෝජනා කරනව. මේකෙන් වුනේ මොකද්ද දෙමළ ජනතාව කොන් කරනු ලැබුව.හර්තාල් වලින් පටන් ගත්තු ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් අවසානයේදීඒ අයට පහරදීමි වලට ගිහිල්ල අවසාන යේදී අසූ තුනේ (1983 )කලු ජූලිය දක්වා විකාශය වුනා.සංහාර රාශියක් ඇතිවුනා ඒ වගේම ඒ කාලසීමාවට එපිටින් හැත්තෑ එකේ කැරැල්ල ආව.ඒකෙනුත් විශාල තරුණ පිරිසක් ඝාතනය වුනා.අසූ තුනේ කලු ජූලියට අනතුරුව අසූ අට (1988 -1989 ) අසූ නවය තරුණ සංහාරය සිද්ධ වුනා.මේ එක් එක් පක්ෂ කරපු දේවල්.ඉන්පස්සෙ අසූ තුනේ කලු ජුලියේ ප්‍රතිඵළයක් විදියට තිස් අවුරුදු යුද්දෙකට අපට මුහුණ දෙන්නට සිදුවුනා.තිස් අවුරුදු යුද්ධය ඒ ඒ දේශපාලන පක්ෂ විකුණපු ආකාරය ඔබ දන්නව.ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ.අපි දන්නව රණසිංහ ප්‍රේමදාස මැතිතුමා.එක දහස් නවසිය අසූ අටේ (1988 ) ඔහු ජනාධිපතිවරණය සඳහා “තීම් එක කර ගත්තෙ සාමයේ මල් පිපේවා…” කියල . ඒ සාමයේ මල් කෝමද පිපුුනෙ…..? කියල මං හිතනව ඔබ දන්නව.ඔහුත් මොකද්ද කරේ.ඔහුගේම පක්ෂය ඇවිලූ ජාතිවාදී ගින්නෙන් එක් දහස් නවසිය අනු නවයේ (1999 ) රණසිංහ ප්‍රේමදාස මහත්තය මිය යනව.ඉන් අනතුරුව එක් දහස් නවසිය අනූ පහේ ජනවාරි දහ අට (1995 /01 /18 වෙනිද දෙමළ විමුක්ති කොටි සංවිධානයෙ නායක ප්‍රභාකරන් සමග චන්ද්‍රිකා මැතිණිය ගිවිසුම් අත්සන් කරනව යුද විරාමයක් සඳහා.ඒ වගේම ඒ කාලසීමාවෙදිම ඉන් අනතුරුව අප දන්නව ඇයත් බෝම්බ ප්‍රහාරයකට ලක්වෙනව.ඒවගේම තමයි දෙදහස් පහේදි (2005 ) මහින්ද රාජපක්ෂ මහත්තය බලයට ආවට පස්සෙ අවසන් උතුරු යුද්ධය කරල දෙමළ ඊළාම් අරගලය මිල්ටෙරිමය පරාජයකට ලක්කරන්ට යෙදුන.ඉන්පස්සෙ උගත් ප්‍රතිසංවිධාන කොමිෂමක් යෝජනා කරල ඒ කොමිෂම මගින් හොයල බැලුව නැවත ජාතිවාදී වර්ගවාදී යුද්ධයක් ඇති නොවෙන තැනකට රටක් හැටියට අප ගමන් කළ යුත්තේ කෝමද කියල.හැබැයි ඒ කොමිෂම ඩස්බින් එකට එකට දාල මේ රටේ පාලකයො මොකද කරේ.නැවත වර්ගවාදී ,ආගම්වාදී ගිනිදැල් වලට මේ රට අරන් ගියා.දැන් මේ මාධ්‍ය සාකච්ඡාවට නිමිත්ත වෙච්ච පාස්කු ප්‍රහාරය සම්බන්ධව බෞද්ධ භික්ෂුවක් විදියට මගේ නිර්වචනය මම ඉදිරිපත් කරනව. මමවිශ්වාස කරනව දෙදහස් දහ අටේ සිද්ධ වෙච්ච ඒ දින පනස්දෙකේ (52 ) කුමන්ත්‍රණකාරී ආණ්ඩුව තමයි පාස්කු ප්‍රහාරය මූලිකව සැලසුම් කරන්නට අත්තිවාරම වුනේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙ ක්‍රියා කළාපය.ඔහුගේ ප්‍රකාශන.ඒ වගේම කොළඹ නව නගර ශාලාවෙදි අඩ් හයක් වල යටට යනවයි කියල අඬපු සිරිසේන මහත්මය දෙදහස් දහ අටේ (2018 ) කා ගාවද ගිහිල්ල නැවතුනේ. ඊට පස්සෙ දැන් ඔහු කොතැනද ඉන්නෙ යහපාලන ආණ්ඩුවක් අරන් එන්න කටයුතු කරපු සියලු මිනිසුන්ගෙ අභිලාෂයන් පාවාදීල අවසානයේදී රෝයල් පාක් ඝාතනයේ ඝාතකය නිදහස්, රාජපක්ෂ මහත්තරුන්ට පුටුව බාර දීල මෛත්‍රීපාල මහත්තය ගෙදර ගියා……”
උපුටනය අවසන්…….
අස්සජි හිමියන්ගේ දේශනයේ අවසන් කොටස වීඩීයෝවෙන් අසන ලෙසට අපි ඔබට යෝජනා කරමු .මිනීමරු රාජපක්ෂලාගේ කෙරුවාව හෙළිදරව් කරමින් උන්වහන්සේ පාස්කු ප්‍රහාරයේ සූත්‍රය අනාවරණය කරමින් දේශනය අවසන් කර තිබේ.එය මෙසේය………
පාස්කු ප්‍රහාරයේ සූත්‍රය මිල්ටෙරි නායකයෙක් බලයට ගෙන ඒම+ ඊළඟට පාස්කු ප්‍රහාරය+ ජාතික ආරක්ෂාව බිඳ වැටීම+ 2019 ජානාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීම පාස්කු ප්‍රහාරයේ ගේම් ඕවර්.
(විශේෂ ස්තූතිය/ ද නිවුස් රිපෝටර්)