ගෝඨාභය පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනාධිපති වී වහාම සිදුකල එකම කාර්ය නම් ශ්‍රි ලංකාවේ පිහිටි පරිපාලන දිස්ත්‍රික්ක 22 තුල සිටින රාජ්‍ය නිලධාරියා වු දිසාපති වෙනුවට යුදහමුදා මේජර් ජෙනරාල්වරුන් 22 ක් අනුයුක්තකලේය . ඒ ජනාධිපති බලතල ප්‍රකාරව මහජන ආරක්ෂක පනත සංශෝධනය කරමින් සාමාන්‍ය පොලිස් බලතල පවා ක්‍රියාතමක කල හැකි ආකාරයකටය.
ඒ අනුව ඉදිරියේදි රටතුල ඇතිවන සියළු උද්ගෝෂණ හා පෙලපාලි තහනම් කිරීමටත් මෙහිදි දැඩි ලෙසට තීන්දු ගෙන ඇත. එසේම රතුපස්වල ආකාරයට ඒවා වෙඩිතබා මර්ධනය කිරීමේ අත් දැකීම් ඇති ගෝඨාභය රාජපක්ෂ මෙහිදි දැඩි නියෝග නිකුත් කොට ඇත.
එසේම මේ පිටුපස ජනතා විමුක්ති පෙරමුණ සිටින බවත් ඊට දැඩි මර්ධනයක් ක්‍රියාතමක වන බවට අපවෙතට තොරතුරු ලැබී ඇත. ඉදිරියේදි රටම ලේ විලක් වෙන බවත් ශ්‍රි ලංකාව මියෙන්මාරය ආකාරයට ඉදිරියේදි පාලනය සිදු කිරීමට සුදානම් බවත් අපි මීට පෙර දි කියා ඇත. මේ නිසා ඉදිරි කාලය ශ්‍රි ලංකාවේ ජනතාව ගේ ජීවිත දැඩි අනතුරුදායකය.