මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍ය වරයා ලෙස කටයුතු කළ කට්ටඬි වෙදා වූ ඒලියන්ත වයිට් පසුගියදා අභාවයට පත්වූයේ කෝවිඩ් රෝගය වැළඳීමෙනි.මෙරට කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතු කාරකයක් වූයේද මිල්ටෙරි නන්දසේන සහ රාජපක්ෂ පවුල එම කට්ටඬියාගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම බව අනාවරණය විය.
ලෝකයේ බොහෝ රටවල කෝවිඩ් ව්‍යාප්තියත් සමග මේ කට්ටඬි තකතිරුවාගේ උපදෙස් පරිදි ඔහු විසින්ම මතුරා දෙන ලද ජලය සහිතමුට්ටි සෞඛ්‍ය අමාත්‍යවරිය වූ පවිත්‍රා දේවී වන්නිආරච්චිද අමාත්‍ය වරුන් වූ ගම්මන්පිල හා ප්‍රසන්න රණතුංඟ ආදීන් විසින් ගංඟා වලට අත හරින ලදී.වයිට් කට්ටඬියාගේ මේ ගුරුකම් පිළිබඳව දැඩි විශ්වාසයෙන් සිටි කාලකණ්නි රාජපක්ෂ පවුලම මේ යකදුරුකම් හේතුවෙන් මෙරට කෝවිඩ් ව්‍යාප්ත නොවන බවය.ඒ වන විට විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලද්දේ විද්‍යාත්මක පදනමක
පිහිටා කෝවිඩ් ප්‍රතිශක්ති කරණ එන්නත් ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටත්රට තුල සංචරණ සීමාවන් ඇති කරන ලෙසටය .එහෙත් මිථ්‍යා කට්ටඬි ගුරුකමි පිළිබඳව දැඩි ලෙස විශ්වාස කරන කාලකණ්නි රාජපක්ෂ පවුල විසින් ඒ ඉල්ලීම් හාස‍්‍ය ජනක ලෙස බැහැර කෙරිණි.
රාජපක්ෂ කාලකණ්නියන් පිළිපැද්දේ අනුරාධපුරයේ ජීවත්වන මානසිකආබාධිත ඥානා නම් කාන්තාවගේ හා මේ කට්ටඩි වයිටා දෙන උපදෙස්ය.මෙවැනි වසංගතයකදී ගත යුතු විද්‍යාත්මක නිර්දේශයන් ඔවුන්ට ඇලජික් විය.මිල්ටෙරි නන්දසේනගේ උපදෙස් පරිදි පසු කාලයේදී හමුදාපති ශවේන්ද්‍රසිල්වා ගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන ලද කෝවිඩ් මර්ධන ජනාධිපති බලකාය පවා කටයුතු කරන ලද්දේඑහි සාමාජිකයන් ලෙස පත්ව සිටි විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් හා අදහස් නොතකා වේ .හමුදාපති වරයාද කට්ටඬි ගුරුකම් පිළිබඳව විශ්වාසයෙන්ජීවත් වන තවත් ගොබ්බ තක්කඩියෙකි.ඔහු කෙතරම් කට්ටඬි ගුරුකම් විශ්වාස කරන්නේද යත් මේ වන විට සති දෙකකට වරක් සීනිගම දේවාලයට ගොස් පුද පූජා පවත්වමින් “වෙන්ට අගමැති” අපේක්ෂාවෙන් සිටින බව අපට වාර්තා වේ
අප ඉහතින් සඳහන් කළ කෝවිඩ් මර්ධන ජනාධිපති බලකායට කටයුතු කරන්න සිද්ධ වූයේ මානසික ආබාධිතඥානාගේ හා වයිටි කට්ටඬියාගේ උපදෙස්ය.ගොබ්බ හමුදාපතියාද මෙම කට්ටඬි ගුරුකම් විශ්වාස කළ මැට්ටෙක් වීමත් නිසා රට තුළ ඉතා වේගයෙන් කෝවිඩ් ව්‍යාප්තිය සිද්ධ විය.එම බලකාය නියෝජනය කළ ඇතැම් විශේෂඥ වෛද්‍ය නියෝජනයන්ද යර්ස් සර් පන්නයේ නපුසංකයන් බැවින් රාජපක්ෂ කාලකණ්නියන්ගේ කට්ටඩි ගුරුකම් ඉවසා දරා ගෙන කටයුතුකළ බව හැඟේ.
කෙසේ වෙතත් තක්කඩි කට්ටඬි ගුරුකම් උපදෙස් පිළිපැදීමේ අවසන්ප්‍රතිඵළය වූයේ මෙරට වේගයෙන් ව්‍යාප්ත වූ කෝවිඩ් රෝගයෙන් විශාලපිරිසක් මරණයට ගොදුරු වීමය. එම මරණ සිදු වූයේ කාලි යක්ෂණිය විසින් බිලි ගත් ඒවා නිසා ඒ ගැන නොතකා කටයුතු කරන ලෙසට මිල්ටෙරි නන්දසේනට පිස්සු ඥාණා උපදෙස් දුන් බව අපට වාර්තා වී තිබුණි.කෙසේ වෙතත් මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ කාලකණ්නියන් අදටත් අධෝවාතයක් පවා යවන්නේ මේ පිස්සු ඥාණා ගේ උපදෙස් වලටය.ගොබ්බ හමුදාපතියාට කට්ටඩි ගුරුකම් කරන තවත් මානසික ආබාධිතයෙක් සිටී.ඒ ගැන අප තවමත් තොරතුරු සොයමින් සිටින නිසා සියළු තොරතුරු ලබා ගැනීමෙන් පසුව මේ මානසික ආබාධිතයා ගැනද අප පසුව ලියමු.
සැබැවින්ම මේ රට පාලනය කරන්නේ මානසික ආබාධිත කට්ඬියන් රැළක් විසින් බව අප තේරුම් ගෙන තිබේ.කවර ආකාරයේ රණ විරු පදක්කම් එල්ලා ගෙන තිබුණද මිල්ටෙරි නන්දසේන හා ගොබ්බ හමුදාපතියාද මේ කාලකණ්නියන් අනුගමනය කරන බොහෝ මැති ඇමති වාහේලා වැඩි දෙනෙකුද ඒ මානසික ආබාධිත කට්ටඬියන් කරන කියන ඒවාට යටත්ව දීනව බයාදුව හැසිරෙන වුන්ය.මේ තකතිරු කම ආණ්ඩු පක්ෂයට සීමා වූවක් නොවේ.ජවිපෙ හැරුන විට විපක්ෂයේ චන්ඩි ටෝක් දෙන එවුන් ගනනාවක්ද කටිටඬි ගුරුකම් කාරයන්ගේ වහලුන් වී සිටී.
මහින්ද රාජපක්ෂගේ නිල වෙදා ලෙස කටයුතු කළ කට්ටඬි වයිටා ජීවත්වසිටියදීී තමන්ගේ සේවාව ලබා ගන්නේ නම් ඉන්දියාව පවා කෝවිඩ් රෝගයෙන් මුදවා ගත හැකි යැයිි වහසි බස් දෙඩූ අයෙකි. එහෙත් මේකා මිය යන්නේද කෝවිඩ් වැළඳීමෙනි.එය එසේ වුවත් කාලකණ්නි රාජපක්ෂ පවුල කට්ටඬි ගුරුකම් ගැන පවතින අත් හරින වුන් නම් නොවේ.ඒ තරමට මේ කාලකණ්නියන් අමු ගොබ්බයෝය.
අද අපට වාර්තා වූ පුවත මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ පවුලේ කාලකණ්නියන් ගේ ගොබ්බ විශ්වාසයන් ගැන තවත් හෙළිදරව්වක් කරන්නකි.
ඒලියන්ත වයිට් හදිසියේ මියගියද ඔහු ගේ පුත්‍රයා හා දියණියසිය පියාගේ කට්ටඬි ගුරුකම් කිරීම අරඹා තිබේ.ඔවුන් දෙදෙනාට සිය පියා සිහිනෙන් පෙනී වෛද්‍ය ප්‍රතිකාර උපදෙස් දෙන බව වාර්තා වෙන අතර මේ වන විට මේ දෙදෙනා කාලකණ්නි රාජපක්ෂ පවුලට කට්ටඩි ප්‍රතිකාර කරම්න් සිටී.මේ මානසික ආබාධිතයන් කවර ආකාරයේ ගුරුකම් කලද අපට ප්‍රශ්නයක් නැත.
එහෙත් අපට බරපතල ප්‍රශ්නයක් මතු වී ඇත්තේ මෙම මානසික ආබාධිතයන් දෙදෙනාගේ ආරක්ෂාවට පොලීසියේ කාන්තා පොලිස් නිළධාරිණියන් දෙදෙනෙකු හා පොලිස් කොස්තාපල් වරු දහ නව දෙනෙකු යෙදවීමය.මිරිහාන පොලිස් කොට්ඨාශයෙන් මෙම පොලිසි කණ්ඩායම මුදා හැර ඇති අතර මේ සේවා මුදා හැරීම කවර පදනමක් යටතේ සිදු වූවක්දැයි අපි පොලීසිය බාර ඇමතිවරයාගෙන් විමසමු.ඒ පිළිබඳව පොලිස් බාර ඇමති ලංකා දවසට ඉක්මනින් වග උත්තර බඳිනු ඇතැයි අපේක්ෂාවෙන් සිටිමු.