ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන් වීම අපරාධමය කාරණයක් වන බවත්, එය ඖෂධ මාෆියාවේ කොටසක් විය හැකි බවත් නීතිපති වරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ඒ පිළිබදව සිදු කල අපරධ පරීක්ෂණයෙන් චූදිතයින් පිළිබදව තොරතුරු වාර්ථා කරන්නට විය. එතෙක් එවැනි වරදක් සිදු නොවූ බවට හඩ නගමින් සිටි රාජ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ප්‍රධානීන් කලබලයට පත්ව, විශේෂඥ කමිටුවක් පත් කරන්නේ ඒ අතර වාරයේදීය.
කෙසේ නමුත් ඖෂධ මාෆියාව පිළිබදව චෝදනා ලබමින් සිටින රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් විසින්ම එම විශේෂඥ කමිටුව පත් කරන කිරීම මගින්, එම කමිටුව ස්වාධීන එකක් නොවන බව දිගින් දිගටම චෝදනා ලැබුවද, එහි වෙනසක් සිදු කිරීමට අදාල බලධාරීන් කටයුතු නොකලේය.
කෙසේ නමුත් එම තත්වය තහවුරු කරමින්, රාජ්‍ය අමාත්‍යවරයාගේ බලය තවදුරටත් තහවුරු කරමින්, කැබිනට් අමාත්‍ය වරයා ඖෂධ නියාමන හා අනෙකුත් ඖෂධ පිළිබද කටයුතු වලින් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට එම විශේෂඥ කමිටුව විසින් නිර්දේශ ලබා දී ඇති බව මාධ්‍ය වාර්ථා කර තිබේ.
එම වාර්ථාවන්ට අනූව දත්ත වංචාව සහ ඖෂධ පිළිබද අක්‍රමිකතා සෙවීමට පත් කල විශේෂඥ කමිටුව, සම්පූර්ණයෙන්ම ඖෂධ මාෆියාවේම අතකොළුවක් වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.
ඖෂධ පිළිබද සියළු වංචාවන් සිදු වන්නේ ඖෂධ ගෙන්වීමේදී, බෙදා හැරීමේදී හා නිශ්පාදනයේදී වන බැවින් හා දත්ත වංචාවට මුල සිටම චෝදනා ලබන පාර්ශව අතට සියළු බලතල ලබා දීම මගින් අපට සිදු වන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමටය.
එසේම මෙය අමාත්‍ය මණ්ඩල බලතල හෑල්ලු කිරීමක් වන අතර, කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාව රූකඩයක් බවට පත් කිරීමකි.
ස්වයං විවේචනයක් මගින් නිවැරදි වීමට අවශ්‍ය බව වටහාගෙන ඇති, ජනාධිපතිවරයාගේ කීර්තියට කැලැල්වන ප්‍රධාන ගැටලුවක් වී ඇති මෙලෙස අමාත්‍යාංශ තුල බල සම්පන්නව ඇති “කල්ලි ක්‍රියාකාරම්” වලට ඉඩ නොතබමින්, මෙම තත්වය වහා නිවැරදි කරමින් අදාල විශේෂඥ කමිටුව වහා අහෝසිකොට, ජනාධිපතිවරයා යටතේ විමර්ෂණ කමිටුවක් පිහිටුවන ලෙසත්, ඖෂධ නියාමනය ඖෂධ ගෙන්වීම, බෙදා හැරීම හා නිෂ්පාදනය සදහා සම්බන්ධවන පාර්ශවයේ අතකොලුවක් නොකරමින්, එය කැබිනට් ඇමතිවරයාගේ යටතට පත් කල නොහැකිනම්, ජනාධිපතිවරයාගේ යටතට හෝ පත් කරමින් මහ ජනතාව ඖෂධ මාෆියාවෙන් ගලවා ගන්නා ලෙස අප ඉල්ලා සිටිමු.