උණුසුම් පුවත්

අපරාධකරුවන් සමඟ හෙළුවෙන් යහන් ගතවන ශ්‍රි ලංකාවේ නිතිපතිය. (ලේඛණ සහිතව ඇත. )

Spread the love

ශ්‍රි ලංකා නිතිපති දෙපාර්තමේන්තුව වසර 1884 දි මෙරට බ්‍රිතන්‍යන් විසින් පිහිටවු ඉතාම සුවිශේෂිත ආයතනයකි. රටක නිතිපති පෙනී සිටින්නේ එරට රජයට නිසි නිති උපදෙස් ලබාදීමට මෙන්ම නිතියානුකූල නොවන දේවල් රටක් තුල සිදු නොවීමට නිති පැනවීමට හා යල්පැනගිය නිති යාවත්කාලින කිරීමට යන ඉතාම සුවිශේෂිත වු කාර්යකටය. ඒත් අවාසනාවකට ශ්‍රි ලංකාවේ නිතිපති දෙපාර්තමේන්තුව තුලින් සිදුවන්නේ අපරාධකරුවන් නිතියෙන් මුදා ගැනීමට අවශ්‍ය සැකසුම් කිරීමයි.

 නිතිපතිවරයා හා ඔහුගේ බොහෝ අනුගාමිකයන් සැදි පැහැදි හෙළුවෙන් සිටින්නේ යුක්තිය ඉටුකිරීමට වඩා අයුක්තිය හා අසාධාරණය නිතියානුකූලව සමාජගත කිරීමටය. ඊට ඕනෑ තරන් සාක්ෂි උදාහරන ඇත. ඉතාම ආසන්නතම හේතුව මනුෂත්වයට නිගා දෙන එවක ආරක්ෂක ලේකම් වු ගෝඨාභය රාජපක්ෂ ගේ සමයේදි පාසැල් සිසුන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් ගැනීමට නොහැකි වු තැන මරාදැමීම සිදුකල නාවික හමුදා සෙබලුන් වෙනුවෙන් පෙනී සිටීමට තරන් නාවික හමුදාපතිවරයා තිරිසනෙකු වීම සමස්ථ නාවික හමුදාවටම ඇති වු මහත් අවමානයකි.

ඊටත් වඩා රටේ නිතිපති මෙම අපරාධකරුවන් ට විරුද්ධව පරවේෂණ හා ඇසු දුටු සාක්ෂි ඇතැයි කියා ඒවක රජය විසින්ම ඇතිකල ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් තුලින් අපරාධකරුවන්ට නිතියානුකූල දඩුවම් කිරීමට සුදානම්ව අධිචෝදනා පවා භාර දි තිබුණි. ඒත් රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණි වහාම තම ගජමිතුරු කල්ලියේ සියළුම අපරාධකරුවන් මුදා ගැනීමට රටේ නිතිපති ප්‍රධාන නිතිපතිය කටයුතු කිරීම ඉතාම නින්දා සහගතය. එසේම තම දරුවන් පැහැර ගෙනගොස් මරාදැමු දෙමාපියනට අවසානයේ යුක්තිය ඉල්ලිය යුත්තේ කාගෙන්දැයි අපි අසන්නේ ඒ නිසාය.

එදා සිටම මෙම නඩුකරය වු බී 732/2009 ලිපිගොනු හා නඩු මෙහෙය වීම භාරව ක්‍රියාකලේ ජේෂ්ඨ රජයේ අධිනිතිඥ ජනක බණ්ඩාර නැමති අයයි. ඔහු මෙම නඩුවේ චුදිහයන් 14 දෙනා වෙනුවෙන් ඇති චෝදනා සියල්ලම ඔප්පුකලහැකි බවට ලිඛිතවම ත්‍රිපුද්ගල මහාධිකරණයට ලබාදි තිබුණි. එසේ තිබු නමුත් 14වන සැකකරු වු හිටපු නාවික හමුදාපති වු වසන්ත කරන්නාගොඩ නැමති අයව ඒවක නිතිපති දප්පුලු ලිවේරා විසින් දෙන ලද නියෝග අනුව අත් අඩංගුවට ගැනීමට සුදානම් විය. එහිදි චුදිත වසන්ත කරන්නාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැමිණිල්ලක් ගොනුකරමින් තමන්ව අත් අඩංගුවට ගැනීම නතරකරන ලෙසට  නියෝගයක් ඉල්ලීය. ඒ අනුව ක්‍රියාකල ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු හේතුවක් නොමතිව සැකකරු අත් අඩංගුවට ගැනීම නතර විය. ඒත් වසන්ත කරන්නාගොඩට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වහාම පැමිණ ප්‍රකාශයක් දීමට නියෝග කලාය.

ඒ අනුව වසන්ත කරන්නගොඩ අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශයක් සටහන් කිරීමට සුදානම් වනවිට වසන්ත කරන්නගොඩ සතුව මුල් අපරාධ ගොනුවට අමුනා තිබු සැකකරු වසන්ත කරන්නගොඩ අත් අඩංගුවට ගැනීමට නිතිපති විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් මුල් ලිපියම චුදිතයෙකු භාරයේ තිබෙනු දැක අපරාධ විමර්ෂකයන් පුදුම වී ඇත. එවිට ඒ පිලිබදව වසන්ත කරන්නගොඩ වු 14 වන සැකකරු ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ තමන්ට එම ලිපිය රජයේ ජේෂ්ඨ අධිනිතිඥ ජනක බණ්ඩාර විසින් දුන් බවට එදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදි එම ලිපිය ඒ මොහොතේම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම භාරයට ගෙන ඇත.

එදා නිතිපති ජයන්ත ජයසුරිය මිනිමැරුමක චුදිත්යෙකුට නිසි ක්‍රමවේදයකට අධිචෝදනාපත්‍රයක්වත් ලබා දීමට නොහැකි තරමේ අමනයෙක් යැයි අද ත්‍රි පුද්ගල මහාධිකරණය හරහා එකී චෝදනාපත්‍රය ඉල්ලා අස්කරගනිමින් වර්තමාන නිතිපති සංජය රාජරත්නම් ලෝකයට කියන්නේ දැයි ලංකා දවස අපි අසන්නෙමු. ඒ නිතිපති එවනි අයෙකුනම් ඔහු අද සිටින්නේ ශ්‍රි ලංකාවේ උත්තරීතර (යැයි කියන ) (අපි නම් එසේ නොකියන්නෙමු) ශ්‍රේෂ්ඨාධිකරණයේය. පරවේෂණ සාක්ෂි හා ඇසුදුටු ලිඛිත, සාක්ෂි සියල්ලම ඇති මෙවන්   අපරාධකරුවන් වෙනුවෙන් පෙනි සිටින නිතිපති හා ජනක බණ්ඩාර යන පාහරයන් සමාජයට හා මනුෂ්ත්වයටම නින්දා සහගතය.

ඒ ආකාරව නිතිපති දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල මෙහෙයවන නිලධාරින් වෙතට ලබාදි ඇති ඉතාම වැදගත් පරවේෂණ සාක්ෂි පවා අද මිනිමරුවන් අතට ලබාදි රටේ ජනතාවගෙන් වැටුප් ලබන නිතිපති අමුහෙළුවෙන් කිසිදු හිරිකිතයක් නැතිව අපරාධකරුවන් සමඟ යහන් ගතවීම රටේ ජනතාව තවත් නම් බලා නොසිටිනු ඇත. ඉතාම ළඟදීම නිතිපතියට අසුජි ගසනු ඇත.

   ජනතා මුදලින් නඩත්තුවෙන නිතිපති සමඟ සිටින කාලකන්ණියන් දැන ගතයුත්තේ රාජපක්ෂලා ගේ පොල් ඉඩමේ ආදායමෙන් තමන් නඩත්තු නොවන බව , මේ තක්කඩියන් මතක තබාගතයුතුය. ජනක බණ්ඩාර විසින් දැන් තවත් ගේමක් ගසමින් මෙම ළමුන් 11 දෙනා පැහැර ගෙන ගිය සැකකරුවන් ගේ අධි චෝදනාපත්‍ර නැවත සමාලෝචනය කිරීමට ත්‍රි පුද්ගල මහාධිකරණයෙන් ඉල්ලා ඇත. රටේ නිතිපති අදවන විට බරපතල මිනිමැරුම් හා රාජ්‍ය දේපල අවභාවිතා කරන්නන් 59 දෙනෙකු ගේ චෝදනා හෝ අධිචෝදනාපත්‍ර  ඉල්ලා අස්කර ගෙන ඇත. ඒ පැහැදිලිවම ආණ්ඩුවේ මැති ඇමතින් සමඟ නිතිපතියේ උන්ට ඇති අතයට ගනු දෙනු නිසාය .

ලෝකයේ ප්‍රථම වරට නිතිපතියේ උන් අල්ලස් ගන්නා බවට පසු ගිය දා පැමිණිල්ලක් පවා ගොනු කලේ එවන් තත්වයකදීය. දැන් රටේ ඇති නිතිපතිය පැහැදිලිවම ඇත්තේ අපරාධකරුවන් මුදා ගැනීම වෙනුවෙනි. රටක නිතිපති අල්ලස් ගන්නා බව කියා පැමිණිලි කල රට ශ්‍රි ලංකාවයි.  අද ශ්‍රි ලංකා නිතිපති ගේ වගකීම අපරාධකරුවන් මුදා ගැනීම බව ඉතාම පැහැදිලිය.

පහත එම ලේඛණ ඇත.

 


Spread the love

Leave a Comment

You may also like