වෙනත්

එදා මඟුලට කෝට් එකක් ගන්න බැරිව සිටි රාජපක්ෂලා අද බිලියනපතිලා උනේ කොහොමද ……?

Spread the love

චමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍යට කලිසමක් කෝට් එකක් මිලට ගැනීමට නොහැකිව ඉතාම දුක්බර දිවි පෙවතක් ගෙව් රාජපක්ෂලා මේ වනවිට පැනමාව හා පැන්ඩෝරාව හරහා ලෝක
බිලියන පතියන්ගේ කළුසල්ලි අතරට රිංගුවේ මෙරට ජනීජනයාගේ ලේ දහඩියෙන් උපයා ගත් මුදලින් කොමිස් ගසා බව කීමට මේ ඡායාරූපය බෙහෙවින්ම ප්‍රමානවත්ය.

අනුර දිසානායක බිලියන පතියෙක් වී ඇතැයි ද, ප්‍රංශයේ සුඛෝපබෝගි මන්දිර ඇතැයිද ,එදා ලැව් ගින්නක් සේ රට පුරාම පැතිරුණි. එවනි බොරුවක් සමාජ ගතවීමට ගියේ තත්පර ගනනකි. ඊට ප්‍රතිචාර දැක්වු අනුර එම තම නමට ඇතැයි කියන නිවස පිලිබද ඔප්පුකරන අයට එම නිවස තෑගි දෙන බව කීමත් සමඟම එය වැසි ගියේ නිමේෂයකිනි.

ඒත් රාජපක්ෂලා හෝරාකන ඒවා එකින් එක වසර ගනනක් පෙල ගැස්සුවත් රටේ සම -හරක් තවමත් රාජපක්ෂලාව දේවත්වයේ පුදන්නේ පෙර කරුමෙට බව කිවයුතුය. තම විවාහයට මඟල් කෝට් එකක් ගැනීමට අතේ මිටේ මුදල් නොවීම හෝ කෝට් ඇද මඟුල් කෑව යුතුමයැයි කීමට තරන් අපි බොලද නොවෙමු. ඒත් එදා එසේ දිවි ගෙවු රාජපක්ෂලාට රටේ ධනය හුරා නොකා මේ ආකාරයට ආසියාවේ 03වෙනි බිලියනපතියන් විය නොහැකි බව සහතිකය.

එම මුදල් රාජපක්ෂලා ගේම නමින් හෝ ඔවුන් ගේ පවුලේම අයගේ නමින් නොමතිබව මෙම ලියුම් කරු දන්නේ 2015 වසරේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරමින් තිබු විමර්ෂණවලින් ඒ වනවිටත් හෙලිව තිබු නිසාය හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා රටේ ජාතියෙන්ම සමාව ඉල්ලමින් කිවේ…..

” මට සමාවෙන්න ….. සමාවෙන්න  මට….. මම එදා හෙල්පිං හම්බන්තොට සුනාමි මුදල් සොරකම පිලිබදව මහින්ද රාජපක්ෂ හිරේ යැව්වානම් රටේ මුදල් ඉතිරි වෙනබවයි”…….

ඒවනි අති විශාල මුදල් සම්බාරයක් සොරාකා ඇති බවට අද ඕනෑ තරන් සාක්ෂි ඇත.ඒත් අදත් රාජපක්ෂලා වෙනුවෙන්ම සිටින වහලුන් රාජපක්ෂලා ගේ වාසනාවක් වුවත් රටේ අවාසනාවකි. 


Spread the love

Leave a Comment

You may also like