උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේන -“කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි”

Spread the love

මෙරට ජනවරට එක් වූ අළුත්ම ප්‍රස්ථා පිරුළ වන්නේ අපි තමයි හොඳටම කරේ යන්නය.මෙය සමාජගත වූයේ මිල්ටෙරි නන්දසේනගේ උද්ච්ච අඬෝවැඩියාවේ

දිගුවක් ලෙසය.මේ වන විට මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ කෙරුවාව මෙරට ජනතාව උපහාසාත්මකව ප්‍රශ්න
 කරන්නේ මෙම ⁣ප්‍රස්ථාව පිරුළු යොදාගනිමිනි.
මිල්ටෙරි නන්දසේන ගේ සවුබාග්ගියේ දැක්ම හරියට සිංහලේ රජ්ජුරුවන් වහන්සේට හකුරු සෑදූ මිනිසාගේ කතන්දරය වාගේය
රජ්ජුරුවන් වහන්සේට හකුරු වැඩියෙන් අවශ්‍ය වූ නිසා රජවාසල හකුරු වැඩියෙන් ගෙනෙන ලෙසට හකුරු සාදාන්නාට නියෝග කෙරිණි.මේ නියෝගය මහා හිසරදයක් යැයි සිතුව හකුරු සාදන්නා එසේ වැඩිපුර හකුරු ගෙන ඒම මහත් අමාරු කාර්යයක් බව රජුට දැන්වීය. ඒ ඇයි රජු විමසීය.හකුරු සාදන්නා දොහොත් මුදුන් දී බැගෑපත්ව මෙහෙම කීවේය

“…පස්වාන් දහසකට දෙයියෝ බුදුවන්ඩ රජවාසලට හකුරු හදන එක එසේ මෙසේ කාර්යයක් නොවෙයිනේ. අළුතෙන් ලිප් හදන්ට ඕනෑය.වටේට වට තිර අඳින්ට ඕනෑය.උඩට උඩු බඳින්ට ඕනෑය.කටට මුඛවාඩම් බඳින්ට ඕනෑය.ඔය වාගේ කොච්චර රාජකාරි තියෙනවාද හකුරු හදන කොට දේවයන් වහන්ස…” රජ්ජුරුවන්වහන්සේ හකුරු හදන්නාගේ ඒ කතාව පිළිගත්තේය .ඒත් රජ්ජුරුවන්වහන්⁣සේ අහම්බයකින් දවසක හකුරු හදන්නාගේ ගෙට ගොඩ වැදුනි.ඒ වන විට හකුරු හදන්නා දාදිය තුන් මූනින්  පෙරා ගෙන අමුඩ කෙටියක් ඇඳ ගෙයි ලිප ළඟ වාඩිවී හකුරු හැඳිගාමින් සිටියේය.

” ඈ බොල කෝ අර තෝ  කියාපු උඩට උඩු වියන් ආදිය හෙම රජ්ජුරුවන්වහන්සේ කෝපයෙන් විචාලේය.හකුරු සාදන්නා හැදුන මුත්තරා බර තර කරගෙන බිම දිග ඇදී අඬා ⁣වැටෙමින් “පස්වාන් දහසකට දෙයියෝ බුදුවන්ඩ  කියන කොට එහෙමයි කරන කොට එහෙමයි තරහ අවසර වෙන්ටෝන දේවයන් වහන්ස” යැයි පැවසීය. 

මිල්ටරි නන්දසේන බලයට එන්නට පෙර ජනතාව ගොනාට ඇන්දුවේ සවුබාග්ගියේ දැක්ම පොත පෙරළමිනි.

නමුත් බලයට පත් වීමෙන් පසු මිල්ටෙරි නන්දසේන කරන කියන හා වැඩ

 සිද්ධ වෙන ආකාරය දකින විට අපට හිතා ගන්නට තියෙන්නේ දුර්භාග්‍යයේ දැක්ම රට තුළ ක්‍රියාත්මක කරන බවය.

කියන කොට එහෙමයි කරන කොට එහෙමයි ⁣පිරුළ මිල්ටෙරි නන්දසේනගේ කයිවාරුවට ටක්කෙට ගැලපෙන්නේ  ඒ නිසාය කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි ආණ්ඩුවේ මිල්ටෙරි නන්දසේන ගේ පුරාජේරු කයිවාරුව තවදුරටත් මං තමයි හොඳටම කරේ පිරුළ තුළින් සමාජය පුරාම හාස්‍යයට ලක් වෙමින් පවතී.

මේ හාස්‍යයේ සැබෑ නිරුවත ජාත්‍යයන්තරය තුළින් ද තහවුරු වීම කාගෙ කාගේත් අවධානයට ලක් විය යුතු වැදගත් කාරණයකි.පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට එහි 

මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ගේ වාර්තාවක් ලෙස ඉදිරිපත් කරන ලද මානව හිමිකම් වාර්තාවේ වැඩි වශයෙන් ලෝකයේ  මානව හිමිකම් උල්ලංඝනය කර ඇති රටවල් හතලිස් පහ හතරට ලංකාවේ නමද සඳහන් වේ.⁣මහා සමුළුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් මෙම වාර්තාව මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකමි කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එක් වී සකසන ලද්දකි.මෙම වාර්තාව සභාගත කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සහකාර ලේකම් ඉල්ස් බ්‍රෑන්ඩ් කෙරිස් විසිනි  සුඩානය,චීනය,ඉතියෝපියාව,නිකරගුහා, ශ්‍රි ලංකාව, මියන්මාරය,සවුදි අරාබියාව,යේමනය, ඊශ්‍රායලය,කාම්බෝජය,යේමනය ඉන්දියාව ආදී මානව හිමිකම් බරපතල ලෙස උල්ළංඝනය කරන අශීලාචාර රටවල් අතරට ⁣මෙරටද ඇතුළත් වී තිබේ

එම වාර්තාවේ 110/112වගන්තිවල අපේ රට ගැන සඳහන් කර ඇත්තේ මේ ආකාරයටය.

” ..මානව හිමිකම් කොමසාරිස් වරිය 2021 පෙරවාරි නව වෙනිදා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකාව ගැන සඳහන් කොට තිබේ.මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමට සහයෝගය දෙන ලද සිවිල් සංවිධාන මානව හිමි කම් ආරක්ෂකයන් , සහ වින්දිතයන් පිළිබඳව හිංසාකාරී ආවේක්ෂණයන්ට වාර්තා වී ඇත.තවදුරටත් රාජ්‍ය නිළධාරීන් බිය ගැන්වීම්,මානව හිමිකම් ආරක්ෂාවට මැදිහත් වන ක්‍රියා ධරයන්ට සිදු කරන හිංසාවන්  නැවැත්වීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතරම මානව හිමිකම් උල්ලංඝනයට පත්වූ සියළු තරාතිරකම අයට පවුල් වලට  සාධාරණය ඉටුකිරීම ⁣ප්‍රමාද වී ඇති බවද සඳහන් කරමු….”

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම  මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව චෝදනා කිරීම තුළින් මෙරට ස්වාධීනත්වයට හානියක් සිදුවෙතැයි අදෝනා නගන ආණ්ඩු පක්ෂ දේශපාලන

අම්බරුවන් බොහොමයකගේ වොයිස් කට් පසුගියදා අසන්නට ලැබුණි.මේ චෝදනා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ ලෙස හඳුන්වමින් ⁣දේශප්‍රේමිත්වයේ කිරි පල්ල අත ගා ව්‍යාජ මතවාදයක් සමාජගත කොට වීරයන් වන්නට කැස කවන  රාජපක්ෂ බංගලාවේ කැහිටු සුනඛයන් කිහිප දෙනාද  මේ පිරිසට අයිතිය.

මේ ළිං මැඩියන් සිතාගෙන සිටින්නේ ජාත්‍යන්තරය සමග කිසිදු ගනුදෙනුවක් නැතුව අපේ රට සංවර්ධනය කරා ගෙන යන්නට හැකි බවය.එය නම් මහා අම්බරු සිතුවිල්ලකි.මේ අම්බරුවන් මෙරට ජනනාව මී හරකුන්ට අන්දන්නේ මෙම මානව හිමිකම් චෝදනා කිසිදු අවස්ථාවක බටහිර රටවලට එල්ල  නොවෙන බවට පවසමිනි.එහෙත් මෙම මානව හිමිකම් වාර්තාව අධ්‍යයනය කරන කෙනෙකුට එම චෝදනාවෙි අසත්‍ය ස්වරූපය තහවුරු කරගන්නට හැකිය.ඉන්දියාව ,ඊශ්‍රායලය චීනය ආදීී රටවලටද  මෙම වාර්තාවෙන් මානව හිමිකම් කඩවීම් ගැන චෝදනා කොට ඇති බව ⁣පෙනෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රයත්නය ලෝකය පුුුරා මිනිසුන්ට මිනිසුනු ලෙස නිදහසේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමය.එය අපේ රටට පමනක් සීමා නොවූවකි.ඒ මැදිහත් වීම අනවශ්‍ය ආකාරයේ කෙනෙහෙළි කමක් ලෙස වර නගන්නේ මිල්ටෙරි නන්දසේන වැනි උද්දච්චච මෝඩ තකතිරුවන්ය.⁣එහෙත් මෙහි හොඳම විහිළුව වන්නේ මානව හිමිකම් කොමිෂමේ ක්‍රියාකාරකම් මෙරට ස්වාධීනත්වයට එරෙහිව යාමක් ලෙස මෙරටදී චෝදනා කරන මිල්ටෙරි

නන්දසේන එක්සත් ජාතීන්ගේ මහා  සමුළුවට සහභාගීවී මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඔහු දක්වන මානුෂික කැපවීම පිළිබඳව උජාරුවෙන් ලෝකයට ප්‍රකාශ කිරීමය.

 මිල්ටෙරි නන්දසේනගේ ඒ පුරසාරම් ගැන ඇහෙන විට අපට මතකයට  එන්නේ “කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි” පිරුළය.මෙරට ජනතාව මං තමයි හොඳටම කෙරුවේ යැයි උපහාසයට කියන්නේත් ඒ නිසාය.

https://www.facebook.com/100035880630919/posts/553391855866831/?d=n


Spread the love

Leave a Comment

You may also like