උණුසුම් පුවත්

සුදු කරපටි අපරාධකරුවන් සෝමාලියා කොල්ලකරුවනට වඩා භයානකයි.

Spread the love

සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් පිලිබදව නොදන්න කෙනෙකු නොමැත. ඒ සෝමාලියානු කොල්ලකරුවන් හදුනා ගැනීම ඉතාම  පහසුය, අවි අත දරා සිටින ඔවුන් පිලිබදව ලොවම මවිතව කතාකරයි. ඒත් සුදු කරපටි අපරාධකරුවන් පිලිබදව කිසිවෙක් කතාකිරීමට බියවෙති, ඒ ඔවුන් රටක සමාජීය හා දේශපාලනිකව ඉතාම බලවත් ප්‍රභල වු පිරිසක් නිසාය.මෙම සුදුකරපටි අපරාධකරුවන් පිලිබදව සමාජයේ කොටසක් ඔවුන් “කොල්ලකරුවන් ” යැයි හදුන්වන විට එම සමාජයේම තවත් කොටසක් ඔවුන්ව “දේවත්වයෙන් ” සලකමින් වන්දනාමාන කිරීමට පෙලබීම රටක සුදු කරපටි අපරාධකරුවන් නිතියේ රැහැනට ගෙන ඒමට දැඩි බාධකයකව පවති.මුහුදු කොල්ලකරුවන් අත අවි දරා සිටිනවා සේම සුදු කරපටි අපරාධකරුවන් අත පිරිත් නුල් අසාමාන්‍ය ලෙසට ගැටගසාගෙන තිබීමම ඉතාම පහසුවෙන් හදුනා ගතහැකි ප්‍රධානම ලක්ෂණයකි.

එසේම ශ්‍රි ලංකාව හා ආසියානුරටවල මෙම සුදු කරපටි අපරාධකරුවන් වටා  ප්‍රභලවම භ්‍රමණයවන තම ආගමික ශාස්තෘන්වහන්සේලාගේන් පැවත එන මහණුන් හෝ ඒ ඒ ආගමික කොටස් ඉතාම සමීපව සිටියි. මෙය රටක සමාජය නොමග යැවීමට ඇති ඉතාම ප්‍රභලවු හේතුවකි. දුටු දුටු තැන වන්දනාමාන කරන වර්තමානයේ සේ ඔවුනටම වෙන්වු ඝණින්නාන්සේලා කොටසක් හෝ යාගහෝම බිලි පුජා කරන කොටසක් වෙන්ව සිටීම මේ අපරාධකරුවන් ගේ පැවැත්මට මනා පිටුවහලක් වී ඇත. එසේම රටක සාමජීය හා ආගමික වත් පිලිවෙත් ශාස්තෘන්වහන්සේලාව අභිබවා ගොස් අසාමාන්‍ය මවාපැමක් කරමින් ඒ තුලින් රටක ජනතාව අන්ධ භක්තිකයන් සේ හැසිරවීම මෙම අපරාධකරුවන් ගේ ප්‍රභල තවත් අවියක් සේ ඔවුන් යොදවා ගෙන ඇත.

එසේම මෙම අපරාධකරුවන් විසින් නිතිය ක්‍රියාතමක් කරන අධිකරණය පවා ඔවුන්ගේ ග්‍රහනයට නතුකර ගෙන ඇත්තේ දුෂිතයැයි අධිකරණය තුලින්ම හන්වඩු ගැසුනු බොහෝ විනිසුරන් එම ආයතනවල ඉහළම පුටුවලට පත්කරවීමෙන් නිතිය ඔවුනට අවශ්‍ය ආකාරයට අර්ථකතනය කරමින් තම දුෂිතයන් හා තම රැහේ සුදු කරපටි අපරාධකරුවන් නැවත වෙනත් ආකාරයකින් සමාජ ගත කිරීම මෙම දුෂිත විනිසුරන්ට පැවරී ඇති වගකීමය.

ඊට විවිධ වරප්‍රසාද වරදාන ඔවුනට හා ඔවුන්ගේ පවුල්වල අයට ලබාදීමට මෙම බලගතු සුදුකරපටි අපරාධකරුවන් කටයුතු කර ඇත. මේ වන විටත් එසේ කරමින් ඇත. ඊට ශ්‍රි ලංකාවේ ඕනැවටත් වඩා උදාහරන ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ,මොහාන්පීරිස් ,ඊවා වනසුන්දර වැනි තවත් බොහෝ දෙනෙකු ඇත.

එසේම ඉතාම මෑතක අශෝක ද සිල්වා හිටපු අගවිනිසුරු ගේ දියනියට අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරක් ලබාදීමට තම ස්වාමියා ගේ පියා වු බාලපටබැදි හරහා නිතිපති ගෙන් ගෙන්වා ගත් ලිපියක් තුලින් රාජ්‍ය සේවාවම අකර්මන්‍ය කොට එම තනතුරට තවත් නොබෝ දිනකින් ඇයව පත් කරලීම රටේ නිතියට මරු පහරකි. මෙවන් කොතෙකුත් උදාහරන ශ්‍රි ලංකාවේ ඇත.

ඒ නිසාම අකර්මන්‍ය කොට ඇති පොලිස් සේවාව හා දුෂණය කර ඇති අධිකරණය, තුලින් තවත් නම් රටේ සුදු කරපටි අපරාධ නතර වේ යැයි යමෙකු සිතන්නේ නම් ඔහුට මොලේ අමාරුවක් තිබිය යුතුය. මෙම සුදු කරපටි චෞර අපරාධකරුවන් අත් අඩංගුවට ගෙන රටට නිදහස ලබා ගැනීම යමෙකු සිතනවාට වඩා ඉතාම බැරෑරුම් කාර්යකි.

ලෝකයේ සුදුකරපටි අපරාධකරුවන් විවිධ රටවල නායකයන් බවට පත්ව ඇති බව අද එලිට පැමිණ ඇහි නිරුපමා රාජපක්ෂ ගේ පැන්ඩෝරා පේපස් වලින්ම තහවුරු වී ඇත. මෙවනි අපරාධකරුවන් ජය ගැනීමට නම් රටේ සමස්ථ ජාතියම තම පුද්ගලික ලාබ ප්‍රයෝජන පසෙකට දමා එකව නැගිටිය යුතුය. දුෂිතයන් තරාතිරම නොබලා නිතියානුකූලව දඩුවම් දිය යුතුය. එවනි ආකාරයකට මිස අන් කිසිවක් කල නොහැකිය.

ඒ රටේ ජනතාවම දැන හෝ නොදැන ආගමික හා සාමාජීය මෙන්ම දේශපාලණිකවද මෙම අපරාධකරුවන් ගේ ග්‍රහණයට හසුව ඇති නිසාය.


Spread the love

Leave a Comment

You may also like