උණුසුම් පුවත්

ඇමරිකානුවන් දෙදෙනාට එල්ල වු තර්ජනය නිසාම චීනය අතහැර නැවතත් ඉන්දියානු – ඇමරිකානු ඔඩොක්කුවට.

Spread the love

ගෝඨාභය රාජපක්ෂට හා බැසිල් රාජපක්ෂට ඇමරිකානු එක්සත් ජනපදයෙන් ලද පුරවැසි භාවය ලබාගැනීමට පෙර ඇති දිවුරුම් කලයුතුමය.  මේ දෙදෙනාම බයිබලයේ අත තබා

” මා ලෝකයේ කුමණ රටක ජීවත් වුවත් තීරණාත්මක මොහොතක දි මා ඇමරිකානු රාජ්‍ය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙමි ….”

යනුවෙන් දිවුරා පොරොන්දු වු අයිය මලෝය. අපවෙතට ලැබී ඇති තොරතුරු මත ගෝඨාබහය ගේ හා බැසිල්ගේ දෙදෙනාටම අයත් ඇමරිකානු ඩොලර් මිලයන ගනනක් වවිනා දේපල ඇත්තේ ඇමරිකානු එක්සත් ජනපදය තුලය. ඒත් පසු ගිය කාලය පුරාවටම ගෝඨාබහය ප්‍රමුඛ රාජපක්ෂලා චීන නමස්කාරය කරමින් සිටියදි කිසිවෙකුටත් නොකියාම බැසිල් ඇමරිකාවට ගියේ ඇමරිකාවෙන් ලද කැදවීමකට බවත්, ඒ වහාම ලද පණිවුඩය  අනුව ඇමරිකානු බැසිල්ට රටේ මුදල් ඇමතිකම පවා දීමට ගෝඨාට සිදු විය.

අදවන විට නැවත රටේ ආර්ථිකය යලි යහපත් අතකට හැරවීමට ඇමරිකාව යුහුසුළුව කටයුතු කරන බව අප ගේ මහබැංකු තොරතුරු කරුවෙකු පවසයි. ඒත් ඒකම අපලය අජිත් නිවාඩ්ව ඊට ඇතුලත් කිරීමය එයද නිකම්ම සිදු වුවක් නොව බැසිල් ගේ දැඩි පෙරැත්තය මත අජිත් එය භාර ගත් බව පසු ගිය දා සේවකයන් අමතා කියා ඇත. දැන් රාජපක්ෂලා පත්ව ඇත්තේ

” මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹුව නසී යන කියමනට පණ දෙමින්ය. ”

තවත් නොබෝ දිනකින් ඉන්දියාවේ අගමැති මෝදි ගේ විශේෂ නියෝජිත් ස්වාමි නාදන් පැමිනෙනවා ඇත. ඔහු මෙරටට පැමිණෙන්නේ රටේ ජනතාව ගේ දුකසැප බලායාමට  නොවේ එන්නේම ඇමරිකාව හා ඉන්දියාව ඒකාබද්දව ලංකාවේ පවත්වා ගෙන යනු ලබන ව්‍යාපෘති පිලිබදව සාකඡ්චාවකටය.

ඒත්  2010 සිටම රාජපක්ෂලාට කොමිස් පිට කොමිස් දුන් චීනට මේවා සියල්ලම ඉවසා බලා සතුටු වෙනු ඇතැයි  කිසිවෙකු සිතන්නේනම් ඔහුට මොලේ අසනීපයක් තිබිය යුතුය. රාජපක්ෂලා ගේ චීන නමස්කාරය නැවතීම පිලිබදව අපද ඉතාම සතුටට පත්වෙන නමුත් රට ඉතාම භායානක තැනකට ඇද දමා ඇති බව නම් අපිට සහතිකය. ඒ චීනය තවත් මේවා කොපමන දුරට ඉවසාවිදැයි කිසිවෙකුටත් කිව නොහැකි නිසාය . රටේ දේපල චීනයට හා විදේශියන්ට විකිණීමේ කරුමයට රාජපක්ෂ සනුහරේම වන්දි ගෙවාට අපට කම් නැත. ඒත් පාස්කු වලින් මියගිය අහිංසකයන් සේ අපේ රටේ අහිංසක ජනතාවට ඊට වන්දි ගෙවීමට සිදුවුව හොත් එයත් තවත් විනාශයකි.

මේ නිසාම දැන් රට පින් ඒක ගැලවු අත්බෝම්බයක් බවට පත් කොට හමාරය.

අජිත්.


Spread the love

Leave a Comment

You may also like