ශ්‍රි ලංකාවට ලබාදී ඇති GSPසහනය තවදුරටත් ලබා දෙනවාදැයි විමර්ෂණය කිරීමට යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායක් මේවන විට ලංකාවට පැමිණ සිටි. එම කණ්ඩායම විවිධ පක්ෂ හා නියෝජිතයන් මෙන්ම විපක්ෂ නායකයාද හමුවී ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ හර්ෂ ද සිල්වා හා ලෂ්මන් කිරි ඇල්ල යන අමහත්වරු ඊට සාභාගි වී ඇත. මෙහිදි විපක්ෂ නායකවරයා කියා ඇත්තේ
” ජනතාව දැඩි ආර්ථක පීඩනයකට මුහුණ දී ඇති මෙවන් වසංගත තත්වයක් තුලදි තමා පෞද්ගලිකව හෝ තම පක්ෂය රටේ ජනතාවට හෝ දේශීය නිෂ්පාදකයාව කබලෙන් ලිපට දමා ආණ්ඩුව සේ ක්‍රියා නොකරන බවත් ,අපේ ජනතාව ගැන සිතා GSP සහනය ලබා දීමට කාරුණික වන ලෙසත් , එසේ උවත් පවතින රාජපක්ෂ ආණ්ඩුව දැඩි භීෂණයක් ඇතිකරමින් මාධ්‍ය දඩයම, හා දේශපාලන පලිගැනීම් සිදු කිරීමත් නතර කිරීමට වහාම මැදිහත් වෙන ලෙසත් යුරෝපිය සංගම් නියෝජිතයන් ගෙන ඉල්ලීය”.
එසේම දේශපාලන සිරකරුවන් හා මානව හිමිකම් ආරක්ෂා කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට නිතියේ ආධිපත්‍යක් ඇති රටක් බවට පත් කරලීමට සහාය වෙන ලෙසට යුරෝප සංගම් නියෝජිතයන් ගෙන් ඉල්ලිය. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය ඉතාම කාලෝචිතව යුරෝපිය සංගම් නියෝජිතයන් දැනුවත් කොට ඇත.