ශ්‍රි ලංකාවේ මේවනවිට ඇත්තේ ජනාධිපති ගේ දුරකථන් ඇමතුමටත් පුටුවෙන් නැගිට කතාකරන පොහොට්ටු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද රණසිංහ ගේ හා CID ය අධ්‍යක්ෂක වී ගල්කිස්සෙන් ස්ථානමාරුවී එනවිට පාතාලෙන් තැගි දුන්න කර් රථයක් හිමි අධ්‍යක්ෂක ප්‍රේමරත්නගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවකි.
පාස්කු ප්‍රහාරය පිලිබදව කුමන්ත්‍රණකරුවන් ගේ සියළු දත්තයන් තිබු ජේෂ්ඨ නියෝජ්‍යපොලිස්පති නිලන්ත ජයවර්ධන ගේ දුරකථනය පිලිබදව ප්‍රශ්නකිරීමට බැරි CIDය දැන් පාරිභෝගික අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂකව හිරේ ඇරීමට CIDය අමුඩ ගසන බව ඇතුලේම නිලධාරින් කියයි. රටේ ජනමාධ්‍ය නිදහසක් ඇති කිරීමට හා නිතිය ,යුක්තිය නිවරදිව ඉටුකරවා ගැනීමට ගෙනා ගෝඨාභයම අද දිවයින කතෘ හේමන්ත රන්දුනුට හා ලංකාදීප කතෘ සිරි රණසිංහට වහාම අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.
ඊට හේතු වී ඇත්තේ තුෂාන් ගුණවර්ධන විසින් බන්දුල ගුණවර්ධන නැමති පට්ට හොරා හා ලසන්ත අලගියවන්නලා එකතුව කරන සුදු ළුනු ජාවාරම පිලිබදව රටේ ජනතාවට ඇත්ත හෙලි කිරීමයි. අද ඉතාම හොදින් ජාතිවාදය ඇවිලීමට ගිනි පිබිම්න හිරු හා දෙරණ පිලිබදව CIDය කිසිදු ප්‍රශ්නයක් නැත්තේ ඒ වෙනුවෙන් උන් දෙදෙනාම ලැඟ ඉන්නේ ගෝඨාබහය ගේ රෙද්ද අස්සේය. බල්ලා ගේ ඇගේ සිටින රෙනෝගේ කුඩු නාලිකාව හා ඇන්ටිජන් මාෆියාවේ නිර්මාතෘ දිලිත් ගේ නාලිකාවට රාජ්‍ය අනුග්‍රහය හා රාජ්‍ය ආරක්ෂාව දී ඇත.
ඒත් දිවයිනත් යම් තරමකට හෝ රටට වගකියන ආකාරයේ ප්‍රවෘත්තීන් පලකිරීම රාජ උදහසට ලක්වීම අරුන්මයක් නොවේ. සුදු ළුනු කිලෝ 56000ක් ගමේ බණ්ඩයියාට මිලට ගැනීම තහනම්ය. ඒත් බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්නගේ හතරවරන් ගැහිලි තුෂාන් ගුණවර්ධන එලියට දැම්මේ තමන් ගේ හෘද සාකෂියට අනුව වියත් මඟ ඔස්සේ දේශපාලන අත්පොත් තැබු ගෝඨාභය ද හොරොක් නොවන බව එදා ඔහු විශ්වාස කර තිබී ඇත. ඒත් අද ගෝඨාභය යනු හොර නඩයේ පට්ටම හොරෙක් බව වැටහි ඇත්තේ තමාට කෙලවු පසුය.
කෙසේ වෙතත් මේ පිලිබදව ලියු මාධ්‍ය වේදින් ගේ කටවැසීමට දැන් දිවයින හා ලංකාදීප කතෘවරුන් CID යට කැදවන්නෙ තර්ජනය කොට භය කිරීමට බව අපි දනිමු. වෙබ් මාධ්‍ය අපිට තර්ජනය කරනවිට කටක් නොවරින ලංකාවේ හමිඩියාකරුවන් වෙනුවෙන් අපි හඩ නඟන්නේ ගෝඨලාගේ මේ අවසානය නොවන නිසාය.