උණුසුම් පුවත් Posted on සැප්තැම්බර් 26, 2021 පාස්කු ප්රහාරයේ තවත් මඟඩියක් එලියට,S/ DIG රවි සෙනවිරත්න හා ශානි නැවත අත් අඩංගුවට ගැනීමට සුදානම් 617 Spread the loveලංකාදවස පාස්කු ප්රහාරය පිලිබදව සුවිශේෂිත විමර්ෂණයක් සිදුකල අතරම එදා සිටම අපි ඉතාම වගකීමෙන් රටට කියන්නේ , පාස්කු ප්රහාරයේ විමර්ෂණයෙන් අද ගෝඨාභය ආණ්ඩුව සිදුකරන්නේ වින්දිතයන් අපරාධකරුවන්, බවට හා ප්රහාරයේ සැලසුම්කරුවන් වින්දිතයන් බවට, පත්කරමින් බව අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු. අප පුවත්පත ශ්රි ලංකාවේ පාඨකටන්ට කියවීම තහනම් කලත් , කුමණ තර්ජන්, ගර්ජන කලත්, මේ ප්රහාරයේ නියම ප්රහාරක සැලසුම්කරු, හා ආධාර අනුබල දුන් අය නිතියේ රැහැනට ගන්න තුරු අපි නිහඩ නොවන බව ඉතාම ආඩම්බරව වගකීමෙන් රටේ ජනතාවට සටහන් කරන්නෙමු. මේ වනවිට ඇතිව තිබෙන්නේ වර්තමාන නිතිපති වන බැසිල් රාජපක්ෂගේ “මචන් නිතිපති” වැඩේ ඕනවාටත් වඩා හොදින් කරන බවයි. පසු ගිය දා පාස්කු ප්රහාරයේ ප්රධානම කුමන්ත්රණකරුවන් ගෙන් එකෙකු වු ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව (මධ්යම පලාත භාර ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ) නිතිපති ගෙන්වා දීර්ඝ සාකඡ්චාවක් පැවැත්විය. ඉන් පසුව ශානි අබේසේකර විසින් විමර්ෂණය කල වව්නතිව් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීම හා , මරාගෙන මැරෙන ත්රස්තවාදියෙකු ගේ ජැකට්ටුවක් දමා යාම පිලිබදව එවක රාජ්ය බුද්ධි අධ්යක්ෂක නිලන්ත ජයවර්ධන විසින් හිතාමතාම එවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවි සෙනවිරත්න අමතා එම පොලිස් නිලධාරින් මරාදැමීම හිටපු එල් .ටී.ටී.ඊ ත්රස්තවාදින් විසින් සිදුකර ඇති බවට බුද්ධි තොරතුරු කරුවන් වාර්තාකර ඇති බව දැනුම් දී ඇත. S/DIG රවි සෙනවිරත්න දේශපාලන හෙන්චයියෙකු නොවන නිසාත් අපරාධ විමර්ෂණයන් පිලිබදව හසල දැනුමක් ඇති අයෙකු නිසාම නිලන්ත ජයවර්ධන නැමති කුමන්ත්රණකරු ගේ මේ වැරදි තොරතුර හිතාමතාම රවි සෙනවිරත්න ලවා ශානි අබේසේකරට ලබාදි පාස්කු ප්රහාරයේ සුලමුල හෙලිවීමට එදා ප්රහාරයට මුල සිටම කුමන්ත්රණය කලබව අපි වගකීමෙන් සටහන් කරන්නෙමු. ඒ එදාය, අද නිලන්ත ජයවර්ධන නැමති කුමන්ත්රණකරු සිටින්නේ ප්රහාරයෙන් බලය ලබාගත් කණ්ඩායම නියෝජනය කරමින්ය. ඒ නිසා අද නිලන්ත ජයවර්ධන ඉතාම බලවත්ය. ඊට ඕනෑ තරන්සාක්ෂි ඇතත් අද S/DIG රවි සෙනවිරත්නව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනන්නේම එදා රවි සෙනවිරත්නට හා ශානිට නිලන්ත ජයවර්ධන දුන් තොරතුරු වැරදි තොරතුර විමර්ෂණය නොකිරීම පිලිබදව කරුණු විමර්ෂණයටය. අපි දන්න S/DIG රවි සෙනවිරත්න හා SSP ශානි අබේසේකර ගෙන් මෙම ලියුම් කරුද හදුනා නොගත් අපරාධ විමර්ෂණයට උපදෙස් ගැනීම නිසාම ඔවුන් ගේ අපරාධ කරුවන් පිලිබදව ඇති චිත්රය ඉතාම පැහැදිලිය. කෙසේ වෙතත් දැන් නැවතත්SSP ශානි හා S/DIG රවි සෙනවිරත්න කොටුකරන මෙහෙයුම නිතිපතියේ දිලිප පීරිස් හා එක්ව ගොබ්බ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේDIG ප්රසාද් රණසිංහ හා අධ්යක්ෂක ජාවාරම්කාර SSP ප්රේමරත්න සමඟ දැන් මෙහෙයුම ක්රියාතමකය. අපි මේ පිලිබදවS/DIG රවි සෙනවිරත්න මහතාගෙන් විමසීමේදි ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවත් තවත් තොරතුරු තහවුරු කලේය. නිලන්ත ජයවර්ධන නැමති මිනිමරු කුමන්ත්රණකරු රකින්නේ ගෝඨාභය ගේ ඇමුඩය ගැලවෙන බව දන්න නිසාය. ඒ බව අප නම් ඕනෑවටත් වඩා දන්න බව ගෝඨභයගේ අසුජි බුදින CID යේ සිටින සමහරක් SSP ලාට DIG ලාට මතක් කරන්නෙමු. විශේෂ අපරාධ විමර්ෂකයෙකු ලියයි. Spread the love
උණුසුම් පුවත් දෙසැ. 05, 2019 සී බී රත්නායක ගේ මස්සිනා ලක්ෂ 7000 කට චීන සමාගමට විකුණු ගල් වල නිසා මළ පට්ටා ව ගමම නායයයි.
උණුසුම් පුවත් බේසල් සම්මුතියෙන් තහනම් කොට ඇති අති භයානක විෂ බීජ කන්ටේනර් ලංකාවට ගෙන්නු ධම්මික පෙරේරා හා රාජපක්ෂලාට එරෙහිව නිතිය ක්රියාත්මක කලයුතුයි.( විඩියෝ සහිතයි ) 793 Spread the loveඉතාම හොදින් සත්ය රටේ අනාගත පරපුරට පහදා දෙන ගුරුවරයෙක් මෙය රටේ අමන ජනයාට දියයුතු ඉතාම හොද පාඩමක් තිස්සජනනායක මහතට ලංකා දවසේ ස්තුතිය.... Read More
උණුසුම් පුවත් පෙබ. 08, 2021 පිස්සු පූසෙක් කළ හදියක් වාර්තාව දැක බැසිල් පරළු වෙයි -” තමුසෙ මේ නම් ටික දාලා හදලා දෙනවා….”