ගොසිප්

රුවන්වැලිමහාසෑය, චූඩාමාණික්‍ය සහ සඳහිරු සෑය.

Spread the love

08:29

රාජපක්ෂලා තරම් සිංහල බෞද්ධ කම විකිණූ සහ ඒ අනුව වැඩ නොකල පාලකයන් කොටසක් ලංකා ඉතිහාසයේ නැත. ජාතිවාදී ආගම් වාදී නරිවාදම රෙද්ද පල්ලෙන් පෙරෙද්දී මේ රටේ රාජපක්ෂ නිකායේ චීවරධාරී පාදඩ නිඝන්ඨයන් උන්ට කඩේ ගියේය. 2009 යුද්ධය අවසානයේදී රාජපක්ෂ මහරජාට ඇන්දවීම කලේද මේ කහකඩ නිඝන්ඨයන්ය.
අවසානයේ රාජපක්ෂ දුටුගැමුණු රජතුමා සමාන කිරීමට හෝ ශාඛ්‍ය වංශයට නෑකම් කියන තත්ත්වයට ගෙනඒමට උන්ට කඩේ ගිය සංඝපාතාලය සහ ජැක්සන් වැනි පාදඩයන් උත්සාහ කලේය.
රාජපක්ෂ ඇන්දේය. ඌ හිතුවේ ඌ දුටුගැමුණු රජතුමා කියාය. ඌ හිතුවේ දුටුගැමුණු රජතුමා රුවන්වැලිමහාසෑය හැදුවේ එලාර මරපු නිසාත් දසමහ යෝදධයන් සිහිපත් වීමටත් කියාය.
මහින්ද ඒනිසා යුද්ධය අවසානයේදී සඳහිරු සෑය නමින් අටමගලයක් අනුරාධපුරයේ ඉදිකිරීමට සැලසුම් කලේය. එය සොහොනකි. යුද්ධයක ජයග්‍රහණය සමරන්න චෛත්‍යයක් ඉදිකරන්නේ නැත චෛත්‍යයක් ඉදිකරන්නේ සම්මාසම් බුදුරජාණන්වහන්සේ ,පසේ බුදුරජාණන්වහන්සේ, මහරහතන්වහන්සේ සහ සක්විති රජ කෙනෙක් වෙනුවෙන් පමණි.
දැන් රුවන්වැලිමහාසෑයේ තිබූ චූඩාමාණික්‍ය ගලවා අලුත් එකක් සවිකලේය. දැන් ඉතාමත් නුදුරු දිනක සඳහිරු සෑයේ චූඩාමාණික්‍ය තියන්න උපදෙස් ලබාදී ඇත. ගැලවූ චූඩාමාණික්‍ය රුවන්වැලිමහාසෑයේ බුදුමැදුර තුළ තබන බව කීවද දැන් එය අතුරුදහන් වී වෙනත් එකක් එහි ඇති බව තතු දත් ආරංචි කියයි.
දැන් රාජපක්ෂලා නැවතත් හදන්නේ රුවන්වැලිමහාසෑයේ තිබූ චූඩාමාණික්‍ය සඳහිරු සෑයේ කොතේ තියන්නටය.
මුන් තබා මුන්ට උපදෙස් දෙන සංඝපාතාලය වත් ලංකාව, අනුරාධපුරය, මහමෙව්නා උයන, අටමස්ථානාය හෝ රුවන්වැලිමහාසෑය සමග මේ විශ්වය ඇති බැඳීම් දන්නේ නැත.
රුවන්වැලිමහාසෑයේ බුදුරජාණන්වහන්සේගේ ද්‍රෝණයක් ධාතු ඇත. ඒ කතාව මෙතන ලියන්න වෙලා නැත.
විශ්වයේ බලවත් ම ස්ථානය රුවන්වැලිමහාසෑය බව NASA ආයතනය පවා පිලිගනී. NASA විසින් අභ්‍යාවකාශ ගත කරන ඕනෑම චන්ද්‍රිකාවක ඉස්සෙල්ලාම ඇහෙන්නේ “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යන වචනයි. මන්ද විශ්වයේ අනන්තයේ ඉන්න සත්වයින් දන්නේ බුදුරජාණන්වහන්සේ ගැන පමණි.
බුද්ධ ඉතිහාසය අනුව සිද්ධාර්ථ ගෞතමයන් වහසේ අභිනිෂ්ක්‍රමණය කරන වෙලේ එතනට පැමිණි සක්දෙවිඳු උන්වහන්සේ කපා විසිකල කෙස්කළඹ ගෙන ගොස් දෙව්ලොව වන්දනා කිරීමට සිළුමිණි සෑයද, උන් වහන්සේට සිවුරු පිරිකර පූජාකල සහම්පතී මහා බ්‍රහ්මයා උන්වහන්සේ ඇඳසිටි සළුපිළි රැගෙන බ්‍රහ්මලෝකයේ වන්දනාවට සළුමිණි සෑය ද ඉදිකරන ලදි.
මේ සිළුමිණි සෑය සහ සළුමිණි සෑය රුවන්වැලිමහාසෑයට ඉහල දිව්‍යලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ පිහිටා ඇත. එනිසාම රුවන්වැලිමහාසෑය යනු මේ මනුෂ්‍ය ලෝකයේ ඇති බලවත්ම ස්ථානයයි. දැන හෝ නොදැන රාජපක්ෂලා මේ නටන්නේ අනන්ත විශ්වය පුරා පැතිරී ඇති අනන්ත බුද්ධ බලය සමගයි.
අවසානයේ කීමට ඇත්තේ එකම දෙයකි. පුලුවන් නම් සඳහිරු සෑය නැමති සොහොනේ චූඩාමාණික්‍ය තබන්න කියලායි. ඉතිහාසය දන්නා එකෙක් ගෙන් අහගන්න මිරිසවැටි චෛත්‍යයේ කොත JR විවෘත කරන්න පැය 24 පෙර ඒ උත්සවය අවලංගු කලේ ඇයිද කියලා. බුදුසසුන රකින සම්‍යක්දෘෂ්ඨික දෙවියන් මේ විකාර වලට ඉඩ දෙන්නේ නැත.
තෙරුවන් සරණින් බුදුසසුන රකින අනන්ත දෙවි රැකවරණයෙන් මගේ මවුබිම සහ එ බිම වසන දෙකෝටියක පමණ අසරණ ජනතාව ආරක්ෂා වේවා. රුවන්වැලිමහාසෑය රකින ස්වර්ණමාලී දෙවඟන ප්‍රමුඛ සතරවරම් දෙවියන් ද, ජය ශ්‍රී මහා බෝධිය රකින කලු බණ්ඩාර දේවතාවුන් වහන්සේලාට මේ රාජපක්ෂ පවුල, රාජපක්ෂ නිකායේ ඝනගෙඩියන් වන සංඝ පාතාලය සහ උන්ට සහාය දෙන පාදඩ වනචර දේශපාලනඥයන් ද අභිබවා ඔබ වහන්සේලාගේ බලය පෙන්වීමට සුදුම කාලය පැමිණ ඇත.

Sent from my



Spread the love

Leave a Comment

You may also like