උණුසුම් පුවත්

මහ පඩිරුවනක් වු හේවාහැට මධ්‍යම මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති අති පුජ්‍ය නිකහැටියේ සදදෝ නායක හිමිපාණන් අපවත් වේ.

Spread the love


වර්තමාන භික්ෂු පරම්පරාවට මහගු ආදර්ශයක් දෙමින් ඉතාම ශික්ෂාකාමි දිවිපෙවතක් ගතකල 1937/07/07 වන දින නිකහැටියේදී උපන් උන්වහන්සේ කොළඹ විද්‍යයෝද විශ්ව විද්‍යාල යෙන් උසස් අධ්‍යාපනය ලැබු උන්වහන්සේ, බෝලෑප විහාරාධිපති හා හපුතලේ සත්කදුර යන උභය විහාරයන්හි විහාරාධිපති මෙන්ම වසර ගනනාවක් පාතහේවාහැට ශාසනාරක්ෂක බලමංඩලයේ ගරු ලේඛකාධිකාරි ,මෙන්ම තලාතුඔය හේවාහැට මධ්‍යම මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති අති පුජ්‍ය නිකහැටියේ සදදෝ නායක හිමිපාණන් 20/09/2021 වන දින අපවත්වී ඇත.

න් වහන්සේ මෙරට බෞද්ධ ශාසනයේ අභිවෘධිය වෙනුවෙන් අපමන වු මෙහෙයක් කල සංඝ පීතෘන් වහන්සේ නමකි. හේවාහැට මධ්‍යම මහා විද්‍යාලය නගා සිටු වීමට හා වර්තමාන තත්වයට පත් කරලීමට අනගි මෙහෙයක් කල උන්වහන්සේ දෙස් විදෙස් දෑ හිත්කාමි සත පුරුෂයන් අපමනක් සමාජයට බිහි කොට ඇත. සදදෝ නායක හිමි සෙවනේ කලක්පටන් ඇති දැඩි වු මෙම ලියුම් කරු ජීවිත අවබෝධයට හා තිර අධිඨනින් යමක් කිරීමට හා නින්දා අපහාස ,උපහාස සියල්ලම විද දරාගැනීමට පුරුදු පුහුණු වු ඒ මහා ශික්ෂාකාමි සංඝ පීතෘන් වහන්සේ රටට අහිමි වීම ඉතාම අවාසනාවකි.

වර්තමාන භික්ෂුන් ගේ ඇවතුම් ,පැවතුම් පිලිබදව දැඩි විවේචනයක් එල්ලකල උන්වහන්සේ ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු ලෙසට විවියන් ගුණවර්ධන , පීටර් කේනමන්ලා සමඟ උරෙන් උර ගැටි සමාජ කටයුතුවල නිරත ඉතාම නිර්භීත හිමිනමකි. එසේම සර්වෝදය ව්‍යාපාරයේදී ඒ. ටී. ආරියරත්න මහතා සමඟ කලක් කටයුතු කලේය. උන් වහසේ ගේ සංවිධාන ශක්ති වර්තමානයේ තම ගෝල භික්ෂුන් දෙනම වු බෝලෑපේ සුධම්ම හා මේල්පිටියේ සුනන්දයන හිමිවරුන් පුහුණු කලෝය. සාසන හිත්කාමි ලෙසත් රටට වැඩදායක දරුවන් බිහිකල පියකු සේ තම පැවිදි යුතුකම අපරිමිතව ඉටු කලෝය.

දෙස් විදෙස් තම සිසුන් බිහිකල උන්වහසේ තම දරුවන් දැක පියෙකු සතුටු වෙනවා සේ තම සිසුන් පිලිබදව ආඩම්භරයෙන් සතුටු වු වාර අනන්තය. නිකහැටියේ සදදෝ නායක හිමිපානන් ශ්‍රි ලංකීය භික්ෂුපරම්පරාවට පමණක් නොව අනාගත තරුණ පරම්පරාවත් ආදර්ශමත් වු චරිතයකි. කවදත් කතාකල “අපේ නායක හමුදුරුවහන්සේට” අමාමහ නිවන් සුවය ලැබේවා…..!!


Spread the love

Leave a Comment

You may also like