දේශපාලන

රාජපක්ෂ පවුලේ තක්කඩි ගේම් වලට රටම අහුවෙලා……

Spread the love

රට පුරාම ආරවුල්ය.බඩු මිල අහස උසට නැගලාය.පොහොට්ටුවේ උන් උන්, කෙල ගන්නවාය.ඒ අතරම මදාවිකාර ඇමතියෙක් අනුරාධපුර හිර ගෙදරට රිංගා එල්ටීටී සැකකරුවන් දෙදෙනෙකු සිර මැදිරියෙන් එළියට ගෙන ඔවුන්ගේ හිසට සිය නිල පිස්තෝලය ඔළුවට තබා මරණ බවට තර්ජනය කළ බවට වාර්තා වේ.ආණ්ඩුවේ බල අධිකාරියේ කිසිදු මැදිහත්වීමක් නොමැතිව සංචරණ සීමා අස්සේ ලංකාවේ මත්පැන් හල් විවෘත කෙරිණි.චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල විෂ රසායනික ඇති බවට අනාවරණය වේ.මේ අතර ඔරුගොඩවත්තේ ඥානසාර චීවරධාරියා විසින් අන්තවාදී ප්‍රහාරයක් පිළිබඳව හෙලිදරව් කිරීමක් කරන ලද්දේ හිරු වැඩ සටහනකදීය.මේ සියළු සිදුවීම් අතරේ කෙරවලපිටිය ලක්දනවු විදුලි බලාගාරයේ ව්‍යාපෘතියක් ඇමරිකාවට ලබා දී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවමය.ඒ ගනුදෙනුව සිදු කර ඇත්තේ ඇමරිකානු පුරවැසි මුදල් ඇමති බැසිල් රාජපක්ෂය.ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට රහස් පොලීසියෙන් කැඳවීමක්ද  කර තිබේ
ඉහතින් අප දැක්වූ සියළු කාරණා එකිනෙකට පරස්පර අහඹු  සමාජ හා දේශපාලනික සිදුවීම් යැයි ඕනෑම කෙනෙකුට සිතෙන්නට පුළුවන.එහෙම හිතෙන්නේත් මේ රටේ දේශපාලනික චලනයන් පිළිබඳව අවධානයෙන් සිටින්නන්ට විතරමය.ඒ මන්ද යත් කෝවිඩ් වටපිටාවෙන් බැට කා එදා වේල  හොයා ගන්නට බැරුව අසරණ වී සිටින  ජනතාවට මේ සියළු ප්‍රවෘත්ති තඹ දොයිතුවකට වැදගැම්මක් නැති නිසාය.
ඔවුන් හිතන්නේ අහස උසට යන බඩු මිල  අස්සේ හෙට දවසේ ජීවත්වන්නේ කෙසේද කියාය.කිරට අඬන දරුවාට පිටි කිරි පැකැට්ටුවක් මිලට ගන්නේ කෝමද කියාය
එහෙත් මෙරට පසුගිය දවස්වල සිදුවන සිදුවීම් සියල්ලම මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ ඇමරිකන් පුරවැසි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ගේ සැළසුම් බව අප වගකීමෙන් යුතුව සදහන් කරමු.ඔහුට අවශ්‍ය රට තුළ අර්බුදකාරී පරිසරයක් නිර්මාණය කොට රාජපක්ෂ පවුලේ ගනුදෙනු ගොඩ දා ගැනීමය.විපක්ෂයට පවා තේරුම් ගන්නට බැරි විදියට ⁣ඔහු සිය කුපාඩි දේශපාලනයේ නිරතව සිටී.ඇමරිකන් පුරවැසියාගේ මේ තක්කඩි ගේම් අස්සේ විපක්ෂය අතරමං වෙලාය
විපක්ෂය පළමුවෙන් තේරුම් ගත යුත්තේ රාජපක්ෂලාගේ තක්කඩි දේශපාලනයයි.ඔවුන් ඉතා තක්කඩි ආකාර⁣යෙන් රටේ දේශපාලනය හසුරවති.මහින්ද රාජපක්ෂගේ  තක්කඩි පැටිකිරිය ගැන විපක්ෂයේ බොහෝ ඇත්තන් දනී.එහෙත් ඒ තක්කඩි කමට අභියෝග කොට ඒ ගැන අනාවරණය කරන්නට තරමෙි කොන්දක් හයිය ඇති විපක්ෂ දේශපාලඥයකු නැතිවීම කණගාටුවට කාරණයකි.රාජපක්ෂ ඇත්ත⁣න් ගහන ගේම් හා ඩීල් ඉදිරියේ විපක්ෂය මොනිටසෝරි දරුවන්ය.විපක්ෂයේ ඉඳගෙන නාමල් බබා ⁣ගේ වැඩ හොඳයැයි සහතික දෙන මන්ද බුද්ධිකයන්ද සිටී.විපක්ෂයේ එකෙකු එහෙම කියන විට ජනතාව ඒ ගැන කොහොම හිතයිද යන්න මේ  වාහේලාට කිසිම තේරුමක් නැත
ඒ අතරේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  ගේ මිල්ටරිි මාන්දම තාම හොද වී නැත.ජාතික නායකයකු ලෙස සමාජය පිළිගැනීමට කැමැත්තෙන් සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස ඉඳහිට පාර්⁣ලිමේන්තුවේදී ආවේගශීලීව හා වර්ගවාදීව මිල්ටෙරි ආඥාදායකත්වයට ආවැඩීම දැඩි කණගාටුවට කරුණකි.ඔහුගේ වර්ගවාදී මිල්ටෙරි මාන්දමෙන් වාසි ගන්නේ තක්කඩි රාජපක්ෂලා බව ඔහුට වැටහීමක් නැති යැයි  අපට  සිතේ.ජාතික නායකයකු වශයෙන් ඔහු මෙරට ජීවත්වන අන්‍ය ජාතීන් පිළිබඳවද සර්ව සාධාරණව යුක්ති සහගතව සිතන්නට හුරු විය යුතුමය.නැතිනම් ෆීල්ඩ් මාර්ෂල්⁣ වෙතින් මේ ඉඳහිට මතුවන මිල්ටෙරි මාන්දමත් මිල්ටෙරි නන්දසේන සිංහල බෞද්ධ නාමය උකස් කොට සිදු කරන කුපාඩි වැඩ අතරත් කිසිදු වෙනසක් නැති බව අපට පෙන්වා දීමට සිදුවී තිබේ
 හමුදාපති ශවේන්ද්‍ර  සිල්වාගේ ඇඹෙනිය කිසිම විලි ලැජ්ජා වක් නැතුව සිදු කරන හම්බකරගෙන කෑම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාට හැඟීමක් නැතුවා වෙන්නට පුළුවන.ඒ පාම සරත් ෆොන්සේකා හා හමුදාපති අතර පවතින ගජ මිතුරු යාළුකම වෙන්නට පුළුවන.අද  මෙරට හමුදාවේ සියළු තරාතිරකම අය සිටින්නේ මේ හමුදාපති නාට්ටාමියා ගැන කළකිරීමෙනි.මේ නාට්ටාමියා අතීතයේ සිට අද දක්වා ගේම් ගහන්නේ  මීඩියා පොරවල් අල්ලාගෙනය.යුද්ධය දවස්වල රූපවාහිනියේ සමන් කුමාර සමග යාපනයේ  එල්ටීටී බාරයේ තිබී හමුදාවට හසු වූ රත්තරන් හොරට ඇද්දේ හමුදාපති නාට්ටාමියා බව ⁣අපි දනිමු.දැන් මේ හමුදාපති නාට්ටාමියා අගමැතිකමට සිහින දකිමින් සෑම සති දෙකකට වරක් සීනිගම දේවාලයට ගොස් පූජා පවත්වන බව මිල්ටෙරි නන්දසේනවත් දන්නේ නැතුව ඇත.මේකා හොඳ ඩීල් කාරයෙකි.අම්බ කපටියෙකි.යහපාලන අවදියේ මේකා හමුදාපති සේවා කාලය  අවුරුදු දෙකකට දීර්ඝ කර ගත්තේ ජනපති සිරිසේනගේ දියණිය වූ චතුරිකා සමග පැවැති අනියම් සම්බන්ධය ප්‍රයෝජනයට ගනිමිනි.ඒ දිනවල චතුරිකා සිරිසේන එක ගෙයි කෑ මේකා සිය අවශ්‍යතාව ඉටු කර ගත් පසු එතැනින් හීන් සීරුවේ මාරු විය.මේ වගේ දිය යටින් ⁣ගින්දර ගෙන යන තක්කඩියකු හා පාම සරත් ෆොන්සේකා  අතර පවතින සහ සම්බන්දය අපට නම් ගැටළුකාරිය.එක්කෝ මිල්ටෙරි නන්දසේනලා මේ නාට්ටාමි හමුදාපතියා යොදවා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ගොනාට අන්දවන බව අපට සැකයකි.ඒ ගැන අපට ඕනෑ තරම් සාක්ෂිද තිබේ
ඊළඟට මේ විපක්ෂයේ  නිතර හඬලන තවත් පොරක් සිටී. ආර්ථික වි⁣⁣ශේෂඥ යෙක් විදියට මේ මන්ත්‍රීවරයා අපගේ ඇගයීමට ලක් වුවද ⁣ඔහු විසින් මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව සම්බන්ධයෙන් සිදු කරන සියළු සංවාද හා කතිකාවත් වල අවසන් කරන්නේ  “කෝ මේ ආණ්ඩුව මගෙන් ඒ ගැන උපදෙස් ගන්නේ නෑ” කියාය.මේ විපක්ෂ මන්ත්‍රීවරයා හර්ෂ සිල්වාය.විපක්ෂය කළ යුතු කාර්ය භාරය විය යුත්තේ මේ තක්කඩි ආණ්ඩුවෙන් ජනතාව ගලවා ගැනීම මිස ආණ්ඩුවට උපදෙස් දෙන එක නොවන බව හර්ෂද සිල්වාට මන්ත්‍රීවරයාට හැඟීමක් නැතිවීම අපට විමතියකි
මනූෂ නානායක්කාර හරීන් ප්‍රනාන්දු වැනි මන්ත්‍රීවරුන් පිටුපස මිල්ටෙරි නන්දසේන ගේ මිනීමරු යකඩ හස්තය පන්නන විට ආණ්ඩුව හරි මගට ගන්නට උපදෙස් දෙන්නට වලි කන හර්ෂද සිල්වා මන්ත්‍රීතුමාට වැළඳී ඇති පනු අමාරුව ඉතා ඉක්මනින් හොඳ කර ගත  යුතුමය. විපක්ෂය තවමත් හිරබත් කන සහෝදර මන්ත්‍රී රංජන් රාමනායක ගැන ගොළුවෙලාය.ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා මිල්ටෙරි නන්දසේනට පෙම්පත් ලිව්වාට වැඩක් නැත.මෙරට නපුංසක අධිකරණයෙන් ඔහුට සහනයක් අත් නොවන්නේ නම්   විපක්ෂය ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට යායුතුමය.ඒ සම්බන්ධයෙන් වැටහීමක් නැතිනම් ඒ ගැන ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගෙන් අසා දැන ගන්නට පුළුවන
රාජපක්ෂ පවුල තරම් තක්කඩි දේශපාලන පවුලක් ⁣මේ ලෝකයේ කොහේවත්ම නැත.පිරිසිදු සිංහල බෞද්ධයන් විදියට රඟපාන මේ තක්කඩියන් තිරයෙන් පිටුපස කරන කුපාඩි අසික්කිත වනචර වැඩ හා හොර මැරකම් ගැන මේ ⁣රටේ ගොබ්බ චීවරධාරීන්ට වැටහීමක් නැත.ඒවා ගැන හොදට දන්නේ හිටපු මන්ත්‍රීවරුන් වන මර්වින් සිල්වා හා සජින් වාස් ගුනවර්දන වැන්නන්ය

පසුගියදා හිරු වාහිනියේ වැඩ සටහනකදී  ඔරුගොඩවත්තේ ඥානසාර ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවන බවට කළ ආනදෝලනාත්මක ප්‍රකාශය රාජපක්ෂ තක්කඩියන්ගේ සැලසුමක කොටසකි.රාජපක්ෂ තක්කඩියන්ගේ වැටුප් ලබන වහළුන් ලෙස ක්‍රියා කරන චීවරධාරීන් කිහිප දෙනෙකු මෙරට සිටී.මේ අතර මැඩිල්ලේ ඔරුගොඩවත්තේ  හා මාගල්කන්දේ යන චීවරධාරීන් රජයේ විගණාකාධිපතිගේ විගණනය නොවන ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වු තොරතුරු සපයන්නන්ගේ ලේඛනයෙන් මාසිකව වැටුපක් ලබා ගනිමින් සිටින්නෝ වෙති .ඒ සදහා මාසිකව මෙම චීවරධාරීන්ට රුපියල් එක් ලක්ෂ අසූූ දාහක් ගෙවන බවට සඳහන් රහස් ලේඛනයක් අපට ලැබී තිබේ.සැබවින්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් රජයෙන් රහස්‍ය ගෙවීම්  කෙරෙන තොරතුරු සපයන්නන් සිටීම ගැන අප කෙසේවත් අභියෝග නොකරමු.එහෙත් මේ චීවරධාරීන් විසින් සිදු කරන්නේ ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු සැපයීම නොව තක්කඩි රාජපක්ෂ පවුලේ ඕනෑ එපා කම් අනුව සමාජය තුල ජාතීන් අතර පවතින සාමය හා සංහිඳියාව බිඳදැමීමය.යහපාලනය කාලයේ සිට පාස්කු බෝම්බ ප්‍රහාරය දක්වා වූ සොනික් සැළසුමේ ප්‍රධාන කොටස් කරුවන් වූයේ මේ චීවරධාරී කාලකණ්නියන්ය.පාස්කු බෝම්බ ප්‍රහාරය සැළසුම් කළ සොනික් නමින් අනවර්ථ නමින් හැදින්වූ ජනරාල් සලේ හා සහරාන්ගේ මුස්ලිම් කල්ලියද මුසල්මානු විරෝධය රට පුරා ඇවිලවූ මේ චීවරධාරීන්ද අතර පැවැති සහ සම්බන්ධය අපට හෙළි දරව් වී තිබේ.නාමල් කුමාර නම් වටපඩයාද මේ බිහිසුනු සැලසුමේ තවත් කොටස් කාරයෙකි.ආරක්ෂක අමාත්‍යංශයේ රහස් ලේඛනයෙන් වැටුප් ලද මොහු නියෝජනය කරන ලද්දේ ජනපති මෛත්‍රීපාලගේ පාර්ශවයයි.නාමල් කුමාර ගුවන් හමුදාවෙන් පලා ගිය තැනැත්තෙකි. ආරක්ෂක අමාත්‍යංශයේ රහස් තොරතුරු සපයන්නකු ලෙස නාමල් කුමාර⁣ ගේ නම ලේඛන ගත කරන විට බලධරයන් මොහුගේ පසුබිම් වාර්තා නොදැන සිටින්නට ඉඩක් නැත.ජිනීවා මානව හිමි කම් කොමිෂම තුල ලංකාව ගැන සාකච්ඡා වෙද්දී ඔරුගොඩවත්තේ හිරු වැඩසටහනේදී මෙරට ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන වහසි බස් දොඩවන්නේ මිල්ටෙරි නන්දසේනගේ උපදෙස් මතය.මෙවැනි අනතුරුදායක වටපිටාවක් රට තුල  පවතින බවට ජාත්‍යන්තරයට කීමට මිල්ටෙරි නන්දසේනට වුවමනා ⁣වී තියෙන්නට ඇත
ඒ සමග මිල්ටෙරි නන්දසේන මේ වටපිටාව තුල තවත් ⁣ගේමක් සැළසුම් කරමින් සිටින බවටද සැක කළ හැකිය.බෞද්ධලෝක මාවතේ ඇමති නිල නිවසකින් බෝම්බයක් හමුවන්නේ ඒ න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස බව අපට හැඟේ.මේ නිල නිවාසය මහින්ද ජනපතිවරයා කාලයේදී පරිහරණය කර ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයයි.ඉන්පසුව එය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට බාර දී තිබේ.පාඨලී  චම්පික රණවක අමාත්‍ය වරයා ගෙන් පසුව නැවත එහි පදිංචිව සිට ඇත්තේ ජනපති ආරක්ෂක අංශයේ අයවළුන්ය
මිල්ටෙරි නන්දසේන හා ඔවුන්ගේ වහල් කූට්⁣ටාලීන්ගේ අරමුණ දැන් අපට පැහැදිලිය.මේ කාලකණ්නියන් මේ හෝරාව වනවිට විපක්ෂයේ දේශපාලන  නායකයන්  හිර ගෙදරට දැක්කීමේ කුමන්ත්‍රණයක්ද අරඹා ඇති බව පැහැදිලිය.පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට කිසිදු හේතුවක් නොදක්වා සීඅයිඩීයට පැමිනීමටද මේ අතරේ පණිවුඩයක් ලැබී තිබේ.මේ වන විට සීඅයිඩී අධ්‍යක්ෂ ධුරයේ පත් කො⁣ට පොලිස් සේවයේ ආතක් පාතක් නැති රාජපක්ෂ තක්කඩියන්ගේ අසූචි පවා බුදින්නෙකි. මිල්ටෙරි නන්දසේන විසින් කවරකු හෝ පෙන්වා මේ පොලිස් ගෝතයා උසි ගැන්වීම සිදු කළ විට ඉතුරු හරිය රාජපක්ෂ පවුලට ඕනෑ විදියට  සිද්ධ වෙන එක සිකුරුය.මේ මැ⁣ටි මෝලා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපරාද නඩු විධාන සංග්‍රහය සාක්ෂි ආඥා පනත හෝ  අපරාද පරීක්ෂණ විෂයෙහි දැනුමක් අවබෝධයක් ඇත්තෙක් නොවේ.රාජපක්ෂ තක්කඩියන්ට ඕනෑ එපා කම් වලට හැසිරෙන නපුංසක අධිකරණයක්ද මෙරට  දැන් ක්‍රියාත්මක වන බැවින් මේ මැටි මෝල් සීඅයිඩී අධ්‍යක්ෂකට රාජකාරිමය බාධාවක් ආරවුලක් ඇති නොවන ආකාරයට ඕනෑම තරාතිරකම එකෙක් වැලිකඩට දැක්කිය හැකිය. හෙට අනිද්දා මිල්ටෙරි නන්දසේන ආණ්ඩුව රඟන්න හදන මරුමුස් නාඩගම මහා ඛේදාන්තයක් වන්ටත් පුළුවන.සමහර විට රට අන්දන සෙප්පඩ විජ්ජාවක්ද වෙන්නට පුළුවන.)
සංචරණ සීමා නිසා වසා ඇති මත්පැන් හල්  ඉබේම ඇරෙන්නේ මේ සෙප්පඩ විජ්ජා නිසාය.මත්පැන් හල් හදිසියේ විවෘත කිරීම පිළිබඳව අනේ අපි දන්නෙත් නෑ ඒ වැඩේ වැරදියි කියමින් පොහොට්ටුවෙි මොනිටසොරි මන්ත්‍රී වරු නාහෙන් අඬන විට තක්කඩි රාජපක්ෂ පවුල  ඒ වැඩේ ගොඩදාගෙන ඉවරය.සීනි මිල වැඩිකිරීමට සීනි හිඟයක් වෙළඳපොල ඇති කළ මිල්ටෙරි නන්දසේන සීනි ගෙන්වීමේ අධිකාරී බලය තම ගජ මිතුරු ජාවාරම් කාරයන් කිහිප දෙනෙකුට පැවරීය.ගෑස් හිඟයද ඒ හා සමාන ගේම් එකකි.පිටි කිරි හිඟයද එයමය.මේ හැම හිඟයකින්ම වාසි ගන්නේ තක්කඩි රාජපක්ෂලා බවට තේ⁣රුමක් නැත.එය එසේ වී ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය තුල ජනතාව සිතන්නේ මිල වැඩිවීම ගැන නොව කෙසේ හෝ භාණ්ඩය පරිභෝජනය සඳහා  මිලයට ගැනීම ගැන නිසාය.මේ තක්කඩියන් වෙළඳ පොළ හසුරවන්නේ මෙවැනි කුපාඩි සැළසුමකටය 
චීනයෙන් විෂ පොහොර සාම්පල මෙරටට එවන්නේද කුමන්ත්‍රණයකටය.රාජපක්ෂ පවුලට පාවඩ එළන තවත් සට්ටැඹියකු වන කෘෂිකර්ම ඇමති මහින්දානන්ද යනු ජානගත නීලකාස හොර තඩියෙකි.සිංගර් ආයතනයේ සේවකයකු ලෙස රැකියාව කළ මේ හොර තඩියා පාර්ලිමේන්තුවට පැමිනීමෙන් පසුව බිලියන පතියෙකු වූයේ මහත් හාස්කමකිනි.ඔහුගේ දේපොල පිළිබඳව අනාවරණය වූයේ බිරිඳ විසින් පැවරූ දික්කසාද නඩුව නිසාය.මේ දික්කසාද නඩුව කෙළවර වූයේ දික්කසාද වූ බිරිඳට  මාසයකට ලක්ෂ පනහක මුදලක් ගෙවීමේ උසාවි තීන්දුවට යටත්වය.සිංගර් සමාගමේ සුළු සේවකයකු වූ මේ හොර තඩියා පාර්ලිමේන්තුවට පැමිනීමෙන් පසු දූෂිතව උපයා ගත් දේපොළ වටිනාකම කෙසේද යන්න මින් තහවුරු කර ගත හැකිය.එය එසේ වන්නේ නම් ජාත්‍යන්තර වෙළඳාමේ නිරත චීන සමාගමක් අබ්බ ගොබ්බ ආකාරයට විෂ මිශ්‍ර පොහොර සාම්පල් මෙරටට එවීම ගැනද පුදුම විය යුතු නැත.මේ සිද්ධ වූයේ මිල්ටෙරි නන්දසේනගේ හා රාජපක්ෂ තක්කඩියන්ගේ වුවමනාවට මහින්දානන්ද සිදු කළ මගොඩි වැඩකි.මේ අපතයන්ට ඕනෑ වීඇත්තේ මෙරට පොහොර සාම්පල් පරීක්ෂා කරන මෙරට විශේෂඥ නිළදාරීන් අපහසු තාවට හා වරදකාරයන් බවට පත්කිරීම බව අපට අනාවරණය වී ඇත. මහින්දානන්දගේ කබර කට දැන් ඇරී ඇත්තේ ඒ සඳහාය.ඉන්පසුව මේ පොහොර සාම්පල් විශේෂඥයින් එම තනතුරින් ඉවත් කිරීම හෝ කළකිරී ඉවත් වෙන තැනට වැඩ සිද්ධවෙනවා ඇත.අවසානයේදී තක්කඩි රාජපක්ෂ පවුල චීන සමාගම හා එක්ව  විෂ රසායනික පොහොර ලංකාවට ගෙන එන බව නම් සහතිකය
මහින්දානන්දලා වැනි සට්ටැඹි පොහොට්ටු කාලකණ්නියන් හා එක්ව තක්කඩි රාජපක්ෂ පාදඩයන් ගෙන යන යටිකූට්ටු බිස්නස් කෙළවරක් නැත.ඒත් මෙරට විපක්ෂය කසාය බිවු ගොළුවන් සේ හැසිරීම කැතය.පඩයක ගඳට නහය අල්ලා වටපිට බලන එවුන් සේ ඉඳහිට අපෝ ගඳයි කියන විපක්ෂයක් පාර්ලිමේන්තුවේ සිටින තුරු තක්කඩි රාජපක්ෂ පවුලේ නාමල් බබා ගේ බබාද රටේ අගමැති වනු ඇති බවට කැට තියා පැවසිය හැකිය. 



Spread the love

Leave a Comment

You may also like