Spread the love

ආණ්ඩුව චීනය අතහැර ඇමරිකාවට ?


ඇමරිකානු පුරවැසියකු රටේ ජනාධිපති ලෙසත් ,ඇමරිකානු පුරවැසියකු මුදල් ඇමතිලෙසත් සිටීම හා මෙරට කඩා වැටි ආර්ථිකයට බටහිර ආධාර නොමතිව නැගිටිය නොහැකිබවට රාජපක්ෂ ආණ්ඩුව පසුගිය කාලයේ මැනවින් දැනගත්තාය. චීනයේ ණය උගුලෙන් ගැලවීම හා චීන ණය උගුලෙන් බේරීමට රාජපක්ෂලාට යන්තන් මොලේ පැදීම ජාතියක් ලෙසට යම් තරමකට සතුටු වියයුතු කාරණාවකි.

ඒ අසාමාන්‍ය බලයක් සහිත ඇමරිකානුවෙකු රටේ ජනාධිපති වීම හා ඇමරිකානු මුදල් ඇමතිවරයෙකු වීමය. එසේම බැසිල් රාජපක්ෂ පැහැදිලිවම චීන විරෝධි පුද්ගල්යෙකු වීම පිලිබදව පසු ගිය කාලයේම විමල්ලා,ගම්මන්පිල්ලලා හා වාසුදේවලා දැඩි විරෝධයක් පාමින් සිටීම රටේ යම් අස්ථාවර්භාවයකට හේතු වු බව බැසිල් පසු ගියදා පවුලේ සාකඡ්චාවේදි පෙන්නදි ඇත. එහිදී බැසිල් එකහෙලාම කියා ඇත්තේ තවදුරටත් විමලාගේ මෙවනි දේශිය කතන්දර සමඟ රටක් ගෙනයාමට නොහැකි බවයි. ඒ වහාම බැසිල් ගේ යෝජනා සියල්ලම පිලිගත් ජනාධිපති වහාම විදේශ ඇමති ලෙසට ජී.එල්ව පත්කල යුතු බවත් ඊටම පසුගිය කාලයක් පුරාවටම ඇමරිකානු තානාපති ලෙසට සිටි මහින්ද සමරසිංහව නැවතත් පත් කිරීමත් රාජපක්ෂලා නැවත වතාවක් ඇමරිකානු දෙසට හැරීමක් බව ඉතාම හොදින් පැහැදිලිය.

එක්සත් ජාතින්ගේ වාර්ෂික සැසියට යාමට පෙරම යුගදනවි විදුලි බලාගාරයේ මෙහෙයුම් හා සැපයුම් ,ගබඩාපහසුව යනමේ සියල්ලම ඇමරිකානු නිව්පෝට් ට්‍රී සමාගමට පැවරීමට ක්‍රියා කිරීමම මේ පැහැදිලි වෙනස දැකිය හැකිය. දැන් ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. එක් පැත්තකින් චීන මර උගුලෙන් ගැලවී බටහිර ප්‍රතිපත්ති දෙසට නැබුරුව ක්‍රියාකරයි නම් රටේ ජනතාවට මීට වඩා යම් තරමකට අස් වැසිල්ලක් ලැබෙනු ඇත.

මේ සියල්ලම සිදුව ඇත්තේ රාජපක්ෂලාගේ පවුල් පාලනය හා අසීමිත කොමිස් ගැසීම නිසයා. ඇමරිකාවට නැබුරුව රාජපක්ෂලා ක්‍රියා කරමින් යනවිට ඉදිරියේදී චීනයෙන් ගත්ණයට හා චීනයෙන් ගත් කොමිස් මුදල් ගැන එලියට ඒමටත් බොහෝදුරට ඉඩ ඇතිබව අපිට සහතිකය.

එදාට රාජපක්ෂලාට චීනය සතුරු රාජ්‍යක් සේ දකිනු ඇත. එහි අවසානය කුමක් වේදැයි කිසි වෙකුටත් කිව නොහැක්කේ ,ප්‍රභල රාජ්‍යන් දෙකකට මැදිවු ශ්‍රි ලංකාවේ අනාගතය දැඩි අවිනිශ්චිත නිසාය.


Spread the love

Leave a Comment

You may also like