උණුසුම් පුවත්

කිරිපිටි ,පාන්පිටි,සිමෙන්ති මිල ඉහල දැමීමට බන්දුල එකඟ වෙයි.

Spread the love


පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂක ගෙන් වෙළද ඇමති බන්දුල ගුණවර්ධන ඉල්ලා ඇත්තේ දැනට රටේ ඇතිවී තිබෙන දැඩි ආර්ථික අවපාතයත් සමඟ රුපියල කඩාවැටීමට සාපේක්ෂකව අනිකුත් භාණ්ඩ හා සේවාවල මිල ඉහලයාමේ කිසිදු වරදක් නොමති නිසා පාන්පිටි,කිරිපිටි හා සිමෙන්තිවල මිල ඉහල දැමීමට පාරිභෝගික අධිකාරියේ අනුමතිය ලබාදීමට වහාම ක්‍රියාකලයුතු බවයි.

ඊට එකඟ නොවි ඇති තුෂාන් ගුණවර්ධනමහතා රටේ ජනතාව පිලිබදව පාරිහෝගික අධිකාරිය සිතා කටයුතු කරන බැවින් මෙවන් දුෂ්කර අවස්ථාවක වෙළෙන්දන් පිලිබදව ඇමතිවරයා දක්වන දයාව තමාටත් තම රටේ ජනතාව වෙනුවෙන් දැක්වියයුතු නිසාම එම භාණ්ඩවල මිල ඉහල දැමීමට අනුමතියක් ලබාදීමට කිසි සේත් ඉඩ ලබාදිය නොහැකි බව කියා ඇත.

ඒ අනුව ලසන්ත අලගියවන්න හා බන්දුල ගුණවර්ධන ඇමතිවරුන් දෙදෙනාම වෙළෙන්දන් වෙනුවෙන් පෙනිසිටින බැවින් තවදුරටත් තමාට මේ පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂක තනතුරේ රැදීමට උපමනාවක් නැති බව ඔහු කියා ඇත. රටේ ජනතාවට කැමට ගන්න සුදු ළුනු කිලෝ 1 ක් රුපියල් 130 කට සතොසෙන් ලබාගැනීමට ඉඩ නොදි ඇමතිගේ අනුහසිම ඒවා පිටකඩ වලට විකුණා ජනතාවට පිට කඩවලින් රුපියල් 540ක මුදලකට ගැනීමට සැලැස් වීමට තරන් දුෂිත ඇමතිවරුන් බව දැන් රටේ ජනතාවට ඉතාම පැහැදිලි, මේ වනවිටත් කිරිපිටි,පාන්පිටිහා සිමෙන්ති මිල ඉහල දැමීමට බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න ඇමතීවරුන් එකඟව ඇති නිසාම නොබෝ දිනකින් ඒ භාණ්ඩවල මිල පවතින මිලට වඩා 22% කින් මිල ඉහල යනු ඇති බව මෙහිදි අප වෙතට දැනගැනීමට ඇත.වරෙක ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් කරමින් තමා ජනතාව රැවටීමට මාධ්‍ය හමුවලදි බොරු කියන බව පිලිගත්තාය.

මේ පිලිබදව චමුදිත සමඟ පැවති සාකඡ්චාව පහතින් ඔබට නැරඹිය හැකිය.

විශේෂ ස්තුතිය චමුදිතට විඩියෝව ලබා ගැනීම වෙනුවෙන්


Spread the love

Leave a Comment

You may also like