උණුසුම් පුවත්

බැසිල් ගේ අළුත්ම උපාය හෙලිවෙයි, අන්‍යාගමිකයන් මෙල්ල කිරීමට ඥාණසාර පාර්ලිමේන්තුවට.

Spread the love

අපේ ජනබල පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට එක් මංත්‍රි ආසනයක් ලැබුණි. එම ආසනය පිලිබදව ඉතාම අප්‍රසන්න ආකාරයට පහර දි ගැනීම හා පැහැර ගෙනයාම් මධ්‍යයේ ගලබඩ අත්තේ ඥාණසාර හා අතුරලියේ රතන අතර ඇතිකරගත් එකඟතාවයෙන් පසුව මංත්‍රි ආසනයට අතුරලිය රතන නැමති නිඝන්ඨ භික්ෂුවට පාර්ලිමේන්තුවට යාමට ඉඩ ලබාදුනි. මංත්‍රි ආසනය තමන් ලබාදෙන්නේ රුපියල් කෝටි 08 ක් හා මාස 06 ක කාලයකට පමණක් බවට ඥාණසාර ප්‍රකාශ කලේය. පැවති සාකච්ඡාවලින් පසුව දෙදෙනාම එකඟ විය. මේ රුපියල් කෝටි 08 ලබාදී ඇත්තේ බැසිල් බවත් එ පිලිබදව අපි එදාම සාක්ෂි ඇතිව වාර්තා කලෙමු.

එදා එම මුදලින් ඥාණසාර V 8 ජීප් රථයක් මිලට ගත් බවත් පසු ගියදා ඇල්පිටිය ප්‍රදේශයයේ දි කුරුදුවත්තක් ද මිලට ගත්තාය. ඒ සියල්ලම සිදුවන්නේ රාජපක්ෂලා ගේ ගෙවීම අනුවය. දැන් රටේ උද්ගතව ඇති තත්වය මත බෞද්ධ හා ක්‍රිස්තියානි, මුස්ලිම් ,හින්දු සියල්ලම ආණ්ඩුවට යුධ ප්‍රකාශකර ඇත. ඒ නිසාම බැසිල් අළුත්ම අඩව්වක් ඇල්ලීමට ඉතාම නුදුරේදීම රතනට ඉවත් වීමට දැනුම් දී ඇත. ඒ ඥාණසාරව පාර්ලිමේන්තුවට ගැනීමටය. ඥාණසාර නැමති ජාතිවාදි නිඝණ්ඨ භික්ෂුව පාර්ලිමේන්තුවට ගෙන එන්නේම කතෝලික ජනතාව හා කාදිනල් උන්නාන්සේව මෙල්ල කිරීමට බව පැවති සාකඡ්චාවේදි බැසිල් කියා ඇත. ආණ්ඩුවට විරුද්ධව මේ වනවිට පාස්කු ප්‍රහාරය පිලිබදව කතෝලික ජනතාව කදවුරු බැදීම පිලිබදව බැසිල් දීර්ඝව කතාකොට ඇති අතරම ඊට බෞද්ධ භික්ෂුන් හරහාම පහර ගැසීමට දැන් සුදානම් වෙන බව අපවෙතට වාර්තාවී ඇත. ඒ නිසාම ඥාණසාර වැනි ජාතිවාදි නිඝන්ඨයෙකු බුද්ධ චීවරය පෙරවාගෙන ආගමික සංහිදියාව විනාශ කිරීමට තවත් නොබෝ දිනකින් පාර්ලිමෙන්තුවට කැදවාගෙන එනු ඇත. ඊට පසුව බැසිල් ගේ ඕනෑ එපාකම් අනුව බුද්ධ චීවරය නැටවෙනු ඇත. ඒත් අස්ගිරිය ,මල්වත්ත ,තේවත්ලා මර නින්දේය.


Spread the love

Leave a Comment

You may also like