පාස්කු ප්‍රහාරයෙන් බලයට පැමිණි ආණ්ඩුවට දැන් ඒ ශාපය ලැබෙමින් ඇති බව අපි මීට කලකට පෙරත් ප්‍රකාශ කලෙමු. අද ඥාණසාර නැමති රාජපක්ෂලාගේ මුර බල්ලා මුස්ලිම් ජාතිකයන් ගේ දෙවියන් වහන්සේ වු අල්ලා දෙවියන් පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ලෙසට හදුන්වා දීම (ආගමක් හෝ ජාතික් ඉල්ක්ක කොට වෛරී ප්‍රකාශ කිරීම පිලිබද ICCPR පනත ) අනුව වහාම මේ නිගන්ඨයාව අත් අඩංගුවට ගතයුතුය.මෙය චීවරයක් දරා ගෙන සමස්ථ බෞද්ධයාත් උතුම් බුද්ධ ධර්මයටත් කල මහා නිගාවකි. බුදුන්වහන්සේ මුලින්ම කියා ඇත්තේ අනිකුත් සියළු ආගම් වලට ගරු කිරීමටය. මේ නිඝණ්ඨයා (බිරිද හා දියනිය ප්‍රංසයේ ජීවත්වේ ) සමස්ථ බෞද්ධ දර්ශණයම ලෝකයා ඉදිරියේ හෑල්ලු කිරීමක් කලේ ගෝඨාභයලා ගේ අවශ්‍යතාවය වෙනුවෙනි.
සම්මා සම්බුද්ධ සාසනේ පැවැත්ම වෙනුවෙන් හා සංසාරයෙන් එතර වීමට යැයි කියා කහ සිවුරක් පටලවා ගත් ඥාණ්සාරලා වැනි නිඝණ්ඨයන් බුද්ධසාසනේ පැවැත්ම වෙනුවෙන් එලවා දැමිය යුතුය. චමුදිත නැමති හිරු නාලිකාවේ ජාතිවාදි වාචාලයන් සමඟ සිංහල ,දෙමළ ,මුස්ලිම් එකමුතුව නැවත වතාවක් බිද දැමීම ගෝඨා ගේ මුර බල්ලන් ගේ උවමනාවයි. ඊට එරෙහිව වහාම පොලිස්පති මේ උන්මත්තකයාට විරුද්ධව නඩු පැවරිය යුතුයි. මු තවත් ජාතිවාදි ආගම්වාදි ගැටුමක් නිර්මානය කිරීමට දිවා රාත්‍රි වෙහෙසෙන බව අපි අවස්ථා ගනනාවකදීම කියා ඇත.
ගෝඨාභය නැමති මිනිමරු ජනාධිපති පොලිසිය භාරව පත් කලේත් තවත් අමු ගොබ්බ ජාතිවාදි ,ආගම්වාදි ,සරත් වීරසේකරය. පාස්කු ප්‍රහාරයෙන් බලයට පැමිණි ආණ්ඩුවට දැන් ඒ ශාපය ලැබෙමින් ඇති බව අපි මීට කලකට පෙරත් ප්‍රකාශ කලෙමු. ඥාණසාර පන්නයේම වද කොත්තු, වද බ්‍රෙසියර් ,දොස්තර සාෆිලා, පිලිබදව ජනතාවගේ මනස විකෘතිකල පිස්සන්ව ඇමතිකම් දී හුරතල් කරන්නේ රාජපක්ෂලාගේ පැවැත්ම වෙනුවෙනි. ඊටම සිවුරු කාරයන් වු ගලඹඩ අත්තේ ඥාණසාර වැනි මුර බල්ලන් යොදවන්නේ රාජපක්ෂලා යහමින් අත දිගහැර සල්ලි වියදම් කරමින්ය. අපි මීට පෙර ඥාණසාරගේ කුරුදුවත්ත මිලට ගැනීම ගැනද හෙලි කලෙමු. ඒ සියල්ලම රාජපක්ෂලා ගේ මුදල්ය.
එදා යහපාලන සමයේ කාදිනල් වහන්සේ රාජපක්ෂලා ගේ එකම ගැලවුමකරු ලෙසට සිටියාය. ඒ යහපාලන් සමයේ කාදිනල් උන්නාන්සේට දේව භක්තියෙන් සැලකු රාජපක්ෂලා හා රාජපක්ෂවාදි භික්ෂුන් දැන් කාදිනල් හිමිව දැකිමත් නයාට අදු කොල සේය. ඒ දැන්ය. පාස්කු ප්‍රහාරය පිලිබදව කාදිනල් හිමිපානණ් මීට පෙර දැරුවේ අමුතුම මතයකි. ඒ සත්‍ය ලෙසටම මුස්ලිම් ආගමික අන්තවාදි රටකින් සිදුකල ප්‍රහාරයක් බවයි. ඒත් ඇත්ත එලිවෙන්න වැඩිකලක් නොගියේ එදා සිටම අපි මියගිය හා තුවාල වු අහිංසක මිනිස් ජීවිත වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනි සිටි නිසාය. අදත් ,හෙටත් ඒ ආකාරයටම අපි නොබියව සිටින්නෙමු. එදා හොද කාදිනල් අද හොද නැත්තේ රාජපක්ෂලාගේ රෙද්ද ගලවන නිසාය.
රාජපක්ෂලාට ඇදීමට අඩුම අමුඩයක්වත් නැත, දැන් ඇත්තේ ඥාණසාරලා වැනි සිංහලේ වැනි අන්තගාමි සංවිධානවල පිහිටය, ඒත් පොලිස්පති වහාම මේ කාලකන්ණි භික්ෂුවට විරුද්ධව නිතිය ක්‍රීයාතමක නොකලොත් සලේලාගේ උපදෙස් අනුව තවත් අහිංසක ජීවිත බිලිගන්න බව නම් සහතිකය.