ගොසිප් උණුසුම් පුවත්

කට බොරු කිව්වාට දිව බොරු නොකියන බවට වාචාල චමුදිත සාක්ෂි

Spread the love

මෙරට කෝවිඩ් පැතිරීමත් සමග මිල්ටෙරි නන්දසේනගේ හා ඔහුගේ ගජ මිතුරු බිස්නස් කාරයන්ගේ  නොසන්ඩාල වැඩ ගැන ඕනෑ තරම් අහන්නට ලැබෙනවාය.ඒ නොසන්ඩාල ගනුදෙනු ගැන සමාජ මාධ්‍ය තුළද විවිධ ආකාරයෙන් ආනාවරණය කිරීම් සිද්ධ වෙමින් තිබේ.විපක්ෂ දේශපාලඥයන්ද සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ද මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මේ ජාවාරම් කාරයන්ගේ පැටිකිරිය හා කෙරුවාව ගැන අනන්තවත් කියා ඇත.
එහෙත් අහිංසක මිනිසුන් ගැන හිතක් පපුවක් නැතුව කෝවිඩ් රෝගය උගසට තබා තක්කඩි ජාවාරම් කරන මේ හැත්ත සිටින්නේ මිල්ටෙරි නන්දසේනගේ ඔඩොක්කුවේය.උන්ගේ කැත ජාවාරම් වලට රාජපක්ෂ පවුලේ අනුග්‍රහය හා සහයෝගයද නොමසුරුව ලැබේ.
කවුරුන් ඒවාට විරුද්ධ වුවද අදෝනා නැගුවද  සාප කෙරුවද මෙම කැත ජාවාරම් කාරයන් ඒ ගැන තැකීමක් නැත.රටේ ජනතාව ගැන මිල්ටෙරි නන්දසේන හිතන්නේ පුළුවන් නම් ඉඳපියවු නැතිනම් මැරිලා පලයව් විදියටය.මිල්ටෙරි නන්දසේන ගේ ඒ මරුමුස් තියරිය අර තක්කඩි ජාවාරම් කාරයන්ගේ නොසන්ඩාල බිස්නස් වලට මරුවට ගැලපේ.

රටේ දුප්පත් මිනිසුන්ගේ කෑම වේල කප්පාදු කළ මිල්ටෙරි නන්දසේන කිරි පිටි පැකට්ටුව සීනි ටිකටද ඇරියේය.දුප්පත් පොඩි එකකු ආසාවට කෑ මිදි ඇපල් ⁣දොඩම් ගෙඩි උන්ගේ බබාලට විතරක් සීමා කෙරුවේය.අද වන විට කහ නාරං ග්‍රෑම් සීය රුපියල් සීයකි.ග්‍රෑම් සීයට ඇත්තේ ගෙඩි දෙකකි.හොද්දට කහ දාන එක නැත්තටම නැති කෙරුවේය.රාජපක්ෂ පවුල බොන වතුර බෝතලය ගෙන්වන්නේ නවසීලන්තයෙනි.කවදා හෝ ඉදිරි දවසක දුප්පත් මිනිසුන් පාරට බැස අපි  කන්නේ තොපේ කැවුතුදැයි  අහන එක සිකුරුය.දැන්නම් මිනිසුන්ඉන්නේ හොදටම මල පැනලාය.ප්‍රශ්නය තියෙන්නේ ජනතාවගේ ඒ විරෝධය එක තැනකට ගන්නට පුළුවන් නායක⁣යෙක් නැතිකමය.එහෙම වුනානම් ⁣මේ වනවිටත් රාජපක්ෂ හැතිකරය හා ජාවරම්කාර තක්කඩියන් රැළ කම්මුතු වෙලාය.රාජපක්ෂ හැතිකරය පරදවා බලයට පත්කෙරෙන නායකයා උන් හා හුරතල් වෙන නොවෙන බඩුවක් විය යුතු බවට මිනිසුන් දැන් දැන්  සිතන්ට පටන් ගෙන තිබේ.දැන් ඉන්න විපක්ෂ පොරවල් රාජපක්ෂ පවුල හා රහසේ ගනුදෙනු කරන වුන් යැයි මිනිසුන්ගේ හිතේ සැකයක් තිබේ.යහපාලනයෙන් ලැබුණු අවලස්සන අත්දැකීම් නිසා  මිනිසුන්ට  එහෙම හිතන්නට සිද්ධ වෙලා තියෙන බව අපේ අදහසයි.ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කලාමැදිරියාටත් බයය කියන්නේ ඒ නිසාය.
⁣රාජපක්ෂ හැතිකරයට ජම්පරය අන්දවන්නට පුළුවන් රජ ගහේ බඩුවක් ඉන්නවා නම් රටේ මිනිස්සු හෙට උනත් ⁣එළියට බහින්න සූදානමිනි.මිල්ටෙරි නන්දසේන රට රවටන මගෝඩිකාර උද්දච්ච කපටියෙක්  බව මිනිසුන් තේරුම් ගෙන හමාරය.මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ පවුල මුළු රටම විනාසයට දක්කාගෙන යන අතර තුර ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන් වූ ගජ මිතුරු ජාවාරම් කාර නොසන්ඩාලයන් මිනිසුන්ගේ දාදිය මහන්සිය ගසා කමින් සිටී.අප ඒ ගැන කතා කරන විට රාජපක්ෂ වහළුන් සිතන්නේ මේ ලියන ඒවා අපහාසාත්මක මඩ බවය.එහෙත් රාජපක්ෂ මාධ්‍ය බලකායේ ස්පීකර් වලින්ද මිල්ටෙරි නන්දසේන නොම්මර එකේ ජාවාරම්කාරයෙක් බව තහවුරු කරන සිදු වීමක් පසුගියදා අනාවරණය විය.දිනය පසුගිය පහලොස්වනදාය.එදින හිරු වාහිනියේ පත්තර කියවන වාචාල චමුදිතයා මහ හයියෙන් කියවූ දෙයක් අපට ඇසුනි.එහිදී පත්තර කඩදාසියක් අතට ගත් වාචාල චමුදිත එහි තිබූ ප්‍රවෘත්තියක් කියවමින් කියා සිටියේ …..
 “..ජනාධිපතිතුමනි  ඔබටත් වඩා ඉන්නා ජාවාරමිකාරයන් ගැන හොයන්න ඕනෑ..” කියාය.


අහ්…..අම්මපා ඇත්තටම මිල්ටෙරි නන්දසේනට වඩා ඉහළින් තවත් ජාවාරම්කාරයින් මේ රටේ ඉන්න⁣ට බැරිය.එහෙම නැති බවත් අපි දනිමු.ඒ මන්ද යත් අද මෙරට හැම තක්කඩි ජාවාරම්කාරයෙක්ම මෙහෙයවන්නේ මිල්ටෙරි නන්දසේන බව හැමෝම දන්නා නිසාය.වාචාල චමුදිත මේ කතාව ඕනෑ කමින් කිව්වාද නැතිනම් අයාලේ හිතේ තිබී කියවුනාදැයි  අපි නොදනිමු.නමුත් ඒ කියන ලද දෙය නමි ඇත්තම ඇත්තය.කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති බවත් අප අසා තිබේ.
මොනවා වුනත් ඒ සත්‍යය “රාජපක්ෂ ඔඩොක්කුවේ” ⁣ඉඳගෙනම හෙළි  කෙරුවාට තෑන්කි්‍යු නන්රේ ස්තූතියි හිරු වාහිනී චමුදිත.

https://www.youtube.com/watch?v=CAxUH7k2n1I


Spread the love

Leave a Comment

You may also like