උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයේ ඇත්ත වැලලීමට නැවත විමර්ෂණයක් ගැන සාකච්ඡාවක්.

Spread the love


පොලිස් ඉතිහාසයේම බිහි වු බයාදුම හා නොන්ජලම පොලිස්පතිවරයා සී. ඩී.වික්‍රමරත්න යැයි අද නොදන්නේ මිය ගිය උන් හා උපදින්න ඉන්න උන් පමණය. ඊටම දෙවනි නොවන තවත් දේශපාලන ගැත්තෙක් වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහත් දැන් පොලිසිය දක්කන් යන්නේ වලපල්ලටය. පොලිස්පති ගේ කළු හා සුදු අම්බොරුවෝ දෙදෙනා ඊටම තකට ,තක යැයි කීවේ අපේ පැරැන්නන්ය. පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් වී ඇති ප්‍රහාරකයන් දැන් සියල්ලම අත් අඩංගුවේය. ඒත් ප්‍රහාරය මෙහෙය වුවෝ කවුද යන්න පොලිස්පති විමර්ෂණය් නොකරන්නේ ඇයි කියා අප නොදන්නවා නොවේ.

දැන් නිතිපතියට CID නිලධාරින් ගෙන්නා සාකඡ්චා කරමින් ඇත්තේ රටේ පැන නැගි ඇති පාස්කු ප්‍රහාරයන් පිලිබදව ඇති සැකයන් දුර කිරීමේ අපුරු විමර්ෂණයක් කිරීමටය. මෙය කාදිනල් හිමිව හා කතෝලික ප්‍රජාව සතුටුකරන විමර්ෂණයක් බවට කතා වී ඇත. හොරා ගේ අම්මගෙනුත් උපදෙස් ගෙන නිතිපතිය තවත් සති කීපයකින් අපුරු නාට්‍යක්එලිදකවන බව සහතිකවම අපිට කිව හැකිය.

ඒ කමල් ගුණරත්න ගෝබ්බ ආරක්ෂක ලේඛම් හා සරත් වීරසේකර ගේ මඟ පෙන්වීමෙන් සිදු වෙමින් ඇත. මේ නාටකයේ රාජපක්ෂලා ගේ අධෝමුඛය දිවෙන් ලෙවකන වර්තමාන CID , DIG ප්‍රසාද රණසිංහ කියන ඕනෑම දෙයක් කිරීමට පුළුවන් බව මේ වන විටත් කියා ඇති බව දැන ගැනීමට ඇත.

ඒ අනුව ඉදිරියේදි සාරා මිය ගොස් ඇතිබවත් , ගොඩ ගැනීමට සැලසුම් කරන මිනිවලකින් සාරා ගේ යැයි DNA ගැලපීමටත් සියලු දෙනාම නාටකයක් දැන් ගොඩ නගමින් ඇත. ජේෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර සරා ගේ යැයි කියා කාන්තා මුදල් පසුම්බිය ක් සාරා ජෙස්මින් නොහොත් පුලස්තනී මහේන්ද්‍රන් ගේ අංක 965672702 V දරණ හැදුනුම් පත්‍රය පොලිස් ස්ථානයට ඉදිරිපත් කොට ඇත.

ඉන් කාදිනල් හිමි ඇතුළු වින්දිතයන් සැනසීමට සාකඡ්චා කොට ඇත. ඒත් ඉන් සිදුවන්නේ කීර්තිමත් CID බලු කිරීම බවත්, මෙයින් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව පිලිබදවම ඇති විශ්වසනීයත්වය බිද වැටීමක් බව මේ පොලිස්පති පිලිගත යුතුය.මේ සැලසුම ක්‍රියාතමක් කොට මිනිමරු රාජපක්ෂලාව හා උන්ගේ හෙන්චයියලාව අද බේරා ගත්තත් කවදා හෝ දිනයක ලංකා මහ පොලවේ පාස්කු විමර්ෂණය අපි සිදු කොට නියම අපරාධකරුවන් රටේ ජනතාවට ඉදිරිපත් කිරීමට මේ වනවිටත් අපි සාකඡ්චා කොට ඇත. දැන් පොලිස්පති යුත්තේ නියම මිනිමරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමය.


Spread the love

Leave a Comment

You may also like