උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේන පිස්සන්ට තනතුරු දීලා…..බන්ධනාගාර ඇමති ලොහාන් පිස්සා යකා නටයි

Spread the love

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය නියෝජනය කරන තක්කඩි පාහරයන් මේ වන විට  සාමකාමී නීති ගරුක සමාජය මත චන්ඩිකම හා මදාවිකම මුදාාහරිමින් තිබේ.මේ ආණ්ඩුව බලයට ඒමට පෙර ජනතාවට පවසන ලද්දේ  උගත් නියෝජනයක් සහිතව විද්‍යාත්මක පදනමකින් අමාත්‍ය මණ්ඩලය පත් කරන බවය.එහෙත් ඒ පොරොන්දු කණ පි⁣ට හැරී බව අමාත්‍ය  හා නියෝජ්‍ය අමාත්‍ය ධූරයන් සදහා පත් කර ඇති පුද්ගලයන් ⁣ගැන විමසන විට පෙනීයයි.ඇතැම් අමාත්‍යවරු ලුම්පන් තක්කඩි මදාවිකාරයන්ය.ඒ තක්කඩි මදාවි කාර අමාත්‍ය වරු අතරින් ලොහාන් රත්වත්තේ වඩාත් කැපී පෙනෙන පාදඩ චරිතයකි.
මේ ලොහාන් රත්වත්තගේ සමාජ ක්‍රියාකාරම් ⁣පිළිබඳව අවධානය යොමු කරන විට මේකා බරපතල මානසික ආබාධයකින්  පෙළෙන තැනැත්තකු බව සක් සුදක් සේ පැහැදිලිය.
…මිනිසාගේ මතකය තුළ පවතින යටි සිතෙහි ගැඹුරෙහි නිද්‍රාවට පත්ව ඇති මතකයේ හෙළි නොකළ ගුප්ත ලිංගික ආශාවන් ,ජීව විද්‍යාත්මකව ජානගත පෞරෂ හැසිරීම් හා මර්දනය කරන ලද කම්පන තත්වයන් ඇතැම් අවස්තාවලදී සමාජ සදාචාරය ඉක්මවා ප්‍රචන්ඩව ක්‍රියාත්මක විය හැකි බව මනෝවිද්‍ය⁣වේ දක්වා තිබේ….”
මදාවිකාර ඇමති ලොහාන් රත්වත්තේ ගේ මනෝ විකෘතිතා චරිත ස්වභාවයට අනුව “මර්දනය කරන ලද කම්පන තත්වයන්” ගැන කියවෙන කොටස  අවධාරණය කො⁣ට ඔහු හා ගලපා ගත හැක්කේය.

2005 දෙසැම්බර් පස්වෙනිදාා මහනුවර කටුගස්තොට උඩතලවින්නදී මුස්ලිම් ජාතිකයන් දසදෙනෙකුට වෙඩි තබා තිරශ්චීනව ඝාතනය කිරීමේ වරදට අත් අඩංගුවට ගත් චුදිතයන් පහලොස් දෙනා අතරේ  මේ මදාවිකාර ලොහාන් රත්වත්තේ හා  ඔහුගේ පියා වූ අනුරුද්ධ රත්වත්තේද සොහොයුරාද විය.නීතිපති විසින් චෝදනා ගොනු කර කොළඹ මහාධිකරණයේදී විභාගයට ගත් මෙම අපරාද නඩුව ආරම්භයේදීම තාක්ෂණික හේතු මත රත්වත්තේලා තුන් දෙනා නිදහස් කෙරිණි.චෝදනා ගොනු කිරීමේ තාක්ෂණික හේතු මත රත්වත්තේලා නිදහස් කරන ලද නමුත් ඒ නිදහස පිටුපස සිටියේ ජනාධිපති චන්ද්‍රිකා බව නීතිය දන්නා සියළුම දෙනාටම රහසක් නොවීය.
සාහසික ලෙස මිනිසුන් දහ දෙනෙකු ඝාතනය කොට අධිකරණයට ගේම් ගසා චෝදනා වලින් නිදහස් වුවද ඒ මෙලේච්ඡ ඝාතනයන් පිළිබඳව ⁣මදාවිකාර ලොහාන් රත්වත්තේට සිය හෘද සාක්ෂියෙන් ගැලවීමට නොහැකි වී ඇති බව අප ඉහතින් සදහන් කළ ⁣මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමෙන් තහවුරු වේ.⁣තමන් විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතනයන් පිළිබඳව ඔහු තුළ ඇතිවී තිබෙන “මානසික කම්පනය” අද වන විට  දරා ගත නොහැකි තත්වයේ පසු වන බව අපට වැටහීමක් ඇත.
ඒ බව වඩාත් තහවුරු වන්නේ ඔහු සිදු කරන ලද සමාජ විරෝධී මදාවිකාර වැඩ ගැන අවස්ථා ගනනාවකදී වාර්තා වී ඇති බැවිනි.එම වාර්තා අනුව මේකා තනිකර පිස්සෙක් බව අපි සඳහන් කරමු.මිල්ටෙරි නන්දසේන එවැනි  මානසික ලෙඩෙකුට  ඇමති ප⁣ට්ටම් දී සමාජය තුළ ස්ථාපිත කිරීම පිස්සු බල්ලකු සමාජයට මුදා හැරීම හා සමානය.මේ පිස්සු බල්ලාට රටේ පවතින නීතිය අදාල නැත.
එක් අවස්ථාවක මේ පිස්සා මහනුවර ප්‍රසිද්ධ හෝටලයක බීමත් සිය පිස්තෝලයෙන් ඉහළට වෙඩි තබා පිස්සු නැටූ බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි.ඉන්පසුව පසුගිය අවුරුද්දේ දෙසැම්බර් පස්වෙනිදා අධික ලෙස බීමත්ව රාත්‍රී කාලයේදී රුවන්වැලි සෑ භූමියට බලහත්කාරයෙන් ඇතුළුවීමට ගත් වෑයම එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිළධාරීන්ට තම පිස්තෝලය ඇද තර්ජනය කළ බව මෙරට මාධ්‍ය අනාවරණය කරන ලදී.එහිදී ඔහු රුවන්වැලි සෑයේ නාහිමියන්ටද ඉතා පහත් අසභ්‍ය වචනයෙන් අපහාස කරන ලද බවත් එම තොරතුරු වල සඳහන්ව තිබුණි.දරාගත නොහැකි මානසික කම්පනය නිසා සමාජයට හානිකර ලෙස ⁣හැසිරෙන මෙම මදාවිකාර ලොහාන් රත්වත්තේ  මීට දින දෙකකට පෙර මධ්‍යම රාත්‍රියේ කොට කලිසමකින් හා ටී ෂර්⁣ට් එකකින් සැරසී පිස්තෝලයක්ද අත ඇතිව වැලිකඩ  බන්ධනාගාරය⁣ට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.එසේ ඇතුළුවුන මොහු සිය අනියම් පෙම්වතිය හා තවත් මිතුරන් හතර දෙනෙකු සමග එල්ලුම්ගහ නැරඹීමට ගිය බවද වැලිකඩ බන්ධනාගාර ආරංචි මාර්ග වලින් පැවැසේ.මේ අවස්ථාවේ ඔහුද ඔහු හා පැමිණි අනෙකුත් අයද අධික ලෙස බීමත්ව සිට ඇත.බන්ධනාගාර පනත අනුව කිසිවෙකුට  ගිණි අවියක් රැගෙන බන්ධානාගාරයට ඇතුළු විය නොහැකිය.මෙහිදී එම පනතේ බන්ධනාගාරයට ඇතුළුවන්නන් ඇඳ සිටිය යුතු ඇඳුම ගැනද සදහන් වේ.එහෙත් ⁣මදාවිකාර ලොහාන් රත්වත්තේ සහ පිරිස මේ කිසිදු නෛතික තත්වයක් අවදානයට නොගෙන රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර නිළධාරීන්ට තර්ජනය කොට බන්ධනාගාරය ඇතුළු වී තිබේ.⁣සිය අනියම් පෙම්වතියට මෝඩ චූන් මදාවිකාර කම පෙන්වීමට යකුන් ගස් බඩ ගාන  වෙලාවෙි බන්ධනාගාරයට ඇතුළු වෙන්නට  ඇති යැයි සමහරෙකුට සිතෙන්නට ඉඩ තිබේ.එහෙත් අපට හොදටම තේරුම් යන්නේ මොහුගේ මානසික රෝගී තත්වය නිසා මෙවැනි අපත වැඩ කරන බවය.වැලිකඩ බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වූ දිනට පසු දින රාත්‍රියේද මේ පිස්සා බීමත්ව පිස්තෝලයක්ද සහිතව අනුරාදපුර බන්ධනාගාරයට ඇතුළුව  එහි සිටි එල්ටීටී සැකකරුවන් දෙදෙනෙකු සිර මැදිරියෙන් එළියට ගෙන දන ගස්වා ⁣එම සිරකරුවන්ගේ හිසට පිස්තෝලය තබා මරණීය  තර්ජනය කළ බවද අප වෙත දැන ගැන්මට ලැබී ඇත.මේ වන විට එම බන්ධනාගාරයේ  තිබෙන සීසී ටීවී දර්ශන මකා දැමීමට බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිළධාරීන් කටයුතු කරමින් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවටද අපට තොරතුරු ලැබී තිබේ.දිගින් දිගටම සමාජය තුළ ප්‍රචන්ඩත්වය මුදා හරිමින් වගකිව යුතු අමාත්‍යවරයකු නොකළයුතු තරමේ සදාචාර සම්පන්න නොවන ක්‍රියාවන්හි නිරත වෙමින් දැඩි මානසික විකෘතිතාවකින් කටයුතු කරමින් සිටින බවට තහවුරු කළ හැකි මේ ඇමති පිස්සාගේ මනෝ භාවයන් කවරේද යන්නට තවත් තොරතුරක් අප සතුය.ඒ 2018 මාර්තු මස නව වන දින මහනුවර ආශ්‍රිතව පැතිරුණ ජාතිවාදී ගැටුමේදී බෝම්බයක් පිපිරී මියගිය සිංහල තරුණයාගේ අවමංඟල සභාවේ ජාතිවාදය අවුස්සමින් මෙි පිස්සා සිදු කළ කතාව ඇඟ හිරි වැටෙන තරමේය.මොහු මේ කතාව සිදු කරන්නේ බෝම්බය පිපිරීමෙන් මියගිය තරුණයා මියගියේ ඔහු සතුව තිබූ බෝම්බයකින් බව පොලිස් පරීක්ෂණ වලින් හෙළී වී තිබියදීය.ඒ කතාව මෙසේය.”….මේ අපේ කොල්ල මැරුවෙ ගෙරි හම්බයො බෝම්බ ගහල.ඒක ඇහෙන් දැකපු සාක්ෂි මගේ ගාව තියෙනව.මේ රටේ මහජාතියට විරුද්ධව ගෙරි හම්බයො බෝම්බ ගහනව නම් අපට නිවට විදියට ඉන්න බෑ.මේකට අනිවාර්යෙන් ගෙරි හම්බයන්ට රිටර්න් එකක් දෙන්නම ⁣ඕන.මම හෙට කොළඹ යනව.රෑ වෙද්දි ආපහු එනව.ලේස්ති වෙලා හිටපල්ලා ගෙරි හම්බයො……”
එහෙත් එදා ඒ ජාතිවාදී ගිණි අවුළුවීමේ ප්‍රයත්නය රාජ්‍ය මැදිහත් වීම නිසා නතර විය.⁣මෙහිදී අපට සිතා ගත හැකි එක් කරුණක් තිබේ. ලොහාන් රත්වත්තේ නම් ⁣ඇමති පිස්සා ගේ ප්‍රචන්ඩකාරී ක්‍රියාවන් මිල්ටෙරි නන්දසේන අනුමත කරන බවය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්දනට  පසුගිය ජනපතිවරණ කාලසීමාවේදී මෙම මිනීමරු පිස්සා  ගත් දුරකතන පණිවුඩයක් තවමත්  යූටියුබයේ හුස්ම ගනිමින් තිබේ.එහිදී මේ මිනීමරුවා හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රී ගුණවර්දනට අනියම් ආකාරයේ තර්ජනයකි.
“…..මේ සජින් ඔයා දන්නවනේ මහින්ද මහත්ය ගැන ඒ නිසා ප්‍රවේශමෙන් ඉන්න හොඳේ..නෑ මං කි⁣යන්නෙ ඔයාට පොඩි දරුවො දෙන්නෙකුත් ඉන්නවනේ.එයාලගෙ ජීවිත ගැනත් හිතන්න
එම කතාවට පිළිතුරු දෙන සජින් වාස් බිය වැදුන බවක් හෝ තැති ගැන්මට ලක් වූ බවක් නොපෙනේ
මේ ලොහාන් මහින්ද මහත්තයට කියන්න පුළුවන්නම් මගේ දරුවන්ගෙ මයිලකට කරදරයක් කියන්න කියල ඒම වුනොත් ඉතින් මං ඔය පවුලම  නැති කරනවා….දන්නවනේ මං කවුද කියලත්
මේ දුරකතන දෙබස තුළින් තවත් ⁣ඉතා භයානක සිත කම්පනයට පත් කරන  කාරණයක් අපට මතු කර ගත හැක.ඒ මහින්ද රාජපක්ෂගේ වුවමනාව හා උපදෙස් මත හිටපු පාම සජින් වාස්ට ලොහාන් තර්ජනය කළ බව හා මහින්ද රාජපක්ෂ ගේ මිනීමරු පිපාසාවට කුඩා දරුවන් ඝාතනය පවා එතරම් දෙයක් නොවන බවය.එසේ නම් මහින්ද රාජපක්ෂලාගේ මිනීමරු කොන්ත්‍රාත් බාර ගන්නේ ලොහාන් රත්වත්තේ නම්  මේ මෙලෙච්ඡයා බවද වැඩි දුරටත් අපට වටහා ගන්නට පුළුවන. එලෙසම කිසිදු බයක් හැකක් නැතුව පිස්තෝල අතැතිව මේ මානසික ලෙඩා නීති ගරුක සමාජය කම්පනයට පත් කරවන ලෙස හැසිරෙන්නේ මිල්ටෙරි නන්දසේනලාගේ දැනුම අවබෝධය මත බවද වටහා ගත හැකිය.
එහෙත් අප මිල්ටෙරි නන්දසේනට  මේ මො⁣හොතේ කියා සිටින්නේ මේ පිස්සු බල්ලා වහාම බැඳ දමන ලෙසය.එය එසේ නැතිවුන හොත් මෙම පිස්සු බල්ලාගේ ජීවිතය ඉතා ඛේදජනක ආකාරයෙන් අවසන් වන්නට ඉඩ ඇති බවද අපි මිල්ටෙරි නන්දසේනට අනතුරු අඟවමු.ඒ හැමදාම එක විදියට පාදඩ මැරකම් සමාජය නොඉවසන නිසාය.



Spread the love

Leave a Comment

You may also like