පාසැල් අධ්‍යාපනය මගදී අත්හරිම්න් මදාවිකම් කළ පාදඩයකු අවසානයේදී සුද්දන් පස්සේ යන ගයිඩ් කොල්ලෙකු විය.පසුව බේරුවල මැණික් ව්‍යාපාරිකයකු වූ නලින් හජ්ජියාර් ගේ ගෙදර මුරකාරයා ලෙස කටයුතු කරන ලද්දේද මේ පාදඩයාය.චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙරට ජනපති වශයෙන් සිටි කාලයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ එදිරිවීර ප්‍රේමරත්න ඒ ආණ්ඩුවේ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයාද විය.මෙි එදිරිවීර ප්‍රේමරත්න සිවුරු හළ හීරළුවෙකි.එසේම එදිරිවීර ප්‍රේමරත්න එජාප ආණ්ඩුවේ වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලිගේ ඉතා සමීපතමයකුද විය.එදවස එදිරිවීර ප්‍රේමරත්නට වරාය ගේට්ටුවෙන් ඇතුල් වීමට අවසරයක් අවශ්‍ය නොවීය.වරාය අමාත්‍යවරයාගේ සමීපතමයකු ලෙස එදිරීවීර ප්‍රේමරත්න රේගුව හා සම්බන්ධ වී යම් යම් නීති විරෝධී වැඩ කළ බවද කියවේ.මේ දිනවල සිට එදිරිවීර ප්‍රේමරත්නගේ වාහනයේ රියදුරු වූයේ අප ඉහත සඳහන් නලින් හජ්ජියාර්ගේ නිවසේ මුරකාරයා ලෙස කටයුතු කළ අර ආතක් පාතක් නැති පාදඩ කොළුවාය.නලින් හජ්ජියාර් ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකි.ඔහු මෙරට දේශපාලන ක්ෂේත්රයේ ප්‍රබල චරිත හා ක්‍රියකාරීන් සමග ළඟ සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයෙකි.තමන්ගේ නිවසේ මුරකාරයා ලෙස කටයුතු කළ කොල්ලා පසුව නලින් හජ්ජියාර් විසින් එදිරිවීර ප්‍රේමරත්නගේ රියදුරු ලෙස පංගාර්තු කරන ලද්දේය.මේ එදිරිවීර ප්‍රේමරත්නද ප්‍රදේශය තුළ ප්‍රචලිතව සිටියේද මැරයෙකු ලෙසය.පසු කාලයකදී ඔහු අපරාද නඩුවකට දඬුවම් විඳින ලද්දේය.එදිරිවීර ප්‍රේමරත්න විසින් සිය රියදුරා වූ පාදඩයා ප්‍රාදේශීය සභාවට ඉදිරිිපත් කරන ලද්දේ ඔහු පිළිබඳව තිබූ දැඩි හිතේෂී බව නිසාමය.කෙසේවෙතත් ප්‍රදේශයේ ලුම්පන් ඡන්ද වලින් එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වැඩිම ඡන්ද ප්‍රමානයක් හිමි කර ගත් මොහුට එම සභාවේ සභාපති තනතුර ලබා ගැනීමට පවා හැකිවිනි.ඉන් සිය දේශපාලන ගමන ආරම්භ කළ ඒ ආතක් පාතක් නැති පාදඩයා මේ වන විට මෙරට වරාය ඇමතිවරයා ලෙස කටයුතු කිරීමට හැකිවීම විශේෂ අවධානයට ලක් කළ යුතු කරුණකි.යට ගිය දවස ලලිත් ඇතුලත්මුදලි වැනි විශිෂ්ටයකු වෙත පැවරුණ වරාය විෂය වගකීම් අද පාලනය කරන්නේ නිසි අධ්‍යාපනයක් නොලද අයෙකු වීම ගැන සිතා බලන විට මෙරට දේශපාලනය කෙතරම් ජරාජීර්ණ වී ඇද්ද යන්න ඕනෑම අයෙකුට නිගමනය කළ හැක.අප ඒ පූර්විකාවෙන් ඉදිරිපත් කරන ලද්දේ අන් කවරකු ගැන වත් නොවේ.
මෙරට වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන ගේ ජීවිත කතාවේ පළමු පරිච්ඡේදයයි.එසේත් නොමැති නම් රත්තරන් යන නමින් හැදින්වෙන තක්කඩියා පිළිබඳවය යන්න සඳහන් කළ හැකිය.පාතාල ජාවාරම්වලට සම්බන්ධ මේ තක්කඩියා දේශපාලනයට පිවිසුන ආරම්භයේදී අතේ සතේ නැති නිකමෙක් විය
මීට අවුරුදු ගානකට පෙර හිටපු බුද්ධ ශාසන අමාත්‍ය එදිරිවීර ප්‍රේමරත්නගේ දියණිය මෙරට පුවත්පතකට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ මගේ තාත්තාගේ ඩයිවරයා විශාල පොහොසතකු වූයේ කෙසේද යන්න සොායා බැලිය යුතුය කියාය
රත්තරන් යනු මෙරට ලුම්පන් පන්තියේ නියෝජනයකි.ඔහු තුළ පවතින්නේ බඩගිනිකාර කාක්කෙකුගේ ස්වභාවයයි.ආචාර ධාර්මික සංස්කෘතික හැදියාව ඔහුගේ ඇවතුම් පැවතුම් වලට සමීප නැත.සිය මැතිවරණ බල ප්‍රදේශයේ සිදු කරන හොර අරක්කු ජාවාරමි මෙහෙයවන්නේ මොහුගේ දැනුවත් බවිනි.පාතාල හෙරොයින් ජාවරම් කරුවන්ද මොහුගේ සමීපතමයන්ය.සියළු පාතාල ජාවාරම් වලින් මේ තක්කඩියා ආදායම් උපයාගන්නා බව දන්නෝ දනිති.වරාය ඇමතිවරයා ලෙස මොහු නීතියට වැලි ගසමින් මහා පරිමානයේ හෙරොයින් ජාවාරමක නිරත වන බවට වරාය වෘත්තීය සමිති නියෝජිතයන් තුළ සැකයක් පවතී.වරාය අධිකාරීවරයා ලෙස කටයුතු මේජර් ජනරාල් දයා රත්නායක එම තනතුරින් එළවා දැමීමට ඇමති රත්තරන් රෝහිතට දැඩි අවශ්‍යතාවක් පැවතුන බවද එම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් පවසා සිටී. මේජර් ජනරාල් දයා රත්නායක වරාය පරිශ්‍රය තුළ ක්‍රියාත්මකව පැවැති විෂමාචාරයන්ට එරෙහිව ක්‍රියාත්මක වීම ඇමති රත්තරන් රෝහිතගේ කනස්සල්ලට හේතු වී තිබූ බව අනාවරණය වේ.මේජර් ජනරාල් දයා රත්නායක ඇමති රත්තරන් රෝහිත ගේ අයුතු මැදිහත් වීම් සෘජුව ප්‍රතික්ෂේප කළ අයෙකි.මේජර් ජනරාල් දයා රත්නායක ඉවත් කිරීමෙන් පසුව ඇමති රත්තරන් රෝහිත වරාය මුදල් ප්‍රතිපාදනයන් ඉතා වංචාකාරීව භාවිතා කරන බවට අප හට වාර්තා වී ඇත.මෑතකදී ඒ සම්බන්ධයෙන් අපට ලැබුණ තොරතුරු අතරේ ඇමති රත්තරන් රෝහිත වරාය පරිශ්‍රයේ ඇති අමාත්‍ය නිල නිවස ප්‍රතිසංස්කරණය කරවමින් සිටී .මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවතින්නේ වරාය කර්මාන්ත අංශයෙන් වුවද ඒ සඳහා වැය කරමින් තිබෙන මුදල අති විශාලය.මෙම නිල නිවසේ ඇති බලු කූඩුවට විදුලි පංකාවක් සවි කර තිබිය යුතු බවට ඇමති තක්කඩියා නියෝග කර ඇත.
නිදන කාමරයේ එක ඇඳක් සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ දෙකකට ආසන්නය.ඒ අතර දෙලක්ෂ පනස්දාහක් වටිනාකමැති මෙට්ටයක්ද මිලයට ගෙන තිබේ.වරාය කර්මාන්ත අංශයෙන් සියළු ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළද මේ තක්කඩියා ඉන් වංචා කළ මුදල රුපියල් කෝටියකට ආසන්න බව කියවේ.රටේ ජනතාව ඉතා දුක්ඛදායී ඉරණමකට ගොදුරුව සිටියදී මෙවැනි තක්කඩි පාදඩ ඇමතිවරු සිය බල්ලා දාදිය නොතබා තබා ගැනීමට මහජන මුදල් වැය කොට විදුලි පංකා සවිකරති.
මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ කෙරුවාව ඔන්න ඔහොමය.මේ සිඳුවීම් වලින් අපට තේරුම් ගත හැකි තවත් කාරණයක්ද තිබෙි. මිල්ටෙරි නන්දසේන විසින් සිදු කරමින් පවතින සියළු මරි මෝඩකම් වීරකම් ලෙස හුවා දක්වමින් විපක්ෂය සමග පාර්ලිමේන්තුවේදී මරාගෙන මැරෙන්නට මෙන් ගේමට බහින්නේ මෙවැනි තක්කඩි පාදඩයන් බවය.






