උණුසුම් පුවත්

අනතුරු සහිතයි …නන්දසේනගේ මිල්ටරිකරණ හීනයේ අස්වැන්න සමාජය⁣ට ලැබෙමින් තිබේ…!!

Spread the love

මිල්ටෙරි නන්දසේන විසින් යටි බිම් ගතව සිදු කරණ රණවිරු මිනිස් ඝාතන සාහසික සෙල්ලම නැවත අරඹා තිබේ.අද වන විට මෙරට සමාජය මත ඉතා සියුම් ආකාරයෙන්  මිල්ටෙරි කරණය වපුරමින් තිබේ.එහෙත් සමාජය තුල එම මිල්ටෙරිකරණය සිද්ධ වෙමින් පවතින්නේ මෙරට ජනතාව නොමඟ යවමිනි.මෙහි පවතින බිහිසුණු බව හා සාහසික බව තනි පුද්ගල ඒකකයන්ට කවදා හෝ දැනෙන්නට  ගන්නේ ඔහුට හෝ ඔහුගේ පවුලකට හමුදාව වෙතින් මාරාන්තික තැතිගැන්මකට ලක්වන ආකාරයේ අනතුරු ඇඟවීමක් සිදු කළ විට පමණකි.එසේත් නැතහොත් තම පවුලේ සාමාජිකයෙකු රණවිරු බිල්ලක් වූ විටය.

එතෙක් අප පොදු සමාජයක් විදියට රණවිරුවන්ගේ ක්‍රියාකාරකම් වලට ආශක්තව ගීත ලියමු.ගයමු.අත්පුඩි ගසමු.අද සිදු වෙමින් පවතින්නේද එයයි.

මිල්ටෙරිි නන්දසේනගේ වුවමනාවන් හා ඕනෑ එපාකම් මත නැටවෙන විශ්‍රාමික මේජර්  ජනරාල්ලා,  බ්‍රිගේඩියර්ලා, කර්නල්ලා ,රොත්තක් මේ වනවිට මෙරට සිවිල් පරිපාලනය යටපත් කරමින් සිය මිල්ටෙරි ආධිපත්‍යය පතුරවමින් තිබේ.ඔවුන්⁣ ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි ගැන තැකීමක් නොකරන්නෝ වෙති.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාව භුක්ති විඳින අයිතිවාසිකම්ගැන හැඟීමක් නැත්තෝය.අපරාද නඩු විධාන සංඟ්‍රහය හා දණ්ඩ නීති සංග්‍රහය ඔවුන්ට විකාරයකිම්ල්ටෙරි නන්දසේන ගේ කට වචනය ඔවුන්ගේ නීතියයි. මිල්ටෙරි මදාවිකම ඔවුන්ගේ පරිපාලනමය හැකියාවයි.ඔවුන් සමාජය වෙත මුදා හරින හමුදාමය පීඩනය ඉවසා ගෙන  ඔළුව පාත් කරගෙන සි⁣ටින්නට මුළු රටටම සිදු වී තිබේ.මේ මිල්ටෙරි කාරයන්ගේ රාජකාරිය උතුරේදීත් නැගෙනහිරදීත් දකුණේ රාජකාරියට වඩා සාහසිකය.වාර්ගිකත්වය හා ආගමිකත්වය අනුවද ප්‍රචන්ඩශීලීය.මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩු පාලනයේ සුවිශේෂී ලක්ෂණය වන්නේ මෙම ආඥාදායක මිල්ටරි කරණයයි.ඔහු ආරක්ෂක ලේකම් කාලයේ සිදු කරන ලද මෙලෙච්ඡ මිනිස් ඝාතනයන් නීතිය ඉදිරියේ සාධාරණීකරණය දණ්ඩ නීති සංග්‍රහයේ විනිශ්චය බල අධිකාරියට යටත්ව නොවේ.සමාජ මනෝභාවයන් තුළ ඔබා ඇති රණවිරු මුද්‍රාව යටතේය.මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා වීමෙන් පසුව මිනිස් ඝාතනයකට වරදකරු වී මරණ දඩුවම් ලැබ සිටින රත්නායක නම් සැරයන් වරයා⁣ට සමාව දී නිදහස් කර හරින්නේ සමාජයී  රණවිරු මනෝ භාවයන් තවදුරටත් උත්කර්ෂවත් කිරීම සදහාය.මෙම සැරයන් වරයා යාපනය මුරසිවිල් හී සිදු කළ සමූහ මිනිස් ඝාතනයට එරෙහිව ගත් නෛතික ක්‍රියා මාර්ගයට යටත්ව මහාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම් පමුණුවා තිබුණි.මෙම නඩු විභාගයේ සාක්ෂි වලදී හෙළි වී තිබුණ ආකාරය සැරයන් වරයා අවුරුදු පහක් වයසැති කුඩා දරුවෙකු ගේ ගෙග මන්නයකින් කපා දමා තිබේ.නඩුව විභාග කළ එක් විනිසුරුවකු ප්‍රකාශ කොට ඇත්තේ මෙම මිනිස් ඝාතනය ගැන සාක්ෂි විමසන විට තමන් විශාල තැති ගැන්මකට හා දැඩි කම්පනයකට පත් වූ බවය.මිනිසෙකුට මෙතරම් මෙලේච්ඡ බවින්  හැසිරීමට හැකිද යන්න ගැන තමන් පුදුම වන බවත් එම විනිසුරු වරයා කියා තිබේ.එහෙත් මිල්ටෙරි නන්දසේනට බලය තහවුරු කර ගැනීම සඳහා  ඔය මානුෂික කතා අදාල නැත.ඒ ඔහුට හෘද සාක්ෂියක් නැති බැවිනි.මේ වන විට මෙරට සමාජයට මිල්ටෙරි නන්දසේන වෙත මුදා හරින ලද මිලටෙරි ආධිපත්‍යය සාමාන්‍ය සිවිල් නීතිය අභියෝගයකට ලක් කරමින් තිබෙන අවස්ථා ගනනාවක් තහවුරු වී ඇතත් ඒ ගැන කටක් ඇර විරෝධය දක්වන්නට කිසිවකුත් නැත.සැබවින්ම මිල්ටෙරි නන්දසේන සිදු කර ඇත්තේ  ඔහුගේ දඩබල්ලන් රෑනක් සමාජය වෙත නිදහස් කිරීමයි.එහි සැබෑ වුවමනාව වන්නේ  සමාජය බියවද්දා සිය බලය පවත්වාගෙන යාම මිස වෙන දෙයක් නොවෙි.එහිදී මේ දඩ බල්ලන් තම ස්වාමියාගේ නියෝග හා උපදෙස් වලට වඩා ඉදිරියට යමින් ඒ බලය යොදාගනිමින් තම පෞද්ගලික අවශ්‍යතාද  තමන්ට පැවරුණ මිල්ටෙරි බලයෙන් සිදු කර ගන්නා අවස්තාද නැත්තේ නොවේ.පසුගියදා නිළ ඇඳුමෙන් සැරසී නාරාහේන්පිටදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා පොලීසියේ කෝප්‍රල් වරයකු මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් අත් අඩංගුවට ගත් විට ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එහි අධ්‍යක්ෂ වරයාට ඡ්‍යෙෂ්ඨ පොළිස් නිළධාරීන් ඉඩ දී නැත.එහිදී පොලීසියේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ වරයාට අනවශ්‍ය ප්‍රශ්න ඇති ⁣කරගන්නේ නැතුව මෙම යුදා හමුදා පොලිස් කෝප්‍රල්වරයා මුදා හැර යවන ලෙසය.එහිදී අනවශ්‍ය ප්‍රශන ලෙස අර්ථ කතථනය වෙන්නේ මිල්ටෙරි නන්දසේන විසින් සාමාන්‍ය පොලිස් සේවය යටපත් කරගෙන මෙරට නෛතික පද්ධතිය මත විහිදුවා ඇති මිල්ටෙරිි බල ආධිපත්‍යයයි.කෙසේවෙතත් මෙම සිදුවීමට පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉල්ලා අස් වෙන ලදී.ඊයේ පෙරේදා දවසක මෝදර පොලිස් වසමට අයත් සමිට්පුර ඇතිවූ මෙවැනි සිදුවීමක් අපට වාර්තා වී තිබේ.මෝදර සමිට්පුර ග්‍රාමසේවා නිළධාරිණතෙයගේ සැමියා හමුදා නිළධාරීන් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් දස වද දී මරා දමා තිබේ.සමිට්පුර පදිංචිව සිටි අඛිල නම් වූ මෙම තැනැත්තා හමුදාව විසින් මෙසේ මරා දැමීමට හේතුව ලෙස අනාවරණය වන්නේ ඔහුගේ බිරිඳ වූ ග්‍රාමසේවා නිළධාරිණිය හා හමුදා නිළධාරියකු අතර පැවැති අනියම් ප්‍රේම සම්බන්ධයයි.මේ අනියම් ප්‍රේම සම්බන්ධය ඇති වී තියෙන්නේ හමුදාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිළධාරීන් එකට එක්ව කොරෝනා රාජකාරිවලදී බව දැන ගැන්මට තිබේ.මේ ප්‍රේම සම්බන්ධය අනාවරණය වූ විට අඛිල සිය බිරිඳ සමග තහනම් ගහේ ගෙඩි කන  හමුදා නිළධාරියාට තර්ජනය කර ඇත.හමුදා නිළධාරියා තම මිතුරන් කණ්ඩායමක් හා එක්ව අඛිල පැහැර ගෙන ගොස් මරා දමා ඇත්තේ  ඉන්පසුවය.මෙම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු බාරව මෝදර පොලිස් බල ප්‍රදේශයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය කටයුතු කරන ලදී.එම විමර්ශනවලට අදාලව මෙම මිනිස් ඝාතනයට මෝදර යුද කඳවුරේ හමුදා නිළධාරියකු සම්බන්ධ බව අනාවරණය කර ගැනිනි .මේ සමග සිදු කළ දුරකතන සම්බන්ධතා විමර්ශන මගින්ද එය වැඩිදුරටත් තහවුරු  කර ගන්නා ලදී.එහෙත් ⁣මෙම මිනීමැරුම සිදු කළ හමුදා නිළධාරියා ප්‍රශ්ණ කිරීම සඳහා අඩංගුවට ගැනීමට මෝදර හමුදා නිළධාරීන් ඉඩ ලබා දී නැත.චුදිතයා මෝදර හමුදා කඳවුරේ රැකවරණය ලබමින් හැංගී සිටින බව අදාල මිනිස් ඝාතනයේ විමර්ෂනයට සම්බන්ධ වූ පොලිස් නිළධාරින් විසින් පවසා සිටී. මිල්ටෙරි නන්දසේන සමාජය තුල මුදා හැර ඇති මිල්ටරිකරණයට ඇති බලය හා ශක්තිය පිළිබඳව දන්නා පොලිස් නිළධාරීන් ද සිය ඉදිරි රාජකාරිය ඉටු කිරීමට පැකිළෙමින් සිටින්නේයඅද මෙරට පවතින මිල්ටෙරි කරණය වූ  සමාජ වටපිටාව මේ අකාරයෙනි.සිදුවීම් සිද්ධවන්නේ හුදකලාවය.ඒ නිසා මහා පොදු සමාජයට මේ සිදුවීම් ගැන කම්පනයක් ඇති වන්නේද නැත.මාධ්‍ය මගින්ද හමුදා වලින් සිදු වන වැරදි අනාවරණය කරන්නේ නැත.හමුදා නිළධාරියකු යම් වරදකට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විට අධිකරණයද හැසිරෙන්නේ ආතක් පාතක් නැති බයාදු ආකාරයෙනි.⁣ මිල්ටෙරි මදාවිකාර සාහසික ක්‍රියා කාරකාරකම් සමාජයේ සියළු සංස්ථවෙන්  ඉවසා දරා සිටින පරිසරයක් නිර්මාණය වී තිබෙන බව අපේ අදහසයි. ඒ ගැන සිතන විට අපට මතක් වන්නේ නාසීන් විසින් ඝාතනය කළ “මාර්ටින් නිලමෝර් පියතුමාගේ” සුප්‍රසිද්ධ ප්‍රකාශයයි.

“…….ඔවුහු කොමියුනිස්ට් වාදීන් සොයා ආහ.මා කොමියුනිස්ට් වාදියෙකු නොවූ නිසා ඊ⁣ට විරුද්ධව කතා නො⁣කළෙමි.
ඉන්පසු ඔවුහු යුදෙව්වන් සොයා ආහ.මා යුදෙව්වකු නොවූ බැවින් ඊට විරුද්ධව කතා නොකළෙමි.
ඉන්පසු ඔවුහු වෘත්තීය සමිති කරුවන් සොයා ආහ.මා එවැන්නකු නොවූ නිසා ඊට විරුද්ධ නොවූයෙමි.
අනතුරුව ඔවුහු කතෝලිකයන් සොයා ආහ.මා ප්‍රොතෙස්තෙන්ත ලබ්ධිකයකු නිසා ඊ⁣ට විරුද්ධව කතා නොකළෙමි.
අන්තිමට ඔවුහු මා සොයා ආහ.ඒ වන විට ඊට එරෙහිව කතා කරන්නට කිසිවකු ඉතිරිව සිටියේ නැත. 

මිල්ටෙරි නන්දසේනගේ වැඩ කිඩ නිසා මෙරට සමාජයටද ඉදිරියේදී මුහුණපාන්නට වන අතිශය ඛේදජනක ඉරණම මාර්ටින් නිලමෝර් පියතුමාගේ ප්‍රකාශය හා  ගලපා ගත්තාට වරදක් නැති බව අපට පෙනී යන්නේය.




Spread the love

Leave a Comment

You may also like