ලක්ෂ්මන් කියන නම ඇහැව්වාම අපට මතක් වෙන අයවළුන් කිහිප දෙනෙක්ම සිටී.ඒ අතර රාමායනයේ ලක්ෂ්මන් කුමාරයාද හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර්ද සංඟීතඥ ලක්ෂ්මන් විජේසේකර ද සිටී.හැබැයි වෙන අයට වෙන වෙන අයවළුන් මතක් වෙන්නටද පුළුවන.අද අප කතා කරන ලක්ෂ්මන් මෙරට මහ බැංකුවේ අධිපතිවරයාව සිටි සමිමානිත මහචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්ය.වයස අවුරුදුු අසූවකි. ඔහු මහ බංකුවේ අධිපති පදවියට පත්වන්නේ මිල්ටෙරිි නන්දසේනගේසෞභාග්‍යයේ දැක්ම මෙරට මහ පොළවේ පැල කරන්ටය.මේ ලක්ෂමන් මිල්ටෙරි නන්දසේන බලයට ගෙන ඒමට දර දිය ඇදි මහා වියතෙකි .මෙරට බොහෝ වියතුන් මිල්ටෙරි නන්දසේනට ආකර්ශනය වීමටද මෙවැනි සම්මානිත මහචාර්යවරයා වැන්නන් හේතු වූ බව ප්‍රකාශය කළ හැකිය.ඒ වියතුන් අතර ගොබ්බයන්ද සිටියේ නැතුවා නොවේ.
ඒ ගොබ්බ වියතුන් ගේ හැඳුනුම්පත් කවරේදැයි පිළිබඳව ලියා මෙහි හඳුන්වා නොදී සිටියාට අද ආණ්ඩුවේ නියෝජනය කරමින් ඒ වාහෙලා කරන කියන දේ ඇහෑව්වාම සතා කවුදැයි කියා අමුතුවෙන් කියා දෙන්නට ඕනෑ නැත.ඒ වියතුන් දෙකයි පනහේ සිල්ලර බඩුය.මිල්ටෙරි නන්දසේන ගේ එහෙයියන්ය.මිල්ටෙරි නන්දසේන ගේ ගෙරවිල්ලට ඒ ගොබ්බ වියතුන්ට චූ යනවාය.ඔහුට එරෙහිව කටක් අරින්නට ඒ උන්දැලාට කොන්දක් නැත.අද රටේ සිද්ද වෙමින් පවතින මහා ව්‍යසනය ගැන ඇත්ත ඇති සැටියෙන් මහජනතාවට කරුණු දක්වන්නට මේ අයට බැරි වී ඇත.සෞභාග්‍යයේ දැක්ම පිළිබඳව එදවස මොවුන් ප්‍රකාශ කළ කතා අද බන්දු සමරසිංහගේ මෝඩ ආතල් විහිළුවක් වගේ වී තිබේ.රටේ ජනතාව ඉන්නේ පාන් කියාගන්න බැරුවය. ආණ්ඩුව සිටින්නේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමදැයි යාන්තමටවත් හිතන්නේ නැතුව හිතක් පපුවක් නැති ගානටය.බඩුමිල අහස උසටය.බඩු මිල පාලනයට ආණ්ඩුව පෙන්වන මැජික් වලින් මල්ල කරේ මිල්ටෙරි නන්දසේනගේ ගජමිතුරු තක්කඩි බිස්නස් කාරයන්ටය.මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව බඩු මිල ඉහල දාන්නේ අමුම අමු තක්කඩි විදියටය.රටම මුළා කරන ඒ කපිටි සැළසුම මෙහෙමය.ජාවරමිකාර තක්කඩි බිස්නස් කාරයන් ඉහළ දාන්ට ඕනෑ කරන භාණ්ඩය සඟවා වෙළඳපොළ තුළ ඒ භාණ්ඩයේ හිඟවගයක් ඇති කරයි.මේ හිඟය ඇති වන හා ඇති කරණ ආකාරය ගැන මිල්ටෙරි නන්දසේන නොදැන ඉන්නටද හේතුවක් නැත්තේ මේ තක්කඩි ජාවරම්කාරයන් කන්නේ බොන්නේ රෙන්නේ රාජපක්ෂ බංඟලාවේ නිසාය.කෘතිම බඩු හිඟයත් සමගම ඒ භාණ්ඩ වල පාලන මිල සඳහන් කොට මිල්ටෙරි නන්දසේන ගැසට් අච්චු ගහයි.ඒ ගැසට් එකේ තියෙන පාලන මිල භාණ්ඩ හිඟයට පෙර තිබූ මිලට වඩා සියයට විස්සකින් විතර වැඩිය.පාලන මිලේ චාන්ස් එක ගජ මිතුරු බිස්නස් කාර තක්කඩියන්ටය.මිල්ටෙරි නන්දසේනගේ නූල් සූස්තර ගේම් ඔහොමය.මොලේ හතේ ඇමරිකන් කාරයා මෙරට මුදල් ඇමති විදියට පහුගිය දොහේ පාර්ලිමේන්තුවේදී මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑවේය කියා කිව්වෙි මේ රටේ ඉදිරිය ගැන මෙරට ජනතාවට අඟවන්ටය.ඒ කවිය රාජපක්ෂ කාලකණ්නියන්ට අපූරුවට ගැලපේ.මෙරට ජනතාව කවර අසරණ කමකට වැටී සිටියද උන්ට ගානක් නැත.කාලකණ්නි රාජපක්ෂ පවුලේ හැම එකාම හොයන්නේ මලමිණී විකුණා හෝ ගානක් කපා ගන්නටය.රාජපක්ෂ කාලකණ්නියන් අමුම අමු තිරිසනුන්ය.මහ එකාගේ සිට පවුලේ හැම එකාම රඟපෑමට දස්සය.මේ රඟපෑමේ දස්සකම නිසාම මේ රටේ හැම එකාම මේ තක්කඩි පවුලට දේවත්වයෙන් සළකන ආකාරයේ විශ්වාසයක් ගොඩ නැගී තිබුණි.කාලකණ්නි රාජපක්ෂ අප්පලා බාප්පලා පුතාලා මස්සිනා එකට එක්වී සිදු කළ මහා මිනිස් ඝාතනයන් ගැන අවි ආයුද මිලයට ගැනීමේදී ගත් කොමිස් මුදල් ගැන පොදු දේපොළ අයුතු ලෙස භාවිතා කරමින් හා වංචා කොට උපයා ගත් මහා මුදල් කන්දරරාව ගැන මේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙකු විශ්වාස නොකළහ.
මේ කාලකණ්නියන්ගේ සැබෑ ස්වරූපය අනාවරණය කළ මාධ්‍යවේධීන් කිහිප දෙනෙකු වල පල්ලට ගිය අතර තව කිහිප දෙනෙකු රට අත්හැර පලා යන ලදී.යහ පාලනය අවදියේ මේ තක්කඩියන්ගේ බොහෝ වංචාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගත් අතර ඒවා සම්බන්ධයෙන් නෛතික ක්‍රියා මාර්ග වලට එළඹීමට නොහැකි තත්වයක් උදාවූයේ යහපාලනය පාර්ශවයේ නීතිය පිළිබඳව වගකීම් දැරූ බොහෝ අයවළුන් කාලකණ්නි රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කු කුක්කන් වීම නිසාය.එසේත් නැතහොත් අගමැති රනිල් හා මහින්ද තක්කඩියා අතර පැවැති සහ සම්බන්ධය නිසාය.
එහෙමත් නැතිනම් වජිර අබේවර්දන විජේදාස රාජපක්ෂ සාගල රත්නායක වැනි දේශපාලන බඩජාරී දෙබිඩ්ඩන් නිසාය.මේ රොත්තම එකට ගොනු කර ගත් විට උන්ගේ එකම වුවමනාව වූයේ කාලකණ්නි රාජපක්ෂවරු දඩුවමෙන් ගලවා ගැනීමය.මේ තක්කඩි වංචාකාරී කුලකයට අයත් නොවූ තවත් පිරිසක්ද මෙරට සිටී
.”..ඒ රාජපක්ෂ කාලකණ්නියන්ගේ වැසිකිලි හෝදන තරමට නිවට නියාළුව ඔවුන් හා රහසේ ගණුදෙනු කරන මෙරට අධිකරණයේ විනිශ්චයකාර පිම්පියන්ය.සමහර ගණිකා විනිසුරු වරියන් මහ රාජපක්ෂ හාමුට රෙද්ද උස්සන ඈයෝ වූහ.ඒ ආනුභාවය නිසා ගෙදර යන ගමන් ඉහළ උසාවියට උසස් වෙන්නට මේ විනිසුරු ගණිකාවියන්ට හැකි වූූයේය.මෙරට අධිකරණය බල්ලා මාක් එකට දැමූ මේ කුපාඩි විනිසුරුවන් ගේ කෙරුවාව ජාතක කළ අම්මා අප්පාට පවා නිගරුවකි.උන්ගේ දරුවන්ට පවා විනිසුරු පදවිය පාවා දෙන සිය පියා හෝ මව ගැන හිරිකිතයක් ලැජ්ජාවක් ඇති වෙන්නේ නැති නම් පුදුමය.මෙි පිම්පි විනිසුරුවරුන් හා විනිසුරුවරියන් අදටත් රාජපක්ෂ කාලකණ්නියන් හා පයුරු පාසනයේ යෙදෙම්න් අධිකරණය තුළ පැවතිය යුතු ස්වාධීනත්වය ඉතා නීච ආකාරයෙන් පාවා දෙමින් සිටී.අපට මේ පිම්පි ගණිකා විනිශ්චයකාර ගෑනුු පිරිමි දෙපාර්ශවයෙන්ම අසන්නට තියෙන්නේ හැබෑටම තොපිට ලැජ්ජාවක් කියා එකක් නැද්ද කියාය…”
කාලකණ්නි රාජපක්ෂ පවුල හිතා ගෙන ඉන්නේ අපට බලය තියෙනවා.ඒ නිසා ඕනෑම දෙයක් කරන්නට පුළුවන් කියාය.
මේ රටේ ජීවත්වන අසරණයන් ගේ ජීවිත ගැන අබමල් රේණුවක අනුකම්පා වක් නැතුව මේ පාදඩයන් සිද්ධ කරන ගැහැලි හැංගිලි කෙළවරක් නැත.රාජපක්ෂ කාලකණ්නියන් හිතාගෙන ඉන්නේ රාජ්‍ය නිළධාරීන් හැම එකාම උන්ගේ යටත් වැසියන් කියාය.රට පාලනයේ හැම කෙරුවාකටම ගොබ්බ මිල්ටෙරි ජනරාල්ලා යොදාාගෙන රාජ්‍ය සේවකයන් තැති ගැන්වීමකට හා බිය ගැන්වීමකට ලක්කරමින් රට තුළ මිල්ටෙරිකරණය තහවුරු කිරීම කර ගැනීම කාලකණ්නි රාජපක්ෂ වරුන්ගේ අපේක්ෂාව වී ඇති බව දැන් සිදු වෙමින් සිද්ධ වෙන දේවල් වලින් අපට තහවුරු වෙමින් පවතී.මෙලෙස රට තුළ මිල්ටෙරි ආධිපත්‍යක් මුදා නොහැරියොත් හෙට අනිද්දා වෙන විට රටේ ජනතාව මුන්ගේ කැවුුුතු කන්නට එළියට බහින එක සිකුරුය .ඒත් ඒ ජනතා නැගිටීම නැවත්වීමට දැන්ම සමාජය බිය වද්දා තැබීමට මේ කාලකණ්නියන් අදහස් කර ගෙන තිබේ.මිල්ටෙරි නන්දසේන ගේ සියළු ක්‍රියාකාරකම් සිද්ධ වන්නේ ඒ අදහස තුළය.එහෙත් මේ වන විට කාලකණ්නි රාජපක්ෂලා සමග නිදි වැදී සිටි වියත්මග නියෝජනය කළ. බුද්ධිමතුන් හා විශේෂඥයන් බොහෝ දෙනෙකු ඔවුන් අත හැර යාමට පටන් අරගෙන තිබේ.
වෛද්‍ය විශේෂඥයන් තුන් දෙනෙකු පසු ගියදා කෝවිඩ් බලකායෙන් ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතූන් නිසා බව ප්‍රකාශ කරමිනි.එහෙත් ඒ ඉල්ලා අස්වීම් සිදුවූයේ වෛද්‍ය විශේෂඥ අදහස් නිර්දේශ උපදේස නොතකා මිල්ටෙරි නන්දසේන කටයුතු කරන නිසා බව අපි දනිමු.මිල්ටෙරි නන්දසේන තමන්ගෙ මතය මිස අන් අයෙකුගේ අදහසක් හෝ උපදෙසක් ගැනීමට අකමැති මැටි මෝල් තකතිරුවෙකි. මිථ්‍යාදෘෂ්ඨික විශ්වාසයන්හී එල්බ ගෙන කාලී යක්ෂණියට පුද පූජා පවත්වමින් අමු අන්ධ භූතයෙකු ලෙස හැසිරෙන මිල්ටෙරි නන්දසේනට දැනුමැත්තන් ඇලජිකය.මේ මෝඩ ගොබ්බයාට ගැලපෙන්නේ හමුදාපති වැනි තවත් මැටිමෝලෙක් පමණකි.
මේ ගොබ්බ් හමුදාපතියා සති දෙකකට පාරක් සීනි ගම දේවාලයට ගොස් පුද පූජා පවත්වන බවට අපට සීනිගම දේවාලයෙන් ලැබෙන තොරතුරු වලින් දැන ගන්නට තිබේ.මේකා ඒ පුද පූජා පවත්වන්නේ මෙරට අගමැතිකම ලබා ගැනීමේ අදහසින් බවද ඒ සඳහා සීනිගම දෙවියන්ට බාර හාර වන බවත් ඒ තොරතුරු වල වැඩිමනත්ව දැක්වේ. මෙරට මාධ්‍ය මගින් වීරයන් ලෙස ඔසවා තබන්නේ මෙවැනි ගොම කුරුමිණියන්ය.මෙරට සමාජය තුල පවතින මිල්ටෙරි උන්මාදයට කිති කවා මිල්ටෙරි පදක්කම් එල්ලගෙන මාධ්‍ය වලින් පෙනී හිටිමින් මේ ගොම කුරුමිණියා යටි වල්ලේ දේශපාලන ගේමකට සූදානම්ව සිටිතැයි අපට මින් තේරුම් ගන්නට හැකිය.මෙවැනි ගොබ්බයෙකුට මෙරට අගමැතිකම දෙනවාය කියන්නේ ජනතාවට අබ සරණය.සීනිගම දෙයියන්ගේ පිහිටය.කෙසේවෙතත් මිල්ටෙරි නන්දසේන ගෙි හා කාලකන්ණි රාජපක්ෂ පවුලේ ඉදිරි ආරක්ෂාව ඇත්තේ මිල්ටෙරිය තුල පමණක් බව අපට විශ්වාසය.හැබැයි මෙරට හමුදා රෙජිමෙන්තු හැම එකක්ම මේ කාලකණ්නියන්ගේ වහළුන් වෙන්නට ඉඩක් නැත්තේය.
රාජපක්ෂ කාලකණ්නියන්ට රෙද්දේ මල මුත්තාරා යන්නේ ඒ බව තහවුරු වූ දවසටය.මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවෙන් මේ වන විට ගැලවී යන්නේ උගත් වියතුන්ය.එම ගැලවී යාමෙි ආන්දෝලනාත්මක සිදුවීම ලෙස දැක්විය හැක්කේ මීට දින දෙකකට පෙර මහ බංකුවේ අධිපති පදවියෙන් සම්මානිත මහචාර්ය ඩබ්.ඩී .ලක්ෂමන් ගේ අස්වීමයි.ඔහු සිය අස්වීම පිළිබඳව දැනුම් දීමට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුවේ ආර්ථික කළමණාකරනයේ පවතින දුර්වලතාව ගැන සඳහනක් කරන ලදී.එසේම ඔහු සිටියේ දැඩි කළකිරීමකිනි.
ඔහුගේ ප්‍රකාශයේ අන්තර්ගතය හොඳින් විමසා බලනවිට එම කළකිරීම මිල්ටෙරි නන්දසේන හා කාලකණ්නි රාජපක්ෂ පවුලේ ආඥාදායකත්වය නිසා සිදු වූවක් බව අපට වටහා ගත හැකිය.ඉල්ලා අස් වූ මහ බැංකු අධිපතිවරයා වේදිකාවෙන් බැස යන විට සිදු කළ කළකිරීමේ ප්‍රකාශය අනියමාර්ථයේ චෝදනා පත්‍රයක් විය.එහෙත් ඒ සිදුවීමට අදාල තිරයෙන් පිටුපස බලපෑම කවර ආකාරයේදැයි අපට දැන ගන්නට තිබේ.ඒ මෙසේය.මෙරටට ආනයනය කරන භාණ්ඩ හයසීයකට ආසන්න ප්‍රමාණයකට රේගු බදු සියයට සියය දක්වා වැඩි කොට රජයේ බදු ආදායම වැඩි කර ගතයුතුයැයි පුරවැසි හයිබ්‍රිඩ් මුදල් ඇමති වරයා මහ බැංකු අධිපති වරයාට නියෝග කර තිබෙි.නමුත් ආර්ථික විශේෂඥයකු වන මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එය මෙරට ආර්ථිකයට විශාල හානියක් වන බවය.ඔහුගේ තර්කය වී ඇත්තේ මේ බදු පැනවීම තුළ එහි ලේඛනගත භාණ්ඩ පරිහරණය කිරීමට හැකිවන්නේ සුපිරි පන්තියට පමනක් බවය.මෙහි ඇති දුරකතන වැනි යෙදවුම් මිල ඉහල යාමෙන් මෙරට අන්තර්ජාලයේ ව්‍යාපාර කරන ව්‍යාපාරික ජාලය බිඳ වැටෙන්නට ඉඩ ඇති බවටද ඔහු අනතුරු අඟවා තිබේ.ඔහුගේ ඉල්ලීම වී ඇත්තේ මේ පිළිබඳව විමර්ශනය කොට නැවත මෙි ලේඛනය ප්‍රතිශෝදනය කළ යුතු බවය.
එහෙත් කාලකණ්නි රාජපක්ෂවරු උද්දච්චය.ඔය කාගෙන්වත් උපදෙස් ගැනීමට ඔවුන් සූදානම්ද නැත.පුරවැසි හයිබ්‍රිඩ් මුදල් ඇමතියා මෙහිදී මහ බැංකු අධිපති මහචාර්ය වරයාට පිළිතුරු දී ඇත්තේ සිල්ලර මදාවි භාෂාවෙනි.”මේ හලෝ තමුසෙට බැරිනම් යනව ඕයි.අපට පුළුවන් මේක කරගන්න යැයි පුරවැසි හයිබ්‍රිඩ් මුදල් ඇමතියා මෙහිදී ප්‍රකාශ කළ වග අපට දැනගන්නට තිබේ.
මේ සාහසික ප්‍රකාශයත් සමග අවුරුදු අසූවක් වයසැති මහ බැංකු අධිපතිවරයා දැඩි ලෙස කම්පනයට පත් වූ බව ඔහුගේ සමීපතම ආරංචි මාර්ග පවසයි.මගේ ජීවිත කාලයටම මා මෙහෙම බැණුම් ඇසීමක් අසා නෑ.මගේ උගත්කම මේ ආකාරයටම පාච්චල් වීම ගැන මා දැඩි ලෙස දුක් වුනා.කිසිම අයකු යටතේ මා තවත් නම් රැකියාවකට නම් යන්නෑ යැයි ඔහු සිය සමිපතමයන්ට පවසා තිබේඔහුගේ නික්ම යාම සිදු වන්නේ මේ පුරවැසි හයිබ්‍රිඩ් මුදල් ඇමතියාගේ මදාවිකාර තර්ජනයෙන් වූ කම්පනයෙන් බව පැහැදිලිය.
ඔහු සිය තනතුරෙන් නික්ම යන විට මෙරට ආර්ථිකය තුළ පවතින ඉදිරි අවදානම ගැන ඉඟියෙන් කළ සඳහන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හදුනෙත්ති හා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ සිල්වා ආර්ථිකයේ පවතින අවදානම ගැන ප්‍රකාශත් අතර කිසිදු වෙනසක් නැති බව අපට පෙනීයයි.මහ බැංකු අධිපති වරයාගේ ඉල්ලා අස්වීම වාර්තා වෙන කාල සීමවේදීම සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් වරිය ලෙස කටයුතු කළ ඉෂිණි වික්‍රමසිංහද සිය තනතුරෙන් ඉල්ලා අස් වූවාය.ඇය දෙරණ ජාවාරම්කාරයාගේ අතිජාත මිතුරියයි.
කෙසේවෙතත් මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව හීනියට දෙදරමින් යන බව අපට හැඟේ.තැන තැන කුඩා ගෙරවිලිි අකුණු හඬද ඇසෙන්නට තිබේ.මහා කුණාටුවක පෙරනිමිති පහල වෙමින් පවතින බව අපි අවසන් වශයෙන් ලියා තබමු.