- මෙරට අලි කේස් යලි අරඹා තිබේ.අලි හා නිදන් කේස් කාලකණ්නි රාජපක්ෂ පවුලේ ජානගත කෙරුවාවල්ය.මේ වනවිට මේ අලි කේස් එක නිසා ඇති වුන පිපිරීම කෙසේද යත් මේ සිද්ධියට විරෝධය දක්වා සත්වෝද්යානයේ අධ්යක්ෂ ජනරාල්වරිය වූ ඉෂණි වික්රමසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.ඇයගේ ඉල්ලා අස්වීමෙන් පැහැදිලි වන්නේ මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව අරඹා ඇති මේ අලි ගණුදෙනුව නීති වරෝධී බවය.යහපාලනය අවදියේ නීති විරෝධීව ගෘහස්ථව රඳවා ගෙන සිටි අලි අත් අඩංගුවට ගෙන දෙහිවල සත්ව උද්යානයේ රඳවා තබන ලදී.එය එසේ කොට එලෙස නීති විරෝධීව අලි රඳවාගෙන සිටි පුද්ගලයන්ට එරෙහිව නීතිමය එරෙහිව අධිකරණ ක්රියා මාර්ග ගැණිනි.නීති විරෝධීව අලි රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් අධිකරණ ක්රියා මාර්ග ගත් පුද්ගලයන් සමාජයේ එසේ මෙසේ පුද්ගලයන් නොවේ.ඔවුන් කාලකණ්නි රාජපක්ෂ පවුලට ගජ මිතුරු ජාවාරම්කරුවන්ය.මේ ජාවාරම්කරුවන් පරම්පරාවෙන් පොහොසත් වූ අය නොවෙන අතර දේශපාලන සබඳතා හරහා තක්කඩි කමෙන් ආදායම් උපයා ගනිමින් ප්රභූ පන්තියට අළුතෙන් ඇතුළු වූ අය වේ .කෙතරම් මුදල් හදල් අත මිට ගැවසුනද සිය දිළිදු මානසිකත්වයට රාජකීයත්වයක් ආරෝපනය කර ගැනීම අපේක්ෂාවෙන් සිය නිවසේ අලියකු සුරතලයට ඇති දැඩි කරමින් සමාජය වෙත සිය මහප්රාණ අධිපතිවාදය සමාජය මුදා හැරීමට ඔවුන් උත්සාහ කළහ.
- මහින්ද රාජපක්ෂ ජනපති වරයාව සිටියදී හොර අලි ජාවාරම ජයටම සිද්ධ වූයේ මේ නිසාය.මෙම හොර අලි ජාවාරමට සියළු ආරක්ෂාව සැපයන ලද්දේ එවකට ආරක්ෂක ලේකම්වූ මිල්ටෙරි නන්දසේන ගේ අනු දැනුම යටතේය.අලි ජාවාරමේ ප්රධානියා වූයේ උඩුවේ ධම්මාලෝක නම් චීවරධාරියාය.මෙම චීවරධාරියා හා සම්බන්ධව වනයේ සිටින අලි පැටව් ඇල්ලීමේ කාර්යය සිදු කරන ලද්දේ මහරගම අලි රොෂාන්මේ මහරගම අලි රොෂාන් නැමැත්තා අමුම අමු සිත්පිත් නැති මෙලේච්ඡයෙකි.මහින්ද ජනපති සමයේ හබරණ දුම්රිය මාර්ගයේදී දුම්රියට හැපී විශාල වශයෙන් අලි මැරුණේ මේ මහරගම අලි රොෂාන් ගේ තිරිසන් මෙහෙයුම නිසාය.ඇත් පැටවකු සිටින අලි රැළ දුම්රිය මාර්ගයට එළවා පැටවා තනි කිරීම මේ තිරිසනාගේ ක්රියාව විය.මෙලෙස අලි රැළ දුම්රිය මාර්ගය දෙසට එළවන්නේ දුම්රිය යන එන වේලාවටය.සිය රැළෙහි අලියකු දුම්රියට හසු වී වේදනාවෙන් කෑ ගසන විට ඇලි රැළ නන්නාත්තරවේ.රැළෙහි සිටින අලි පැටවු පිළිබඳව අලින් තුළ පැවැති අවධානය මෙහිදී වෙනතකට යොමු කෙරේ.මහරගම අලි රොෂාන් නම් මෙලෙච්ඡයා අලි රැළෙන් පැටියා වෙන් කොට ඉතා සැළසුම් සහගතව අල්ලා ගන්නේ ඉන්පසුවය.ආරක්ෂක ලේකම් වූ මිල්ටෙරිි නන්දසේන ගේ උපදෙස් මත මහරගම අලි රොෂාන් නම් මේ මෙලෙච්ඡයාට විශේෂ ආරක්ෂක බලකායේ ආරක්ෂාව සැලසිනි.එලෙස අල්ලා ගත් අලි පැටියා ගෙන එන්නේ උඩුවේ ධම්මාලෝක නම් චීවරධාරියා සිටි ඇලන් මැතියනාරාමයටය.ඉන් පසු අලි පැටවා අලෙවි වූයේ ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන රෙකමදාරු කෙරෙන ගජ මිතුරු ජාවාරම් කරුවෙකුටය.මිල ගණන තීරණය කරන්නේ ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේනය.
- කෙසේවෙතත් මිල්ටෙරි නන්දසේනගේ නිවසේ සිටියදීද යහපාලනය කාලයේදී අලි පැටවු දෙදෙනෙකු අත් අඩංගුවට ගත් අතර එහෙත් මිල්ටෙරි නන්දසේනට නඩු පැවරීමක් පවා සිදු නොවීය.ඒ රාජපක්ෂලා හා යහපාලනය තුල පැවැති යටි ගණු දෙනු නිසාය.මේ සිදුවූ අලි ගණු දෙනු සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අතර වඩාත් ප්රසිද්ධ වූයේ කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයෙකුද වු තිලිණ ගමගේ නීති වීරෝධීව ඇත් පැටවකු රඳවා ගැනීම හා ජනපති මහින්ද රාජපක්ෂගේ සමීපතමයකු වූ සජින් වාස් ගුණවර්ධන රඳවා ගෙන සිටි ඇත් පැටවා ගැනය.මෙම මහෙස්ත්රාත් වරයාට එරෙහිව නීතිය ක්රියාත්මක කොට වැඩ තහනමකට ලක් වුවද අද වන විට ඔහු නැවත සේවයේ පිහිටුවා තිබේ.
- උඩුවේ ධම්මාලෝක නම් චීවරධාරියාට එරෙහිවද අධිකරණ ක්රියා මාර්ග ගත්තද එම නෛතික ක්රියාවලිය විහිළුකාර ස්වරූපයක් ගන්නා ලදී.තමා සන්තකයේ සිටි අලි පැටවා තමාට ලැබුණේ කවරකු හෝ රාත්රියේ විහාරස්ථානයට ගෙනවිත් දමා සිටියදී බව උඩුවේ ධම්මලෝක අධිකරණය වෙත කරුණු දක්වා කියා සිටියේය.එතෙක් සමාජය දැන සිටියේ විහාරස්ථාන වලට බලු බළල් පැටියන් ගෙන විත් දමන බව පමණකි.මේ විහිළුකාර සිදූවීම අධිකරණය පිළිගැනීම පවා විස්මය දනවන කරුණක් විය.එහෙත් කාලකණ්නි රාජපක්ෂ වරුන්ගේ කක්කුස්සි හෝදන විනිසුරුවරුන් මෙරට අධිකරණය තුළ සේවයේ නිරතව සිටි බැවින් එය තතු දන්නන් හට අරුම පුදුම සිදුවීමක්ද නොවීය.
- ඒ සමාන සිදුවීමක් වූයේ යෝෂිත රාජපක්ෂ නම් පාදඩයා විසින් අයුතු ලෙස උපයාගත් දේපොළක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පවරා තිබූ ගල්කිස්ස මහේස්ත්රාත් උසාවියේදී පවරා තිබූ නඩුවය.එම නඩුව විභාගයට ගත් අවස්ථාවෙි එහි සාක්ෂි කාරියකු වූ ජනපති මහින්දගේ බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂගේ මෑණියන් ඩේසි වික්රමසිංහ අධිකරණය ඉදිරියේ ප්රකාශ කරන ලද්දේ “බඩ කොර වෙන තරමට” හිනා විය හැකි සාක්ෂියකි.ඇය අධිකරණයේදී සාක්ෂි දී සිටියේ තමන්ගේ නිවසේ දොරකට කවරකු හෝ මැණික් මල්ලක් ගෙන විත් දමා තිබුණ බවත් එහි තිබූ මැණික් අලෙවි කොට සිය මුණුබුරා වූ යෝෂිතට අදාල දේපොල මිලයට ගැනීමට තමන් විසින් මුදල් දුන් බවත්ය. අධිකරණය ඩේසි ආච්චිගේ සාක්ෂිය විශ්වාස කරන ලද්දේය.සැබැවින්ම මේ නඩු ඇසූ මහේස්ත්රාත්වරුන් අද සමාජයේ ජීවත්වන්නේ රෙදි ඇඳගෙන දැයි අපට ප්රශ්ණයකි.
- මේ සත්වයින් මෙරටට ජාතක කළ දෙමවුපියන්ට පවා නිගරුවක් මේ විහිළුකාර විනිශ්චයන් තුළින් සිදු වූ බව ඒ පිම්පි නඩුකාර වාහේලාට තේරෙනවාදැයි අපි නොදනිමු .කෙසේවෙතත් ලංකාවේ සමහරු විනිසුරුවරුන් දේශපාලන පිම්පියන් වී සිටින බවට මේ විනිශ්චයන් හොඳටම සාක්ෂි වන්නේය .අද සිද්ධ වන්නේ යහපාලනය දවස්වල සිද්ධ වූ විනිශ්චයකාර පිමිපියන් ගේ විහිළුකාර නඩු තීන්දු වල දෙවන කොටසයි.සැබවින්ම මේ විනිසුරු පිම්පියන් අලි ජාවාරම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ කොන්ද නැති පොලීසිය හා වන සංරක්ෂන දෙපාර්මේන්තුවේ එහෙයියන් ගැනද අපට ඇති වන්නේ දැඩි කණගාටුවකි.වේදනාවකි.ලැජ්ජාවකි.හිරිකිතයකි. මෙි සියල්ලන් අම්මා අප්පා ගෙන් ජාතක වූ මිනිසුන් ලෙසට සිතිය නොහැක.ඒ මුන්ට මානව වර්ගයා තුළ පැවතිය යුතු හෘද සාක්ෂිය නොමැති බැවිනි.
- මේ අසික්කිත ගනුදෙනු වලට සම්බන්ධ වූ සැමට කවර හෝ රජයක් යටතේ දඬුවම් පැමිණවිය යුතු වන්නේය.මෙහිදී විශේෂයෙන් දඬුවම් දිය යුත්තේ මෙරට අධිකරණය ගණිකා වෘත්තයේ යෙදවූ තක්කඩි අමන විනිශ්චයකාරවරුන්ටය.මෙි පාහරයන්ට කවදා හෝ එවැනි දඬුවමක් නොදී පීලි පැන ඇති අධිකරණය නිසි මගට ගත නොහැකි බව සටහන් කරමු.
- මෙහිදී ඉෂිණි වික්රමසිංහ වැනි එඩිතර තීන්දු තීරණ ගන්නා කාන්තාවන් මෙරට සමාජයේ සිටීම ගැන සමස්ත සමාජයම ආඩම්බර විය යුතුය.මේ තක්කඩි සමාජය තුල අලි ජාවාරම නැවත ඇරඹී ඇති බව පැහැදිලිය.මෙරට පිම්පි අධිකරණය මගින් නම් මේ මෙලෙච්ඡ අලි ජාවාරම නැවැත්වීමට කටයුතු නොකරන බව විශ්වාසය.පාස්කු බෝම්බ ප්රහාරයක් කොට ඉතා තිරිසන් ලෙස මහා මිනිස් ඝාතනයක් කොට බලය ලබා ගත් කාලකණ්නි රාජපක්ෂ වරුන් අලි වෙළඳාම පමනක් නොව නිදන් හොරකමේද යෙදේ.
- පරිසරය විනාශ කරමින් ඉඩ කඩම් අක්කර ගනන් විදේශිකයන්ට විකුණා කොමිස් මුදල්ලබා ගනිමින් සිටී.මේ කාලකණ්නියන්ගේ මුදල් හම්බ කිරීමේ ආශාව කිසි දිනක නවතින්නේ නම් නැති බව සහතිකය.ඒ තරමට මේ කාලකණ්නි රාජපක්ෂ පවුල ලැජ්ජා නැති සත්වයින්ය.
- කෙසේවෙතත් මේ තිරිසන් කාලකණ්නියන්ට නීතියෙන් දඬුවම් නොලැබෙතත් කවදාා හෝ විඳවන්නට සිදු වෙනු ඇති බව නම් නිසැකය.එය ස්ථිරය.